ඇඟ අඩු කරන්නනම්,
ඔයාගෙ ඇඟට දවසකට ඕනෙ කරන කැලරි ප්‍රමාණයට වඩා අඩුවෙන් කන්න ඕනෙ. එතකොට ඇඟ අඩු වෙන්නෙ. හැබැයි ඒක පොඩි ප්‍රමාණයකින් අඩු කරන්න පටන් ගන්න. එකපාරම ලොකු ප්‍රමාණයකින් අඩු කරල ලෙඩ හදාගන්න එපා.
ඒක කරන්න හොඳම විදිය, එළවලු සහ පලතුරු, ප්‍රෝටීන් බහුල ආහාර, පුලුවන් තරම් කන්න. Process කරපු දේවල් කන්න එපා. කඩ කෑම කොහොමත් එපා. සහ කාබෝහයිඩ්‍රේට් වැඩි කෑම සහ තෙල් සහිත කෑම අඩු කරන්න. පිටි කෑම කන එකත් අවම කරන්න. අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් 3ක් බොන්න, පැය 6 - 8 නිදාගන්න. ඉඳගෙනම ඉන්න ජොබ් එකක්නම් කරන්නේ, පොඩි පොඩි stretching exercises කරන්න පැයකට සැරයක්වත් අඩුම.
Protein supplement ගන්න එකේ ලොකු අවුලක් නෑ, ඒත් ඔයාගෙ ගෝල් එකේ හැටියට අනවශ්‍ය වියදමක්.
Preworkout එක වෙනුවට කෙසෙල් ගෙඩි දෙකක්, freshmilk හෝ yoghurt blend කරල බොන්න gym එකට යන්න පැයකට කලින්. රට ඉඳි දෙකකුත් ඕකටම දැම්මට අවුලක් නෑ. ඕට්ස් කනවනම් ඕට්ස් දාගන්න, හැබැයි එතකොට කන බත් ප්‍රමාණය තව අඩු කරන්න ඕනෙ.