ආරි-මාමා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආරි මාමා අදත් බීලා බං....
    ගිහිං බලමු මොකද කියලා දැං ...

    වලං පිගං විසි කරගෙන
    රෑ ජාමෙට තොවිල් නටන....
    ඊට පස්සෙ තව මොනවද..
    ලස්සන පොඩි කතා කියන...
    ආරි මාමා අදත් බීලා බං......
    කරටි කඩං මෑන් වැටිලා දැං.....

    ගිහිං බැලුවා ඇහින් දැක්කා
    මොනවද මේ වෙන්නෙ කියලා....
    ආරි මාමා අදත් බීලා බං......
    කරටි කඩං මෑන් වැටිලා දැං.....

    ප්‍රේමවතී ප්‍රේමවතී දොර ඇරපං ගෑනියේ....
    ගෙනා ටොපී පොඩි එකාට දීපං ආ යෝදියේ....
    සාලෙ මැද්දෙ ෆෑන් එකක් වාගේ කැරකී නටා......
    ආරි මාමා එතන වැටිලා ජාතිය අමතයි සනා......

    හොද්දට ලුනු වැඩි වෙන්නයි... බත් පිගාන විසි වෙන්නයි...
    ආතල් එක කුඩු වෙන්නයි.. ආරි තවත් ඇවිලෙන්නයි.....
    අහල පහල ලයිට් ඔෆ් බං......
    ආ...... ඒ උනාට හොරෙං බලයි දැං....

    කව්ද යකෝ වැට ගැහුවේ අපේ ඉඩං අල්ලලා.....
    හිතුවද අපි ඇස් වහගෙන ඉදියි කියලා ඩිම් වෙලා.......
    සරම අරං කරට උඩිං අසල් වැසියො සොයමිනා.....
    ‍ආරි යන්නෙ කකුළු ගමං රජා මමයි හිතමිනා.....

    නැන්දගෙ රතු කට්ට ටිකක් දැං පැනගෙන එනවනේ...
    අපොයි මගේ පූරුවෙ කල පව් පටිසන් දීලනේ.....
    යනවා යන්ඩ එන්නෙම නෑ පස්ස දොරෙන් නික්මෙනා....
    ටිකක් අඩලා පැය භාගෙන් ඉස්සරහින් ඇය එනා.....

    8195913-a-man-drink-beer.jpg