සමබල ආහාර වේලක් අරන් හොදට සෙල්ලම් කරලා හිටපන් බන්. ඔය පුස් නාම්බෝ වගේ ඇගවල් හදන් වැඩක් නෑ. නිරෝගිව එදිනෙදා වැඩ ටික කරගෙන පහසුවෙන් ඉන්න පුළුවන් ඇගක් තිබ්බම හොදටම් ඇති.
කාලෙකට ඉස්සර මම අර බම්බල් වගයක් ගෙනැල්ල උස්සනවා දැකල අපේ සීයා ඇහුව උබ ඔය මොකද කරන්නේ කියල ? මම කිව්වා ඇගට මස් ටිකක් දාල හැදිලා එන්න මේක කරනවා කියල.
සීයා කිව්වා ඕනෑම එකෙක්
මොළේ වෙහෙසල කරන වැඩ නොකර අහුවෙන අහුවෙන හැම දේම කෑවම ඇග ආරලා එනවා කියල. හරකා කියන සතා මොලේ වෙහෙසන සතෙක් නෙමෙයි උ කන හැම දේම ඇග හැදෙන්න යෙදවෙන නිසා උගේ ඇග පත සයිස් එකට ආරලා එනවා නමුත් මොලේ 0. උබටත් ඕන නම් ඒ විදියට කරපන් කිව්වා.
මම දම්බෙල් විසික්කරලා ඇග හදන එක අතහැරලා දැම්මා.

සීයට ලොකු ලොකු උපාධි නම් නෑ. දැන් විද්යාවෙන් හොයාගෙන තිබෙනවා මොලයේ සෙල්ස් තමයි විශාලම කැලරි ප්රමාණයක් ඉතා සුළු වෙලාවකින් පරිභෝජනය කරලා දාන්නේ කියල.