ආලය පටන්ගත්ත විදිය
ආලය කිව්වහම අපේ කස්ටියටම මතක් වෙන්නේ ගැහැනු ලමයෙක්ට ආදරය කරපු එකනේ.
ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ පරිගණක ආලය ගැන. අපේ එලකිරියේ ඉන්න ඔක්කොමලා වගේ කම්පියුටරේට පුදුම ආසාවක් තියන අයනේ.
ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්න, එක එක අත්හදා බැලීම් කරන්න හරි ආසයි. මම අහන්න යන්නේ ඔන්න ඔය කොම්පියුටරේට තියෙන ආලය පටන්ගත්තේ කොහොමද කියලා.
මම නම් මුලින්ම කම්පියුටරයක් දැක්කේ 5 වසරේදී. ඒ දවස්වල දුම්රියක තිබුන ප්රදර්ෂණයක කම්පියුටර් එකක් පෙන්වුවා. ඒක ඔපරේට් කරපු පොර එන්කාටා දාගෙන රට රට වල ජාතිකගීත දාලා පෙන්වනවා. බලන අයට ඉතිං ඕක මැජික් තමයි. මමත් ආසාවෙන් බලාගෙන හිටියා. මම හිතුවේ මිනිහා සුපිරි වැඩ්ඩෙක් කියලා. එදා ඉදලා කම්පියුටර් ආසාව පටංගත්තට ඒදවස්වල කම්පියුටර් ක්ලාස් නෑ. ඉතිං ඉගෙන ගන්න විදියක් නෑනේ. පස්සේ කාලෙක මට, අපේ තාත්තා පරිගණක සගරාව ගෙනල්ලා දුන්නා එතකොට මම ආසාවෙන් ඒකේ ලිපි බැලුවා. ඒකේ තියෙන තිර පිටපත් බැලුවේ හරි ආසාවෙන්.
ඔන්න ඔහෙම තමයි මගේ කොම්පියුටර් ආසාව පටන් ගත්තේ. දැන් ඉන්න අපේ මල්ලිලනම් ඉස්සලම කම්පියුටරේ දකින් ඇත්තේ ඉපදුන දවස්වල වෙන්න ඇති. ඒත් ටිකක් ලොකු වෙලා කම්පියුටරේ ඉස්සල්ලම දැකලා, ඒකේ ඩේව්, මාරියෝ වගේ ඩොස් ගේම් ගහපු අතීතයක් තියෙන අය මේ එල කිරියේ වැඩි දෙනකේ ඇති.
එහෙනම් ඔයාලගෙත් විස්තර කියන්නකෝ.
ආලය කිව්වහම අපේ කස්ටියටම මතක් වෙන්නේ ගැහැනු ලමයෙක්ට ආදරය කරපු එකනේ.
ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ පරිගණක ආලය ගැන. අපේ එලකිරියේ ඉන්න ඔක්කොමලා වගේ කම්පියුටරේට පුදුම ආසාවක් තියන අයනේ. ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්න, එක එක අත්හදා බැලීම් කරන්න හරි ආසයි. මම අහන්න යන්නේ ඔන්න ඔය කොම්පියුටරේට තියෙන ආලය පටන්ගත්තේ කොහොමද කියලා.
මම නම් මුලින්ම කම්පියුටරයක් දැක්කේ 5 වසරේදී. ඒ දවස්වල දුම්රියක තිබුන ප්රදර්ෂණයක කම්පියුටර් එකක් පෙන්වුවා. ඒක ඔපරේට් කරපු පොර එන්කාටා දාගෙන රට රට වල ජාතිකගීත දාලා පෙන්වනවා. බලන අයට ඉතිං ඕක මැජික් තමයි. මමත් ආසාවෙන් බලාගෙන හිටියා. මම හිතුවේ මිනිහා සුපිරි වැඩ්ඩෙක් කියලා. එදා ඉදලා කම්පියුටර් ආසාව පටංගත්තට ඒදවස්වල කම්පියුටර් ක්ලාස් නෑ. ඉතිං ඉගෙන ගන්න විදියක් නෑනේ. පස්සේ කාලෙක මට, අපේ තාත්තා පරිගණක සගරාව ගෙනල්ලා දුන්නා එතකොට මම ආසාවෙන් ඒකේ ලිපි බැලුවා. ඒකේ තියෙන තිර පිටපත් බැලුවේ හරි ආසාවෙන්.
ඔන්න ඔහෙම තමයි මගේ කොම්පියුටර් ආසාව පටන් ගත්තේ. දැන් ඉන්න අපේ මල්ලිලනම් ඉස්සලම කම්පියුටරේ දකින් ඇත්තේ ඉපදුන දවස්වල වෙන්න ඇති. ඒත් ටිකක් ලොකු වෙලා කම්පියුටරේ ඉස්සල්ලම දැකලා, ඒකේ ඩේව්, මාරියෝ වගේ ඩොස් ගේම් ගහපු අතීතයක් තියෙන අය මේ එල කිරියේ වැඩි දෙනකේ ඇති.
එහෙනම් ඔයාලගෙත් විස්තර කියන්නකෝ.
)... it උගන්නපු මිස් පුදුම උනා මට එකත් බැ කිව්වම.. මුලින් කොමක් දැක්කේ 6 වසර ඉන්නකොට.... උබට කියන්න මචන් මම හිටපු ගමටම තිබ්බේ එකයි..... එක ඉස්කෝලේ මිස් කෙනෙක් ගේ ගෙදර ... කොහොම හරි උන් පන්තියක් පටන්ගත්තා . ඕකට මමත් කොහොම හරි රිංග ගත්තා ... එකෙන් ඉගෙන ගත්ත දෙයක් නම් නැ ... එකේ අන්තිමට පැයක් හම්බ වෙනවා ගේම් ගහන්න prince of persia 1 යි dave .. ඔය දෙක තමයි ජිවිතේ මුලින්ම ගහපු computer game දෙක ...
.ඒ දවස් වල ඉතිං කාමර වලට දාලා ලොක් කරලා හෙන පරිස්සම්නේ...
ඉස්සෙලම චිත්රයක් ඇන්දා..
එදා ඉදලා තාම ආසාව ඇති උනේ...ඊට පස්සේ අවුරුදු 2කින් විතර ඉස්කොලෙට ලැබ් එකක් හම්බුනා PC 12ක් එක්ක....උගන්නනේ නැති වෙලාවට එකට රිංගනවා..සමහරවෙලාවට එලවනවා බං
ඉස්කෝලේ ගිහින් ඉවර උනාම පොතේ තිබ්බ සල්ලි අරන් ගත්ත කොම්පුටෙර් එකක්..දවසට 4-5 ෆෝමැට් කළා ඉගෙන ගන්න...ඔහොම තාම බං ඉගෙන ගත්තේ...දැන් ඉතිං ලැප් එකයි,ඩෙස්ක්ටොප් එකයි ටැබ් එකයි තියෙනවා....