ආලය පටන්ගත්ත විදිය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආලය පටන්ගත්ත විදිය

    ආලය කිව්වහම අපේ කස්ටියටම මතක් වෙන්නේ ගැහැනු ලමයෙක්ට ආදරය කරපු එකනේ. :) ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ පරිගණක ආලය ගැන. අපේ එලකිරියේ ඉන්න ඔක්කොමලා වගේ කම්පියුටරේට පුදුම ආසාවක් තියන අයනේ.

    ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්න, එක එක අත්හදා බැලීම් කරන්න හරි ආසයි. මම අහන්න යන්නේ ඔන්න ඔය කොම්පියුටරේට තියෙන ආලය පටන්ගත්තේ කොහොමද කියලා.
    මම නම් මුලින්ම කම්පියුටරයක් දැක්කේ 5 වසරේදී. ඒ දවස්වල දුම්රියක තිබුන ප්‍රදර්ෂණයක කම්පියුටර් එකක් පෙන්වුවා. ඒක ඔපරේට් කරපු පොර එන්කාටා දාගෙන රට රට වල ජාතිකගීත දාලා පෙන්වනවා. බලන අයට ඉතිං ඕක මැජික් තමයි. මමත් ආසාවෙන් බලාගෙන හිටියා. මම හිතුවේ මිනිහා සුපිරි වැඩ්ඩෙක් කියලා. එදා ඉදලා කම්පියුටර් ආසාව පටංගත්තට ඒදවස්වල කම්පියුටර් ක්ලාස් නෑ. ඉතිං ඉගෙන ගන්න විදියක් නෑනේ. පස්සේ කාලෙක මට, අපේ තාත්තා පරිගණක සගරාව ගෙනල්ලා දුන්නා එතකොට මම ආසාවෙන් ඒකේ ලිපි බැලුවා. ඒකේ තියෙන තිර පිටපත් බැලුවේ හරි ආසාවෙන්.

    ඔන්න ඔහෙම තමයි මගේ කොම්පියුටර් ආසාව පටන් ගත්තේ. දැන් ඉන්න අපේ මල්ලිලනම් ඉස්සලම කම්පියුටරේ දකින් ඇත්තේ ඉපදුන දවස්වල වෙන්න ඇති. ඒත් ‍ටිකක් ලොකු වෙලා කම්පියුටරේ ඉස්සල්ලම දැකලා, ඒකේ ඩේව්, මාරියෝ වගේ ඩොස් ගේම් ගහපු අතීතයක් තියෙන අය මේ එල කිරියේ වැඩි දෙනකේ ඇති.
    එහෙනම් ඔයාලගෙත් විස්තර කියන්නකෝ.
     
    • Like
    Reactions: rx_storm_aight

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සිරාවට මචන් ඉස්සර එන්කාටා දැක්කම මැජික්ම තමා...ඒ අතීතෙට තවමත් ආදරෙයි බන්
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට මචන් ඉස්සර එන්කාටා දැක්කම මැජික්ම තමා...ඒ අතීතෙට තවමත් ආදරෙයි බන්

    ඔව් මචං පරණ එන්කාටා එකේ සව්න්ඩ් එන්නේ ස්පීකර් වලින් නෙවෙයිනේ. මදර්බෝඩ් එකේ තියෙන බසර් එකෙන් බීප් සව්න්ඩ් විදියට. ඒකත් අමුතුම අත් දැකීමක් තමයි. ඉස්සර ඩේව් වගේ ගේම්වල සව්න්ඩ් තිබුනෙත් ඔහොමනේ.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උබලට කියන්න මචන් මම 12 වසරේ ඉන්නකොට computer එකක් ඕන් කරලා ඔෆ් කරගන්න බැ (දැන් පුළුවන් ඈ :D)... it උගන්නපු මිස් පුදුම උනා මට එකත් බැ කිව්වම.. මුලින් කොමක් දැක්කේ 6 වසර ඉන්නකොට.... උබට කියන්න මචන් මම හිටපු ගමටම තිබ්බේ එකයි..... එක ඉස්කෝලේ මිස් කෙනෙක් ගේ ගෙදර ... කොහොම හරි උන් පන්තියක් පටන්ගත්තා . ඕකට මමත් කොහොම හරි රිංග ගත්තා ... එකෙන් ඉගෙන ගත්ත දෙයක් නම් නැ ... එකේ අන්තිමට පැයක් හම්බ වෙනවා ගේම් ගහන්න prince of persia 1 යි dave .. ඔය දෙක තමයි ජිවිතේ මුලින්ම ගහපු computer game දෙක ...
     
    ඒදවස්වල ක්ලාස් වල මේක ඔන් කරගන්න කියලා දෙන්නේ නෑ තමයි. මමත් පවර් කෝඩ් එකක් හොරෙන් ගලවලා මේක ඕෆ්වුනා කියලා සර් කෙනෙකුට කිව්වා. පස්සේ ඒ සර් දාන විදිය බලා ගත්තා. මොකද මචං ඒ දවස්වල තිබුනේ ඩොස් වලින් බූට් කරගෙන පස්සේ වින්ඩෝම් වලට එන ක්‍රමේනේ. සමහරු මේ ඩොස් කමාන්ඩ් එක පාවිච්චි කරලා ඇති.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම ඉස්කෝලේ යන කාලේදී තමයි ඉස්කෝලෙට කොම්පියුටර් ආවෙත්. ඒ උනාට අපිට අල්ලන්න වත් දෙන්නේ නැහැ.
    ඉස්කෝලේ කොම්පියුටර් තිබුනේ පුදුම ආරක්ෂාවක් යටතේ.අනේ ඉතින් ඒවායින් වැඩක් උනාද නම් මන්දා ඉස්කොලේටවත්.මම ඒ දවස් වල ආසම ස්ක්‍රීන් සර්වර් එක වෙනස් වෙනවා බලන් ඉන්න,
    ඒ දවස් වල කිට්ටුව තිබුණු ස්ටුඩියෝ එකක කම්පියුටර් එකක් තිබුනා,මම එකෙන් පොඩ්ඩක් පුරුදු වෙන්න හිතන් කීප දවසක්ම ගියාම එකේ අයිති කාරයා හෙන පඩ දැම්මා.එක අතකින් ඒ යකාත් හරි, ඒ දවස් වල 80000 විතර වෙනවා මම හිතන්නේ.
    හැබැයි දැන් එකා මගෙන් පින්සෙන්ඩු වෙනවා වයිරස් ගාර්ඩ් එකක් දාලා දෙන්න කියලා.දාලා දුන්නට අප්ඩේට් කරගන්න බැහැ.එකත් මටම ඇවිත් කරලා දෙන්නලු,
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම නම් මේ ලෝකේ තවම ජිවත් වෙලා තියෙන්නේ අවුරුදු 19 ක් විතරක් නිසා මට එච්චරම අත්දැකීම් නැහැ .
    ඉස්සෙල්ලම ගත්තේ Intel Atom Dual Core (ලෝකේ තියන පුංචිම processor එක) Computer එකක් ..
    ගන්න කොට ඒකේ උබුන්ටු දාල තිබුනේ Default Os එක විදියට
    මම ඒ කාලේ හිතුවේ මම වැරදිලා වෙන ජාතියක එකක් අරන් තියෙන්නේ කියල .
    මොකද මන් ඒ වෙනකොට දැකල තිබුනේ windows OS වලින් රන් වෙන computers විතරයි
    පස්සේ අයිය කෙනෙක් Windows 7 install කරලා දුන්නහම මට එයා පෙනුනේ වීරයෙක් ලෙසට .
    ( එතකොට Windows 7 ආව විතරයි )
    හිතා ගන්න පුළුවන් නේ ඉතින් ඒ කාලේ මගේ පරිගණක දැනුම ? :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ අයියට තාත්තා කොම් එකක් අරන් දුන්නේ මම ඕලෙවල් කරලා ඉද්දි... ගේම් ගහපු එක තමයි කලේ මුලින්ම.. එදා ඉඳලා මගේ ලඟම සගයෙක්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඉස්කෝලේ යන කාලේදී තමයි ඉස්කෝලෙට කොම්පියුටර් ආවෙත්. ඒ උනාට අපිට අල්ලන්න වත් දෙන්නේ නැහැ.
    ඉස්කෝලේ කොම්පියුටර් තිබුනේ පුදුම ආරක්ෂාවක් යටතේ.අනේ ඉතින් ඒවායින් වැඩක් උනාද නම් මන්දා ඉස්කොලේටවත්.මම ඒ දවස් වල ආසම ස්ක්‍රීන් සර්වර් එක වෙනස් වෙනවා බලන් ඉන්න,
    ඒ දවස් වල කිට්ටුව තිබුණු ස්ටුඩියෝ එකක කම්පියුටර් එකක් තිබුනා,මම එකෙන් පොඩ්ඩක් පුරුදු වෙන්න හිතන් කීප දවසක්ම ගියාම එකේ අයිති කාරයා හෙන පඩ දැම්මා.එක අතකින් ඒ යකාත් හරි, ඒ දවස් වල 80000 විතර වෙනවා මම හිතන්නේ.
    හැබැයි දැන් එකා මගෙන් පින්සෙන්ඩු වෙනවා වයිරස් ගාර්ඩ් එකක් දාලා දෙන්න කියලා.දාලා දුන්නට අප්ඩේට් කරගන්න බැහැ.එකත් මටම ඇවිත් කරලා දෙන්නලු,

    මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා. මුලින්ම මම කොම්පියුටර් ක්ලාස් යනකොට කඩයක් තියෙන මගේ නෑදෑ කෙනෙක් එක එක තැන් වල කියලා තියෙනවා ඔය ලමයා නිකං දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර කම්පියුටර් ක්ලාස් යනවා කියලා. දැං මිනිහා පොඩි දේටම් මගේ ලගට මැෂින් එක උස්සගෙන එනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආලේ පටන් ගත්තෙ.................

    ආලෙ පටන් ගත්තේ මම ඕ ලෙවල් කරල ගෙදර ඉන්න දවස් වල අපේ මාමා (එතුමා භූගෝල විද්‍යා මහැදුරුතුමා රුහුණේ) අළුත් සිලබස් එකට පොත් මාලාවක් ලියන්න මාව හවුල් කර ගත්ත එකෙන්....

    ඒකාගෙ තිබුනේ 386 මොඩ්ල්. වින්ඩෝස් තිබුනේ 3.1 වර්ෂන් එක මට මතක විදියට. ඇඩෝබ් පේජ් මේකර් වල පූර්ව අවස්ථාව ඇල්ඩස් පේජ් මේකර් 5.0, කොරල් ඩ්‍රෝ 5.0 වගේ වර්ෂන් වල තමා වැඩ කලේ. ඩේටාබේස් ඔපරේට් වුනේ ලෝටස් 1-2-3 වලින්..........
    මම ප්‍රගුණ කලේ පිටු සැකසීමේ කලාව. දෙයියනේ කියල ඒකෙන් මට පොතක් ප්‍රින්ට් කරන්න ඕන වෙන ප්ලේට් එකට වෙනකං පිළියෙල කරන විදිය පුරුදු වුනා. තව ග්‍රැෆික් වැඩ සුලු වශයෙන්.

    ගේම් වලින් මට මතක ප්‍රීහිට්ටොරික් තමා.....
    එහෙම ආපු මට සර්වොදය විශ්වලේඛා, ලේක්හවුස් වගේ තැන්වල විශාල ලයිනෝ පෝල් ෆොටෝ සෙටර්ස්වලත් වැඩ කරන්න පසු කාලෙක දි ලැබුණා.
    කැම්පස් යන කාලේ දියව් ගනිව් කියල ගහන පෝස්ටර් වලට ඕන අකුරු සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට ඕන දේවල් මම පරිගනකයෙන් කලා........
    පසුව මේකෙන් සංගීතය පැත්තට තමා යොමු වුණේ. එළිකිරියේ රේඩියෝව කලා....සසළ හද විල්තෙර නිසා මම ගීත සංරක්ෂණය සහ එන්හෑන්ස්මන්ට් පැත්තට වැටුණා.........

    ඔන්න ඕක තමා ලව් ස්ටෝරිය
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් මේ ලෝකේ තවම ජිවත් වෙලා තියෙන්නේ අවුරුදු 19 ක් විතරක් නිසා මට එච්චරම අත්දැකීම් නැහැ .
    ඉස්සෙල්ලම ගත්තේ Intel Atom Dual Core (ලෝකේ තියන පුංචිම processor එක) Computer එකක් ..
    ගන්න කොට ඒකේ උබුන්ටු දාල තිබුනේ Default Os එක විදියට
    මම ඒ කාලේ හිතුවේ මම වැරදිලා වෙන ජාතියක එකක් අරන් තියෙන්නේ කියල .
    මොකද මන් ඒ වෙනකොට දැකල තිබුනේ windows OS වලින් රන් වෙන computers විතරයි
    පස්සේ අයිය කෙනෙක් Windows 7 install කරලා දුන්නහම මට එයා පෙනුනේ වීරයෙක් ලෙසට .
    ( එතකොට Windows 7 ආව විතරයි )
    හිතා ගන්න පුළුවන් නේ ඉතින් ඒ කාලේ මගේ පරිගණක දැනුම ? :lol:

    මගේ මුල්ම කම්පියුටරේ විස්තර බලන්නකෝ.
    CPU 486 DX
    RAM 8 MB
    Hard Disk 512 MB
    OS - Windows 3.1

    මේක මම ගත්තේ 1999 අව්රුද්දේ. එතකොට මේක 23,000 ක්වුනා. තාමත්මේකේ සිස්ටම් එක වැඩ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආලේ පටන් ගත්තෙ.................

    ආලෙ පටන් ගත්තේ මම ඕ ලෙවල් කරල ගෙදර ඉන්න දවස් වල අපේ මාමා (එතුමා භූගෝල විද්‍යා මහැදුරුතුමා රුහුණේ) අළුත් සිලබස් එකට පොත් මාලාවක් ලියන්න මාව හවුල් කර ගත්ත එකෙන්....

    ඒකාගෙ තිබුනේ 386 මොඩ්ල්. වින්ඩෝස් තිබුනේ 3.1 වර්ෂන් එක මට මතක විදියට. ඇඩෝබ් පේජ් මේකර් වල පූර්ව අවස්ථාව ඇල්ඩස් පේජ් මේකර් 5.0, කොරල් ඩ්‍රෝ 5.0 වගේ වර්ෂන් වල තමා වැඩ කලේ. ඩේටාබේස් ඔපරේට් වුනේ ලෝටස් 1-2-3 වලින්..........
    මම ප්‍රගුණ කලේ පිටු සැකසීමේ කලාව. දෙයියනේ කියල ඒකෙන් මට පොතක් ප්‍රින්ට් කරන්න ඕන වෙන ප්ලේට් එකට වෙනකං පිළියෙල කරන විදිය පුරුදු වුනා. තව ග්‍රැෆික් වැඩ සුලු වශයෙන්.

    ගේම් වලින් මට මතක ප්‍රීහිට්ටොරික් තමා.....
    එහෙම ආපු මට සර්වොදය විශ්වලේඛා, ලේක්හවුස් වගේ තැන්වල විශාල ලයිනෝ පෝල් ෆොටෝ සෙටර්ස්වලත් වැඩ කරන්න පසු කාලෙක දි ලැබුණා.
    කැම්පස් යන කාලේ දියව් ගනිව් කියල ගහන පෝස්ටර් වලට ඕන අකුරු සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට ඕන දේවල් මම පරිගනකයෙන් කලා........
    පසුව මේකෙන් සංගීතය පැත්තට තමා යොමු වුණේ. එළිකිරියේ රේඩියෝව කලා....සසළ හද විල්තෙර නිසා මම ගීත සංරක්ෂණය සහ එන්හෑන්ස්මන්ට් පැත්තට වැටුණා.........

    ඔන්න ඕක තමා ලව් ස්ටෝරිය

    සෑහෙන්න වටිනව විස්තර ටික. අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම computer එකක් දකින්න කලින් computer එකක් කියන සංකල්පය ඇත්තටම හිතාගෙන හිටියේ හරියට google එක වගේ. මට ඕන දෙයක නම type කලාම ඒ ගැන විස්තර, පින්තුර, video දෙන දෙයක් විදිහට තමයි කොම්පියුටර් එක ගැන හිතන් හිටියේ පොඩිකාලේ. ඊට පස්සේ 5 වසරේදී ඉස්සෙල්ලම කොම්පියුටර් එකක් දැක්කම පොඩ්ඩක් කල කිරුන ඒක හිතුව තරම් දියුණු නොවුන එක ගැන. :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම computer එකක් දකින්න කලින් computer එකක් කියන සංකල්පය ඇත්තටම හිතාගෙන හිටියේ හරියට google එක වගේ. මට ඕන දෙයක නම type කලාම ඒ ගැන විස්තර, පින්තුර, video දෙන දෙයක් විදිහට තමයි කොම්පියුටර් එක ගැන හිතන් හිටියේ පොඩිකාලේ. ඊට පස්සේ 5 වසරේදී ඉස්සෙල්ලම කොම්පියුටර් එකක් දැක්කම පොඩ්ඩක් කල කිරුන ඒක හිතුව තරම් දියුණු නොවුන එක ගැන. :lol::lol:

    මාත් පහ වසරෙදි තමයි. ඒ කාලෙ නම් එල තමයි
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,755
    1,375
    113
    Sri Lanka
    3 wasaredi withara wenna ati mulinma pc ekak dakke.
    mulinma pc eka allannath baya hithuna.
    mulin ma use karapu app eka paint .

    e kale tibuna system eka nam mathaka na. e unata pc ekata daala tibune nam win 95.

    mulinma gahapu game thama dave, supermario, rampage kiyala ekak thibuna. aya prince kiyala ekak tibuna.

    dan web eke search karala e game baluwama mewa mona hithakinda gahuwe kiyala hithenawa. ewage graphics dakkama.

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අඩෝ මන් එතකොට 8-7 වසරේ වගේ අපේ ඉස්කෝලෙට කොම්පුටර් 4ක් තිබ්බා.:nerd:.ඒ දවස් වල ඉතිං කාමර වලට දාලා ලොක් කරලා හෙන පරිස්සම්නේ...:dull:ඉස්සෙලම චිත්‍රයක් ඇන්දා..:Dගෙදර ඇවිත් රැ හීනෙනුත් දැක්කා බං...:rofl: එදා ඉදලා තාම ආසාව ඇති උනේ...ඊට පස්සේ අවුරුදු 2කින් විතර ඉස්කොලෙට ලැබ් එකක් හම්බුනා PC 12ක් එක්ක....උගන්නනේ නැති වෙලාවට එකට රිංගනවා..සමහරවෙලාවට එලවනවා බං :rofl: කරන්න දෙයක් දන්නෙත් නැනේ..මං කරන්නේ සිංදු අහනවා (අර වින්ඩෝස් වල ඩිෆෝල්ට් ම්යුසික් ට්‍රැක් එක :rofl:) චිත්‍රයක් ඇඩුවා.word art දානවා ඔච්චර තමයි....:rolleyes: ඉස්කෝලේ ගිහින් ඉවර උනාම පොතේ තිබ්බ සල්ලි අරන් ගත්ත කොම්පුටෙර් එකක්..දවසට 4-5 ෆෝමැට් කළා ඉගෙන ගන්න...ඔහොම තාම බං ඉගෙන ගත්තේ...දැන් ඉතිං ලැප් එකයි,ඩෙස්ක්ටොප් එකයි ටැබ් එකයි තියෙනවා....
     
    • Like
    Reactions: Mr.Tom

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම නම් කොම්පුටරෙ දෙක්කෙ 7 වසරෙදි.. එකත් ලැපක්. එකෙ තිබුනෙ වින්ඩොස් 95. අපෙ මාමගෙ ඔෆිස් ලැප් එක. එයගෙන් ඉල්ලගෙන මම එක ගහන්න ගත්තා. එයා මට මුල් ටික කියලා දුන්නා.on off කරන විදිහ ගැන. එයා එක තියලා තමයි ඔෆිස් ගියෙ...මොකද මම එකට ආස නිසා. මුලුන් කියල දුනෙ ms word. ඉතින් ඉකොලෙ ගිහින් ඇවිල්ලා දවසෙම type කොරනවා. එක ඒකාලෙ පට්ට අතල්. type කරනවා මකනවා.පස්සෙ paint පුරුදු උනා.

    මාමා කිව්වෙ ඔය දෙක පුරුදු වෙන්න කියලා. මොකක් හරි උනොත් කැඩෙනවා කිව්වා. අපිටත් නිකන් ඉන්න බැරි නිසා දවසක් මම ඉකොලෙ නොගිහින් හොරට හිටියා. ඔක අරගෙන එහෙට මෙහෙට හරවලා බැලුවා බොකක්ද කියල භාන්ඩෙ. ඔන්න ඔන් කරගෙන මෙහෙ තියන එවා බැලුවා. game කියල එකක් තියනවා දැක්කා. පට්ට ආතල්. අම්මො....සංතොසෙ...

    ඔන්න තිබුන ගෙම් තමයි dave, බොලයක් උඩ දාන්න, බොලෙ ලැල්ලෙන් අල්ලලා කොටු කඩන්න... ඔන්න ඔවා තමයි...

    අයියයි මල්ලි ඉකොලෙ ගිහින් ආවට පස්සෙ සින් එක එයාලටත් කිව්වා. පස්සෙ 3 දෙනාම දවසෙම ගෙම් තමයි.

    අපෙ ගෙදර තව අයියල දෙන්නෙක් හිටියා වැඩට යන. එයාලා කොත්මලෙ කිරි ෆැක්ටරියෙ වැඩ කරෙ.ඔන්න එයාලත් පුරුදු උනා ගෙම් ගහන්න. එයාල දන්නෙත් නැ කෙස් එක. මම තමයි ලොක්කා වගෙ කියල දෙන්නෙ. අපි 5දෙනාම මාරුවෙන් මාරුවට ගෙම් ගහනවා.පරදිනකෙනාට නොන්ඩි දානවා.
    එකෙක් අවුට් වෙනකම් බලන් ඉන්න වෙන එක තනයි දුක. දැන් ඔකට හොද නැ. රත් වෙනවා.ඇතුලෙ තියන එවා මැකෙනවා කියලා මාමත් හිටපු ගමන් කියනවා.

    මොනවා උනත් මාමා හොද එකා. දැන් කොම්පුටර් පොඩි දෙයක් උනත් මට තමයි කියන්නෙ.

    මුලින්ම මම කොම්පුටරයක් ගත්තෙ 18000කට.

    ඉන්ටෙල් p2
    125 ram
    3.5 HDD
    14 CRT
     
    • Like
    Reactions: Mr.Tom