ආරාමේ බෝ ගස සහ මම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ පොඩි දෙයකින් පවා දිර්ඝ කාලිනව ලැබෙන සතුට කියන්න....

    මම අවුරුදු කීහිපයකට උඩදි නැවතිලා හිටපු ස්ථානයෙන් ටිකක් පහලා තිබුනා මෙහෙණි ආරාමයක්,එකට ගොඩක්ම ගියේ එ හරියේ ජිවත් උනු පරණ අය,අලුතෙන් ආපු අය නෙමෙයි,දවසක් මටත් එ ආරමයට යන්න ඔනේ කියල හිතිලා ගියා,යනකොට ලොකු මැණියෝ බෝ ගහ යට බෝ කොල අහුල අහුල ඉන්නවා,කළකිරුණ සොබාවයෙන්,එ සැරේ මම ඇහැව්වා මොකද්ද මැණියෝ ප්‍රශ්නය,ගහට ලෙඩක් හැදිලද කියල ?,එ සැරේ කිව්වා ඔව් පුතේ මේ බෝ ගහ මැරෙන්න යන්නෙ ඔක්කොම කොල වැටෙනවා ලෙඩක් හැදිලා කියල,පස්සෙ මම ඇහැව්වා ගන්නොරුවට වත් කලා කලේ නැද්ද මොකක් හරි අදහසක් ගන්න කියල,එ මැණියෝ ගන්නොරුවක් ගැන අහලවත් නැ,පස්සෙ මම,මම දන්න සර්වෝධයේ සිඩ්ස් එකේ වැඩ කරන නිළධාරිනියක් සම්බන්ධ කරලා ගහේ රෝගය අඳුරගන,කිව්ව විදියට එ ආරමේ දායකයෝ බෙහෙත් කලා,ඉට පස්සෙ ගහේ තිබුන ලෙඩේ නැති උනා,කලින් ගමේ අය එක එක බෙහෙත් කරල කිසි එකක් සාර්ථක වෙලා නැ,ඉතින් මේ සිද්ධියෙන් පස්සේ පෝයකට එහෙම මම එ ආරමයට ගියොත් ලොකු මැණියෝ මාව අනික් කට්ටියට ගහට බෙහෙත් හොයලා දුන්න පුතා කියල අඳුන්වලා දෙනවා,ඉතින් බෝ ගහක් නෙමෙයි කොයි ගහක් උනත් මෙහෙම බේරගන්න තියනවා නම් වටිනවා,නමුත් එ මිනිස්සු මට එ වැඩේන් දිපු ආශිර්වාදය තාමත් මගේ හිතේ තියනවා....මේ තියෙන්නෙ එ ගහේ කොලයක්...මේ පොඩි දේ ඇති දිර්ඝ කාලිනව එක මතක් කරලා සතු‍ටු වෙන්න......

    SLM0bir.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මහත්තයා ගන්නෝරුවේද වැඩ කරන්නේ? අපෙත් පොල් ගහකට සත්තු අල්ලලා. මොකද කරන්නේ ඒකට?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    මහත්තයා ගන්නෝරුවේද වැඩ කරන්නේ? අපෙත් පොල් ගහකට සත්තු අල්ලලා. මොකද කරන්නේ ඒකට?
    එළකිරි එකේ මහත්තුරු නැ සහෝදරයා,ඉන්න සහෝදරු විතරයි :D ,මම ගන්නොරුවේ නෙමෙයි

    https://www.youtube.com/channel/UCGkhranecOMtDs9aqqQxYWQ/videos

    menna me YT site ekata comment ekak danna saho
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    මහත්තයා ගන්නෝරුවේද වැඩ කරන්නේ? අපෙත් පොල් ගහකට සත්තු අල්ලලා. මොකද කරන්නේ ඒකට?
    ලඟම තියන ගොවිජන සේවා එකකට ගිහින් පොල් මහත්තය හම්බවෙලා විස්තරේ කියපන්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලඟම තියන ගොවිජන සේවා එකකට ගිහින් පොල් මහත්තය හම්බවෙලා විස්තරේ කියපන්.
    ඒක තමයි මාත් කල්පනා කරේ මොකද කරන්නේ කියලා. පොල් ගෙඩි මහා වෙන්නේ නැහැ. කුරුමිනියෙක් පොල් ගෙඩි කනවා. ඊට පස්සේ පොල් ගෙඩි වේලිලා බිමට වැටෙනවා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    තංච කම්මං කතං සාධු
    යං කත්වා නානුතප්පති,
    යස්ස පතීතො සුමනො
    විපාකං පටිසෙවති.


    යම් කර්මයක් (ක්‍රියාවක්) කොට සත්ත්ව තෙමේ (අපි) නො තැවේද, ඒ කර්මයක්හුගේ ඉෂ්ට විපාකය (යහපත් ප්‍රතිඵල) පී‍්‍රති සහගතව, සුන්දර සිත් ඇතිව අනුභව කෙරේද, එබඳු කුසල කර්ම මකිරීම මැනැවි.

    යථා’පි පුප්ඵරාසිම්හා – කයිරා මාලා ගුණේ බහූ
    ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං


    “දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල් ම යි කරගන්න ඕනෙ.”