උගන්ඩාවේ හිටිය ආසියාතිකයන්ව ඉඩි අමීන් විසින් 1972 දී දවස් කීපයක් ඇතුලත පන්නා දැමුවා . එකට හේතුව ඒ කාලේ උගන්ඩාවේ තිබ්බ ජාතිවාදී අදහස්. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබ්බ උගන්ඩාවට ඉංග්‍රීසින් විසින් ආසියාතිකයන් (වැඩිපුරම ඉන්දියාවෙන්) ගෙන්වනු ලබන්නේ විවිද රැකියා සඳහා. ඔවුන් කෙටි කාලෙකින් ඉතා සාර්ථක ජිවිත ගොඩනගා ගත්තා. හැබැයි උගන්ඩාවට නිදහසෙන් පස්සේ දැඩි ජාතිවාදී රැල්ලක් ගොඩ නැගුනා ඉඩි අමින්ගේනේ. කොහොමහරි ඔවුන්ට දවස් 90 ඇතුලත පිටත් වෙන්න කියල නියෝගයක් කරා. එකල අසියතිකයින් 80,000 හිටියා උගන්ඩාවේ. අන්තිමට ඉතුරු වුනේ 4,000 විතරයි.
ඒ කාලේ වෙද්දී ආසියාතිකයන් උගන්ඩාවේ හිටිය දක්ෂ ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, ධනවතුන්. හොඳ ආර්ථික තත්වයක තිබ්බ උගන්ඩාව නන්නත්තාර වෙන්න මේ සිද්දියත් හේතු වුනා.
ඔවුන්ට කිසිවක් නැතුව ඇඳුම් බෑග් එකක් විතරක් අරගෙන සරණාගතයෝ විදියට එංගලන්තයට යන්න වුනා (ඔවුන් බ්‍රිතාන්‍ය පුරවැසියන් වීම නිසා). හැබැයි එංගලන්තයේදීත් ඔවුන්ට දැඩි ජාතිවාදී ප්‍රශ්න ආව. හැබැයි අද වෙනකොට ඔවුන් එංගලන්තයේදී තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගෙන සාර්ථක වෙලා තියෙනවා.