sira kathawaඅනේ මන්දා මචං මොනා කියන්නද කියලා.. මෙහෙමයි.. ගොඩක් අය ආදර සම්බන්ධතා පටන්ගන්නෙ පාසල් අවධියෙන්.. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කරන අවධියෙදි..
ඔය කාලෙදි මචං මං දකින විදියට ආදරේ කරන්නෙ රැල්ලට.. තමන්ගෙ යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තොත් අනිත් එකත් කොහොම හරි කට්ට කාලා කෙල්ලෙක් සෙට් කරගන්නවා.. එතනින් එහාට මොකද කරන්නෙ, මොකද වෙන්නෙ කියලා හුඟක් අය හිතන්නෙ නැහැ.. අනාගතේ ගැන කිසිම දෙයක් හිතන්නෙ නෑ.. ඔහේ ආදරේ විඳිනවා.. ඒ කාලෙදි අපිට ඒ තරම් දුර පේන්නෙ නෑ.. ඒකයි අවුල..
විශේෂයෙන් පිරිමි පාර්ශවය ආදරේට මුල්තැන දෙනවා.. ඉගෙනීමට දෙවනි තැන දෙනවා.. කොල්ලොන්ට ආදරේ ජීවිතේම වුණත් කෙල්ලොන්ට ඒක තවත් එක දෙයක් විතරයි.. මං දකින විදියට.. ඔතනදි මචං කොල්ලගෙ ඉගෙනීම අඩාල වෙන්න ගන්නවා හුඟක් වෙලාවට..
ඔය කාලෙදි පටන්ගන්න ආදර සම්බන්ධතා තාවකාලිකයි මචං.. උසස් පෙළ අවසන් වෙනවත් එක්කම හුඟක් ආදර සම්බන්ධතා වලට කෙලවිලා යනවා.. එක්කො ගෙවල් වලින් බර බරයක් දාලා, එහෙමත් නැත්තං කෙල්ලට සරසවි වරම් ලැබෙනවා.. කොල්ලට සරසවි යන්න බැරි වෙනවා.. ඒක තමා හුඟක් වෙලාවට වෙන්නෙ..
සරසවිය කියන්නෙ අපි හිතනවට වඩා වෙනස්ම තැනක්.. කැම්පස් ගියපු කෙල්ලෙක් කැම්පස් එකේම කොල්ලෙක් එක්ක යාලු නොවිච්ච අවස්ථා හුඟක් අඩුයි.. ඉතිං එතනදි අර ගමේ කොල්ලව අමතක වෙනවා.. විශේෂ හේතුව වෙන්නෙ දෙන්නට මුණගැහෙන්න තියෙන අසීරුතාවය..
උඹ කියලා තිබුණා අද කාලෙ එවුන් ඒ කාලෙ එවුන්ට වඩා වෙනස් කියලා.. අදකාලෙ එවුන් කෙල්ලො කොහේට හරි ඇදලා වැඩේ කරනවා.. ඒ කාලෙ අය නැහැයි කියලා.. ඒකට මං එකඟ වෙන්නෙ නැහැ මචං.. ඒක එක එකාට වෙනස් වෙනවා.. සමහර අයට තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න පුළුවන්.. ඒත් තවත් අයට ඒක කරන්න හැබැ.. ඒ කාලෙත් එහෙම අය හිටියා.. මේ කාලෙත් එහෙම අය ඉන්නවා.. ඒත් ඒ කාලෙට වඩා මේ කාලෙ එහෙම කොල්ලො වැඩියි.. මොකද උන්ගෙ මොලේ විකාර වෙලා තියෙන්නෙ අන්තර්ජාලය නිසා, සෙක්ස් වීඩියෝ නිසා.. ඒත් තමන්ට තමන් පාලනය කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ..
ඇත්තටම උඹ කියනව වගේ කොල්ලෙක්ගෙ, කෙල්ලෙක්ගෙ හොඳම කාලෙ තමා අපේ පාසල් කාලෙ.. ඒකෙත් උපරිම ෆන් ගනිපු කාලයක් තමා සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරපු කාලෙ.. ඒ ගැන මතක් වෙනකොටත් ඇත්තටම ලොකු දුකක් ඇතිවෙනවා.. මොකද අපිට කවදාවත් ඒ කාලෙට ආයෙම යන්න බෑ.. හීනෙන් ඇරෙන්න..
මම නම් කියන්නෙ ඉගෙනගන්න කාලෙ ආදර සම්බන්ධතා පටන්ගන්න යන්න එපා.. විශේෂයෙන්ම කොල්ලො.. මොකද උන් හැම එකාම ආදරේට මුල් තැන දීලා ඉගෙනීමට දෙවනි තැන දීලා ජීවිතේම අනාගන්නවා.. ඒකයි හුඟක් අය කියන්නෙ ප්‍රථම ආදරේ වේදනාවක් කියලා.. හැබැයි ඔතනදි මං දකින විදියට කෙල්ලො ඊට හාත් පසින්ම වෙනස්.. මොකද උන් කවදාවත් ආදරේ නිසා ඉගෙනීමට කෙලව ගන්නෙ නෑ.. දෙකම සමසේ ඇදගෙන යන්න උන් දන්නවා.. ඉතිං කොල්ලා එතනදි පරාදයි..
හැමදේටම නියමිත කාලයක් තියෙනවා.. ඉගෙනගන්න කාලෙ තියෙන්නෙ ඉගෙනගන්න.. ඒක තමන්ට පුලුවන් උපරිමයෙන්ම කරගන්න ඕන.. ඉගෙනීමත් අවසන් කරලා රැකියාවකුත් ලැබුණට පස්සෙ තමන්ගෙ අනාගතේ ගැන බයක් නැහැ.. එතකොට පුළුවන් ආදරේ කරන්න.. ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්න..




ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.
මචන් මන් මේ කියන්න යන දේට උබල එකඟ වේවිද නැද්ද කියල මම දන්නෙ නෑ,හැබැයි මේ කියන්න යන දේට සන්වේදි කීප දෙනෙක් හරි ඉඳී කියල මම හිතනවා,
උබලට මතකද ඉස් ඉස්සෙල්ලම උබට කෙල්ලෙකුට ආදරේ කරන්න හිතුන දවස?ඉස් ඉස්සෙල්ලම කෙල්ලෙක් ලඟ උබේ හිත නැවතුන දවස,
කෙල්ලගෙන් කැමැත්ත ගන්න කලින් ඉඳලම ඒකි එක්ක එකට ජීවත් වෙන්න ඒකිට ආදරේ කරන්න හීන මවපු කාලෙ,
,මචන් දැන් ඉන්න කොල්ලො එහෙම කරනවද බන්? මම මේ අහන්නෙ ඉස්කෝලෙ ඕලෙවල් ඒ ලෙවල් කරන කාලෙ ගැන..ඒ කාලෙ අපි කාගෙවත් හිතක ඒ කෙල්ලො ගැන අහිතක් නරකක් ගෑවිලවත් තිබුනේ නැති තරම්,උබලා කොහොමද කියන්න මම දන්නෙ නෑ බන්,මම නම් ඒ කාලෙ එහෙමයි,හිතේ තිබ්බ නම් 100%ක්ම තිබුනෙ ආදරේ විතරමයි.
ඒත් දැන් එහෙම කෙල්ලෙක් ගැන හිතන්නෙ කීයෙන් කීදෙනාද බන්? ලස්සන කෙල්ලෙක් දැක්කොත් අදින්නමයි හිතන්නෙ,ඒ ආදරේට මොකද බන් වෙලා තියෙන්නෙ..මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් ඌ කෙල්ලෙකුට පණ ඇරල ලව් කරා ඒ කාලෙ, මූ ඒකිගෙන් ඉස්කෝලෙ යන කාලෙ කැමැත්තවත් ඇහුවේ නෑ,ඒ ඇත්තටම ඒ කෙල්ලට තියෙන ආදරේ නිසා,මූත් එක්ක ලව් කරලා ඉගෙන ගන්න එක කෙලවගනී කියල බයකට,කෙල්ල දිහා බලල හිනාවෙන එක,එතකොට ආපිට ලැබෙන හිනාවයි ඒ ආදරෙයි විතරයි හිතේ තියෙන්නෙ උගේ,කොටින්ම මචන් ඌ අපිට උගේ නම කියල ඒ කෙල්ලට ජෝක් එකක්වත් දාන්න දුන්නෙ නෑ,(අපේ සෙට් එකේ ඉඳපු උන් ගොඩ දෙනෙක් එහෙමයි තමන්ගෙ හිත ගියපු කෙල්ලට ආදරේ කරේ මමත් ඇතුලුව)ඒ ඇත්තටම ඒකිට තිබ්බ ආදරේ නිසා,ඒත් අන්තිමට ඒ කෙල්ලගෙන් කැමැත්ත අහද්දි ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඉඳල තියෙනවා,ජීවිතේ අවුල් කරගන්න තරමට පිස්සෙක් නොවෙච්ච ඌ අද ඉන්ජිනේරුවෙක් ප්‍රසිද්ද බැන්කුවක,හැබැයි ඌට තාම කෙල්ලෙක් නෑ බන් (කසාද බඳින්න) හැබැයි මදි නොකියන්න කෙල්ලො අදිනවා බන් ඌ දැන්.. මට හිතාගන්න බැරි අපි එක්ක ඉඳපු අර එකාද මේ ඉන්නෙ කියල,ඇත්තටම පුදුමයි බන්,ඉඳල හිටල වෙලාවක සෙට් උනාම මම ඌගෙන් අහනවා මොකද මචන් මේ කියල,එහෙම අහන මට ඌ දෙන උත්තරේ තියෙන්න පොඩි හිනාවක් විතරයි,ඒ හිනාවෙ හැන්ගිලා තියෙන දුකක් වේදනාවක් ඒ වෙලාවට මට පැහැදිලිවම පේනවා බන් හැබැයි මචන් උගේ ඒ හිනාවෙ තියෙන කතන්දරේ දන්නෙ අපි ඉස්කෝලෙ යාලුවො ටික විතරයි..
ඇත්තටම එහෙමත් කාලයක් තිබ්බ මචන්,ඒත් කාලෙත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ගිහින්,අපේ හිත් පවා..මේ දේවල් හිතෙනකොට දැනෙනකොට මහා හිස්බවක් දැනෙනව බන් සිරාවටම..
උබලට හිතෙන දැනෙන දේවලුත් කියපල්ලා...
පුලුවන් නම් එක පාරක් මේ සින්දුව අහන්න,තමන්ගෙ අතීතය මතක් වේවි..
නොයිදුලේ හැගුමන් තියාගෙන...
කාලයෙන් වියපත් වෙලා අප...
වෙන් උනෙත් ආදරය හින්දාමයි...
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි...
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි...

මොකද ප්‍මය පිවිතුරු වෙන තරමට උබ කෙල්ලගෙ යහපත ගැන විතරයි හිතන්නෙ පස්සෙන් යනවා පිස්සු බලල වගෙ ඒත් ඒක වැඩිය දැනෙන්න දෙන්නෙ නැ ඉගෙන ගන්න කෙල්ලෙක් නම් තාම පොඩි ඉගෙන ගෙන ඉවර වෙනකං ඉන්නවා මෙව් අහලා ඕකෙ පිස්සු නටයි කියල හිතනවා ඒත් කෙල්ලො කෙල්ලො උබල හිතන තරම් පොඩි නැ බන් උබලට අපිට වගෙ ඉවසිමත් නැ
ඒ වෙනකොට පෙරහැර ගිහින් උබලට පසු තැවිල්ල විතරයි ඉතුරු වෙන්නෙ
ඒත් උබ ටිකක් ආත්මාර්තකාමි වෙලා ඔනෙ දෙයක් උන දෙන් කියලා කෙල්ලට කැමැති කිව්ව්වා නම් සම්හර ව්ඉට ලව් එක ගොඩ යන්න තිබුනාඇත්ත මචන්..නමුත් මම නම් දකින විදියට අද කාලේ අපිට වුනත් සිරා ලව් කරන්න තරම් පරිසරයක් නෑ බන්...දැන් අහිංසක කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද..හැම කෙල්ලම ෆේස් බුක් ඉන්නව..මොබයිල් ෆෝන් තියනවා...අද කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම අවංක නෑ බන්...ඒ හින්ද සම්පුර්ණ විශ්වාසෙකින් ආදරයක් කරනවා කියන දේ සම්මත නෑ මේ කාලෙට..කොල්ලෙක් දැන් ලව් එකක් පැරණ ගන්නේ කවද හරි මේක කෙලවෙයි කියලා හිතේ තියන්..ඉතින් ඌ කෙල්ලගෙන් ගන්න පුළුවන් හැමදේම ගන්න තමයි බලන් ඉන්නේ..ඔහොම කෙල්ලෝ ඇදලා අන්තිමට කරේ ගහගන්න වෙන්නෙත් වටේ ගියපු ලොටපයි කැල්ලක් තමයි..පුලුවන්නම් හොයල බලපන් අද ෆර්ස්ට් ලව් මැරී කරලා ඉන්නේ කියෙන් කීදෙනාද කියලා...මන්දා බන් මටත් කලකිරීමක් තියෙන්නේ මේ කාලේ ගැන...

dan godak girls la adare karanne sanukata machan...
he has a gorgeous voice...
actually sanuka is a legend machan.. future of sri lankan music industry..![]()
ube kalla u line karagattada? 