ඇඟිලි 3 සිංහයා (අනිවා බලන්න)

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඇඟිලි 3 සිංහයා (අනිවා බලන්න)



ඇඟිලි 3 සිංහයා

සිංහයා කියන සතා අපි කවුරුත් හොඳින් දන්නවා. මොකද අපේ ජාති
කොඩියේ සිංහයෙක් ඉන්න නිසා නෙමේ අපේ ඉතිහාසය පුරාම සිංහයා කියන තේජාන්විත සත්වයා විවිධ අයුරින් යොදා ගෙන තියෙනවා. ඒ ගැන අමුතුවෙන් සටහන් තැබිම අවශ්‍යතාවයක් නෑ.

සිංහ රුව හැඩතල ලොකයේ විවිධ නිර්මාණකරුවන් තම නිර්මාණකරණයෙදී යොදාගෙන තිබෙනවා. මෙහෙම අපි නිර්මාණ ගැන අපි කල්පනා කරනකොට ශ‍්‍රි ලාංකිකයන් හැටියට අපේ මතකයට නිතැතින් එන තැනක් තියෙනවා. ඔබ සිතුවා හරි ඒ අපේ ඉතිහාසයේ අභිමානවත් නිමැවුම වන "සීගිරියයි"

සීගිරියේ සිංහ පාදය ඔබට මතකයි නේද? ගොඩක් දෙනා සීගිරිය මුදල් ගෙවා නරඹා ඇති, සිංහපාදය හොඳින් මතක ඇති ගොඩක් දෙනා එතන ඉදන් පින්තූර ගන්නවා. මේ තියෙන්නේ ඔබ හොඳින් දැකලා තියෙන සිංහ පාදය

crdm.jpg



දැන් හොඳින් මේ සිංහ පාදය නිරික්ෂණය කරන්න


fquf.jpg


දැන් පහ වසර ශිෂ්‍යත්ව ළමයෙකුට යොමුකරන ප‍්‍රශ්ණයක් සිංහයාගේ කකුල් කීයද ? කකුලක ඇඟිලි කීයද ? පිළිතුර වන්නේ කකුල් 4 යි. ඇඟිලි 5 මේ ඇඟිලි 4 පොළොවට ස්පර්ශවනවා මහපට ඇඟිල්ල පොළොවට මදක් ඉහළින් තියෙන්නේ

දැන් හොඳින් බලන්න මේ සිංහ පාදයේ සිංහයාගේ ඇඟිලි 3 තියෙන්නේ, පහත රූපයේ බලන්න සැබෑ සිංහයෙක් පාද තබන විදිය, ඇඟිලි පිහිටන විදිය, සිංහ පාදය නැවත හොඳින් බලන්න. පාදයේ
ඇඟිලි ඉදිරියට විසිරි තිබෙනවා. එසේම නියපොතු ඇඟිල්ලේ තරමට මහතයි. බලන්න සැබැ සිංහයාගේ නියපොතු එතරම් විශාල නෑ. දැන් හොඳින් බලන්න වම් සිංහපාදය දිහා විලූඹට ඉහළින් තවත් නියපොත්තක් තිබෙනවා. පහත ඇති විශාල පින්තූර හොඳින් බලන්න.


http://upload.wikimedia.org/wikipedia/commons/5/5d/Lions_Paw,_Sigirya.jpg

dw6b.jpg



දැන් මදක් කල්පනා කරලා බලන්න. මෙලෙස නියපොතු පිහිටන්නේ කුරුල්ලන්ට නේද ? මේ තියෙන්නේ සිංහ පාදයක් නොවේ පක්ෂියෙක්ගේ පාදයක් නේද? දැන් කෙනෙක් කියන්න පුලූවන් කලා නිර්මාණයක් වෙනුවෙන් මෙහෙම යොදා ගත්තා කියලා අපේ හෙළ නිර්මාණ ශිල්පියා සිංහ පාදයක් හදුනන්නේ නැද්ද? මේ ඒ සඳහා හොඳම නිදසුන විස්මිත යාපහුව සිංහයා. බලන්න යාපහුව සිංහයාගේ පාද තිබෙන විදිය



siei.jpg

හරි දැන් අපි බලමු මේ සිංහපාදය කතාව ආවේ කොහොමද කියලා

මේ ස්ථානය මුලින්ම ගවේෂණය කලේ 1890 ලංකාවේ බි‍්‍රතාන්‍යයේ ආදායම් බදු නිලධාරියා වශයෙන් කටයුතු කල H.C.P. බෙල් මහත්තයා ඔහු තමයි ලංකාවේ පුරාවිද්‍යාවේ පියා වශයෙන් සැලකෙන්නේ, ඔහුට අතීත කතාවක් දැනගන්නට ලැබෙනවා කසුප් කියන රජ කෙනෙකු ධාතුසේන කියන සිය පිය
රජතුමා ඝාතනය කර සිංහ ද්වාරයක හැඟව සිටි බව, ඒ අනුව තමයි මේ දුෂ්කර ගවේෂණය කරන්නේ, මේ ද්වාරය වෙත පැමිණි බෙල් මහතා නිසැකයෙන්ම විශ්මයට පත්වන්න ඇති, මේ පාද අසලම ගල ඇතුලට ගමන් කල හැකි උමගක් තිබුන බවත්, ඒ උමග දිගේ ගමන් කල බෙල් මහතා එහි තිබු වටිනා වස්තුව රැගෙන එම ද්වාරය සිමෙන්ති දමා වැසු බව එකල එහි සිටි සේවකයෙක් පැවසු බව කියවෙනවා.


කෙසේ නමුත් මෙසේ විවිධ අවස්ථාවල අපෙන් නැව් මගින් රැගෙන ගිය පුරාවස්තු බෙහොමයක් ලංකා මුහුදු සීමා සමිපයේ මුහුදු බත් වු බව පැවසෙනවා.

ඒසේ නම් මේ පර්වතයේ නියම ඉතිහාසය කුමක්ද?

රාවණා පුරාණයටත් එපිට ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියු මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැළඳ අහසින් පැමිණි පිරිසක් ගැන ලොකයේ විවිධ රටවලින් සටහන් ලැබි තිබෙනවා. සමහරුන් මොවුන් හැදින්වුයේ දෙවියන් ලෙස ය. එවන් මිනිසුන් කොට්ඨාසයක් විසින් ගොඩනැගු රාජධානිය සීගිරිය ලෙස හැදින්විය නොහැකි මන්ද?

ktfx.jpg



මේ ගැන එකතු කරන්න තව ගොඩක් දේ තිබෙනවා. ඒවා පසුවට ... ඔබගේ අදහස් තමයි වටින්නේ, මගේ අදහස නම් ඇඟිලි 3 සහිත සිංහයා ගැන මතු කරන මත ඉතාමත් තර්කාණුකූල හා විද්‍යාත්මක ප‍්‍රකාශයක් ඒ මතය ලෙහෙසියෙන් බැහර කර නොහැක්කක් බව මගේ වැටහිමයි.

කලින් එළකිරියේ මේ ගැන තිබුනද දන්නේ නෑ


බ්ලොක් අඩවියක් ඇසුරෙන් තැබු සටහනක්

 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහෝ සිංහයා සාමාන්‍ය වෙලාවට නියපොතු විහිදන්නේ නැහැ..ඒත් දඩයමකට නැත්තං සටනකට යනකොට නියපොතු විහිදනවා.... මේක බලකොටුවක්... මෙතන ඉන්නේ නියපොතු විහිදං ඉන්න නිර්භීක සිංහයෙක්ගේ පිළිරුවක්... ඒ හන්දා මේක ගැලපෙනවා...:yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    11.gif


    kalinuth oya sambanda thread ekak giya machn.uba kiyana kathawa aththa machn
    rep++

    11.gif
    ස්තූතියි සහෝ කලින් එක මං දැකලා තිබුනේ නෑ :(

    සහෝ සිංහයා සාමාන්‍ය වෙලාවට නියපොතු විහිදන්නේ නැහැ..ඒත් දඩයමකට නැත්තං සටනකට යනකොට නියපොතු විහිදනවා.... මේක බලකොටුවක්... මෙතන ඉන්නේ නියපොතු විහිදං ඉන්න නිර්භීක සිංහයෙක්ගේ පිළිරුවක්... ඒ හන්දා මේක ගැලපෙනවා...:yes:

    හොඳ අදහසක් සහෝදරයා නමුත් සෑබැ සිංහයාගේ ඇඟිලි 4 පොලවට ස්පර්ශ වෙනවා. කෝ අනිත් ඇඟිල්ල :( වැදගත්ම දේ තමයි මචෝ විලූඹට ඉහළින් තියෙන කුඩා ප‍්‍රමාණයේ නිය පොත්ත පැහැදිලිවම සිංහයන්ගේ එහෙම නියපොත්තක් නෑ


    11.gif



    11.gif



    11.gif
    BUMP එකක් සමඟ අදහසකුත් කොටලා යනවා තමයි ගොඩක් වටින්නේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක ඉතිං කිසියම් පුද්ගලයෙකුගේ අදහසක්/නිර්මාණයක් නිසා එක එක අයට එක එක අදහස් දක්වන්න පුළුවන්. සාමන්යෙන් නිර්මාණකරුවෙකුට සැබෑලෙසම පවතින දෙයක් නිර්මාණයකට යොදාගන්නමයි කියල නියමයක් නෑ. ස්පයිඩර් මෑන් උනත් කෙනෙකුගේ නිර්මාණයක් නේ. ඇත්තට එහෙම මිනිහෙක් නැහැනේ. ඉතිං මම නම් හිතන්නෙ මේකත් ඒ වගේ නිර්මාණයක් විතරයි කියලයි.
     

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA

    මේ ගැන එකතු කරන්න තව ගොඩක් දේ තිබෙනවා. ඒවා පසුවට ... ඔබගේ අදහස් තමයි වටින්නේ, මගේ අදහස නම් ඇඟිලි 3 සහිත සිංහයා ගැන මතු කරන මත ඉතාමත් තර්කාණුකූල හා විද්‍යාත්මක ප‍්‍රකාශයක් ඒ මතය ලෙහෙසියෙන් බැහර කර නොහැක්කක් බව මගේ වැටහිමයි.




    macho Oyawage adahasak thamai Me Programme eken kiyanneth. One of My Favorite.

    Poddak balanna Full Episode ekama hoyagena.


     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔය ඉන්නේ Griffin කෙනෙක්.....

    http://i77.photobucket.com/albums/j67/CharmedMist/griffin.jpg

    සිංහ ඔලුවක් සහිත ඇති උකුස්සෙක්

    Elakiri
    11.gif


    බම්පි

    11.gif



    11.gif


    ඕක ඉතිං කිසියම් පුද්ගලයෙකුගේ අදහසක්/නිර්මාණයක් නිසා එක එක අයට එක එක අදහස් දක්වන්න පුළුවන්. සාමන්යෙන් නිර්මාණකරුවෙකුට සැබෑලෙසම පවතින දෙයක් නිර්මාණයකට යොදාගන්නමයි කියල නියමයක් නෑ. ස්පයිඩර් මෑන් උනත් කෙනෙකුගේ නිර්මාණයක් නේ. ඇත්තට එහෙම මිනිහෙක් නැහැනේ. ඉතිං මම නම් හිතන්නෙ මේකත් ඒ වගේ නිර්මාණයක් විතරයි කියලයි.

    ඔව් උඹගේ කතාවේ ඇත්තක් තියෙනවා. ඇත්තටම සීගිරිය සම්බන්ධයෙන් විධිමත් සෙල්ලිපි නෑ. තියෙන ඒවත් ගැටලූ සහගතයි. මේය නිර්මාණය කලේ කවුද? කුමන අවශ්‍යතාවයක් වෙනුවෙන්ද කියලා පැහැදිලි සාක්ෂි නෑ. ඒක තමයි ලොකුම අවුල, මෙහෙම දෙයකුත් තියෙනවා කවුරු හරි විදේශීකයෙකු පවසන මතයක් අපේ අය හිස් මුදුනින් පිළිගන්නවා.

    කළා නිර්මාණයක් සම්බන්ධයෙන් උඹ සමඟ මම එකඟයි. මේ අදහසට යම්කිසි වලංගුතාවයක් තිබෙන බව මගේ විශ්වාසයයි

    Thawa daapan. 7+

    ස්තූතියි මචෝ
    11.gif
    අනිවා එකතු කරන්නම්


    සංසුන් පොඩ්ඩා;15461895 said:
    ithihasaya wenas karanda amarui....owa meke den kiwwata lamayek ahapuwahama kiyanawada....u anathayi neda...eththa mokak unath yana viduha thamai hari..

    ඉතිහාසය වෙනස් විය යුතු අපේ ඉතිහාසයේ ආරම්භයම ගැටලූ සහගතයි (විජයාගමනය)

    එය පහසු කටයුත්තක් නෙමේ, නිවැරදි දේ එළි පෙහෙළි කර ගැනිම ඉතාම වැදගත්, නිවැරදි දේ මිනිසුන් පිළිනොගන්න පුලූවන් ඒත් එය කල නොහැක්කක් නෙමේ, පෙනෙන ඉතිහාසයට වඩා අපේ සැඟවුන ඉතිහාසය අති ප‍්‍රභලයි.


    macho Oyawage adahasak thamai Me Programme eken kiyanneth. One of My Favorite.

    Poddak balanna Full Episode ekama hoyagena.



    ස්තූතියි මචං
    11.gif
    එළකිරියේ ඔය සම්පුර්ණ කොටස් ටික තිබ්බා


    bump..........

    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :):):)
    වැදගත් විස්තරයක් ,,,
    බොහෝම ස්තුතියි යාළුවා ...

    ,,,,+11,,,,

    ස්තූතියි මිත‍්‍රයා අගය කිරිම ගැන
    11.gif
    බලන ගොඩක් දෙනා ප‍්‍රතිචාර ලබානොදන එක තමයි හිතට දුක
    :(:(
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මාර කතාවක් නේ කියන්නේ, මේ ඉන්නේ සිංහයෙක් නෙවිලු ගුරුලේක්ලු එකට ඉතින් සිංහයාගේ කකුලේ ෆොටෝ ගහල කියනවා පොළොවට ස්පර්ශවෙන ඇගිලි 5යි එනම් මනම් එහෙම කියනවනම් මේ කවුද මෙයට හොද වැල කොහොමද අවේ,
    Gaja%20Sinha-01.jpg

    සිංහ පාදය කියන්නේ ශ්‍රේෂ්ට කළා නිර්මාණයක්, එක ලෝක උරුමයක්, එහෙව් එකක ඇගිලි ගණන් කරලා එක නෙවි මේක කියා කියා ඉන්නේ නැතුව එක අගය කරන්න.
    ලංකාවට අවේනික කලාශිල්ප ගොඩක් තියෙනවා නිකන් හිතෙන හිතෙන කතන්දර හදන්නේ නැතුව හිට්‍යනම් තම හොද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    bump ... ඕක සමහර විට , ඕක හදපු එකා ඊට කලින් දවසෙ හීනෙන් දැකපු සතෙක් ගෙ කකුල් වෙන්නත් පුළුවන් ... ලොල් :lol: ... කොහොමත් ඕකට ඉතින් සිංහ පාදය කියන එකනම් වැරදී ... සිංහයෙක් ගෙ කකුල් නෙමෙයි නෙ ඔය ... :lol::rofl::rofl: , ඒත් ඉතින් ඕකට මොකක්ම හරි නමක් දාන්න එපැයි,, අපි දාමු ඕකට "මකර පාදය" වගේ .. මොකද කවුරුවත් මකරව ඇත්තට දැකල නැති නිසා කව්රුවත් කියන්න එන එකක් නෑ ඕක මකර පාදයක් නෙමෙයි කියල ... :rofl::rofl::lol: අනිත් එක කොහෙවත් ඉන්න බෙල් කාරය ඕකට නමක් දැම්මනම් .. ලංකාවෙ ඉන්න අපි නමක් තිබ්බම මොකෝ .. :rofl::rofl::lol: ....Thanks For Sharing මචන් .... :P:P


    යොදා ගත හැකි තවත් නම් කිහිපයක් ... :rofl:

    ස්කර්වි පාදය
    ඔරියන්තුමා පාදය
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාර කතාවක් නේ කියන්නේ, මේ ඉන්නේ සිංහයෙක් නෙවිලු ගුරුලේක්ලු එකට ඉතින් සිංහයාගේ කකුලේ ෆොටෝ ගහල කියනවා පොළොවට ස්පර්ශවෙන ඇගිලි 5යි එනම් මනම් එහෙම කියනවනම් මේ කවුද මෙයට හොද වැල කොහොමද අවේ,
    Gaja%20Sinha-01.jpg

    සිංහ පාදය කියන්නේ ශ්‍රේෂ්ට කළා නිර්මාණයක්, එක ලෝක උරුමයක්, එහෙව් එකක ඇගිලි ගණන් කරලා එක නෙවි මේක කියා කියා ඉන්නේ නැතුව එක අගය කරන්න.
    ලංකාවට අවේනික කලාශිල්ප ගොඩක් තියෙනවා නිකන් හිතෙන හිතෙන කතන්දර හදන්නේ නැතුව හිට්‍යනම් තම හොද

    මීට කලින් ඔය හා සමාන අදහසක් දැක්වු මිත‍්‍රයෙකුට දුන් පිළිතුරම තමයි ඔබට දෙන්න තියෙන්නේ, කළාකරුවකුට තමන් කැමති දෙයක් තම නිර්මාණයට යොදාගන්න පුලූවන්, එය කල්පිතයක් හෝ මනඃකල්පිතයක් විය හැකියි ඒ ආකාරයේ නිර්මාණ ලංකාවේ නොව ලෝකය පුරාම නිදසුන් ඉදිරිපත් කරන්න පුලූවන් ඒ පිළිබඳව කිසිඳු ගැටලූවක් නෑ මා ඒ ගැන දැනුවත්

    මම කොතනකවත් කියලා නෑ මේ අදහස 100 % නිවැරදි කියා හොඳින් කියවා බලන්න. මේ පිළිබඳව වෙනස් මානයකින් දකින්න, සිතන්න මේ අදහසින් පුලූවන් බව මම තරයේ විශ්වාස කරනවා.

    බහුතර නිරික්ෂණය සැමවිටම නිවැරදි නොවන බව මම ඔබට හොඳ උදාහරණයක් දෙන්නම්, සිදුහත් කුමරුගේ නම් තබන උත්සවයේ බහුතර මතය වෙන්නේ "ගිහිගෙයි සිටියහොත් සක්විති රජකම හිමිවේ, පැවදි වුවහොත් බුදු බව හිමි වන බවයි" නමුත් එක මතයක් කියන්නේ නිසැකවම බුදු බව ලබන බවයි.

    ඔබගේ අදහසට ස්තූතියි



    ස්තුතියි යාලූවා

    Mewage buddimaya sanwada elakiriya thula thawathawath ethiwewa

    :yes::yes::yes::yes:

    bump ... ඕක සමහර විට , ඕක හදපු එකා ඊට කලින් දවසෙ හීනෙන් දැකපු සතෙක් ගෙ කකුල් වෙන්නත් පුළුවන් ... ලොල් :lol: ... කොහොමත් ඕකට ඉතින් සිංහ පාදය කියන එකනම් වැරදී ... සිංහයෙක් ගෙ කකුල් නෙමෙයි නෙ ඔය ... :lol::rofl::rofl: , TFS මචන් ....

    :oo: :oo: අදහස් වලට ස්තූතියි
    11.gif
    11.gif