රාජගිරිය - වැලිකඩ - සිල්වා පටුමඟේ නිවසක තිබී පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් පසුගියදා අලුයම පොලීසිය විසින් සොයාගනු ලැබුවා. කලක සිට මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, පුරුෂයා පිළිබඳ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය මොහු සිටි වැලිකඩ ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
බුලත්සිංහලගේ සුගත් කුරේ නමැති 55 හැවිරිදි විවාහක පුද්ගලයා පිළිබඳව ඔහුගේ නැගණිය විසින් ප්‍රථම වරට වැලිකඩ පොලිසිය දැනුවත් කර ඇති අතර බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වසර 20ක පමණ සිට වෙන්වී මෙම නිවසෙහි මොහු හුදකලාවේ වාසය කර තිබේ.
අධික බිමතින් කටයුතු කළ ඔහු අවසන් වරට දැක ඇත්තේ ඉකුත් මාර්තු මාසයේ දී බව ද එම නැගණිය වැලිකඩ පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.
සිය සහෝදරයා මාර්තු මාසයේ දී තමාව බැලීමට තමාගේ නිවසට ආ බවත් ඉන් පසු ඔහු ගැන තොරතුරක් නොමැති නිසා 21 වනදා ඔහු බැලීමට පැමිණි අවස්ථාවේ නිවස තුළ මිනිස් ඇටසැකිලි තිබූ බව ඇය පොලිසියට කියා ඇත.
අවසන් වරට මොහු ඇඳ සිට කමිසය සහ දිග කලිසම සමඟ ඔහුගේ ඇටකටු එම නිවසේම කාමරයක ඇඳක් මත තිබූ බවද පොලිසිය සඳහන් කරයි. වැලිකඩ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

අනික මාස 2 කින් ඇටසැකිල්ලක් වෙනවද ?