ඇඩිශන් බංගලාවට ගිය ගමනේ මතක සටහන්

gepa

Well-known member
  • ඇඩිශන් බංගලාවට ගිය ගමනේ මතක සටහන්

    ඔන්න ආයෙත් ඇඩිශන් බංගලාවට ගිය ගමනේ මතක සටහන් අපේ එලකිරි සෙට් එකත් එක්ක බෙදාගන්න ඕනි කියලා හිතුවා.කොහොම උනත් ගොඩ දෙනෙක් ඇඩිශම් බංගලාවට ගිහින් තිබුනට ඒ ගෑන වැඩි විස්තරයක් දන්නේ නැතුවා වෙන්න පුලුවන්..

    41018529_4d8e3bb368.jpg

    ඇඩිෂම් බංගලාව බලන්න යනවා නම් කොලඹ - බදුල්ල පාරේ හපුතලේ ටවුන් එකෙන් වමට හැරිලා වැලිමඩ පාරේ ටික දුරක් ගියහම තමයි මේක හම්බ වෙන්නේ.මුලින්ම කියන්න ඕනි ඔයගොල්ලොත් මේක බලන්න යනවානම් සතියේ හැමදාම මේක බලන්ඩ යන්ඩ බැ.සෙනසුරාදා ඉරිදා පෝය නිවාඩු සහ පාසල් නිවාඩු දවස් වලට විතරයි ඇඩිෂම් බංගලාව බලන්න අවසර දෙන්නේ.


    4481369690_3cf648d7fd.jpg

    ඉංග්‍රීසි ජාතික සර් ලෙස්ටර් තොමස් විලස් ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිෂම් කියන ගමේ තමයි ඉපදිලා 1887 අවුරුද්දෙදි ලංකාවට ඇවිත් තියෙන්නේ.මේතන හදපු මංදිරේට ඇඩිෂම් කියලා නම දාලා ටියෙන්නේ තමනේ ගම සිහිවීම පිනිසලු. ‍තෝමස් ලෙස්ටර් විලස් මහතා ලංකාවට ඇවිත් තියෙන්නේ. ලංකාවට තේ ගෙන එන නැවක නැගිලා 1987 අවුරුද්දේදී.ගෙදරින් පැනලා මෙහෙම එනකොට වයස අවුරුදු 17ක් ව්තරයිලු.ඔහු නිවසින් පැන එද්දී පවුම් 10ක් වගේ සුලු මුදලක් අරගෙන ආව කියලා තමයි කියන්නේ.ඊට පස්සේ ක්‍රමයෙන් තේ ආස්‍රිත කර්මාන්ත්යේ යෙදිලා මුදල් හොයාගෙන තමයි ඇඩිෂම් මංදිරය හදලා තියෙන්නේ.කොහොම හරි ලංකාව නිදහස ලබාගැනීමෙන් පස්සෙ විදේශිකයන්ට මෙරටින් පිටව යාමට සිදු වු නිසා ‍තෝමස් මහතා මේ දේපල සේදවත්ත කියලා කොම්පැනියකට විකුණලා.ආයෙත් 1960 අවුරුද්දෙදි මේ මංදිරය රෝමානු ක‍තෝලික සභාවට අයත් බෙනඩිකානු නිකායේ පියතුමන්ලා හට දේව ධර්මය පුහුනු කරන මද්‍යස්ථානයක් ලෙස මෙම මංදිරය මිලට අරන්.එතැන් සිට මේ වන තුරුත් බෙනඩිකානු තාපසාරාමයක් වශයෙන් තමයි ඇඩිෂම් මංදිරය භාවිතා වෙන්නේ.

    6336730476_92a009c27f_z.jpg

    මේ මංදිරය හදන්ඩ මුල් ගල් තියලා තියෙන්නේ 1927 වසරෙදී.1931 වෙනකොට මංදිරය හදා නිම කරන්නත් හැකි වුනාලු.මේක හදන ඉංජිනේරුවන් එංගලන්තයෙනුත්.කම්කරුවන් උතුරු ඉංදියාවෙනුත් ගෙන්වාගෙන තියෙන්නේ.මංදිරය ගොඩනගන්ඩ අවශ්‍ය වුනු කපා ඔප මට්ටම් කල කලු ගලුත් ගෙන්වලා තියෙන්නේ එංගලන්තෙන්.මේකේ වහල හදලා තියෙන්නේ බුරුම තේක්ක ලී වලින් සාදපු විශේෂිත උලු වර්ගයකින්.මේකෙ පියගැට පෙල හදලා තියෙන්නේ එංගලන්තේ බකින් හැම් පැලස් එකේ පිය ගැට පෙලේ ආකාරයට.ඒකට දැව ඕක් ගෙනත් තියෙන්නෙත් එංගලන්තෙන්.ඉස්සර කාලේ මේ පැත්ත හුඟක් කැලේලු.පාරක්වත් නැති මේ කෑලෑ පෙදෙසට මේ ඕක් කඳන් ගෙනාපු එක විශ්මය දනවන්නක් කියලයි කියන්නේ.මංදිරයට අවශ්‍ය බුමුතුරුනු පර්සියාවෙනුයි ගෙනැල්ල තියෙන්නේ.මෙහි තියන සමහර සෝෆා ඔ‍ටු හමෙන් නිර්මානය වෙලා තියෙන්නේ.විවිධ වු ගෘහ භාන්ඩ අලංකාරව නිමවලා තියනවා.ඒ වගේම මෙහි තියන පුස්තකාලයේ තිබෙන ඇතැම් පොත්පත් වසර 500කට වඩා පැරනි ඒවා.මෙහි පිහිටි සුලං කවුලු තුලින් හමන සුලග විශේශිත නල මගින් ගමන් කරවා එවා ගිනි උඳුන තුලට යවලා ඒ වායු ධාරා මගින් කාමර උනුසුම් කරන දියුනු ක්‍රමවේදය නම් විශ්මයජනකයි.

    image0291.jpg

    ඇඩිෂම් මංදිරේ ත්යෙන තවත් සුවිශේෂී ස්ථානයක් වෙන්නෙ බොයිලේරුව පිහිටි කාමරය.ඉහල කදු මුදුනේ ඉදං පයිප්ප මගින් පොම්ප කරන ජලය ඉහල මාලයට පවා පොම්ප කරන්න පුලුවන් ආකාරයෙන් තමයි හදලා තියෙන්නේ.ඇඩිෂම් මංදිරයේ තියෙන ප්‍රධානතම අංගයක් තමයි ‍තෝමස් මහතාගේ රුව සහිත චිත්‍රය.ඩේවිඩ් පේන්ටර් කියන ඉංග්‍රීසි ජාතිකයා තමයි මේ පිංතූරේ ඇදලා තියේන්නේ.ඩාවිංචිගෙ මෝනාලිසා චිත්‍රය වගේම මේ පිංතුරෙත් අපි යන දිහාවට හැරෙනවා.ඒ වුනාට මෝනාලිසා චිත්‍රයට වඩා සුවිෂේශී භාවයක් මේ චිත්‍රයේ තියෙනවා.ඇ තමයිමේ චිත්‍රයේ ඇස් විතරක් නෙවෙයි,මුලු පුද්ගලයාම යන යන අතට හැරෙනවා.ඒවට අමතරව තවත් චිත්‍ර 16ක් මෙහි සුරක්ශිතව තැන්පත් කරලා තියෙනවා.

    8473442382_422f38f446_z.jpg
    ඉතා පෞරාණිකව තේජවන්ත ලෙස අහස් කුසට නැගී සිටින මේ මහා අනර්ග මංදිරය ‍රැකබලා ගැනීම අපසතු යුතුකමක්.ඉතිං ඔයගොල්ලොත් මේ පැත්තේ ආවොත් ඇඩිෂම් මංදිරය බලංඩ යන්ඩ අමතක කරන්න එපා.


    එහෙනං අපි ගියා..රෙප් වලිං සලකන්ට ඈ

    උපුටා ගැනීම මගේම බ්ලොග් එක
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aneee api giya awurudde aawa okata school trip eken..ape organizers lage hondakama kiyanne mun kalin contact karala wisthara balalawath nemei awilla thiyenne..eda poya dawasak...wassakuth wassa hena..kattiya themi themi kilometer 1k or 2k payin giya..giyaata passe thamai danne poya dawasata eka wahala kiyala..monawa karannada... :( harila aawa themi themi aapahu...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකෙ ෆොටෝ ගන්න දෙන්නෙ නෑ නේද බන් :D
    ඇතුලෙ ෆෙටෝ ගන්න දෙන්නෙ නෑ මචං. හැබැයි මාත් හොරන් අරගෙන තියෙනවා. හැබැයි මේ විස්තර දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා මේ විස්තර ගොඩක් වටිනවා.
    Rep ++