ඇත්තටම තියෙන දේවල් - part 1

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඇත්තටම තියෙන දේවල් - part 1

    ඇත්තටම තියෙන දේවල්
    අපි ගොඩක් අය දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා... ඇත්තම කිව්වොත් මොනම බුද්ධිමතෙක්ට උනත් යම් දෙයක් ගැන කථා කරන්නේ එත් එයා ඒ සම්බන්ධයෙන් සියල්ල දැනගෙන නොවයි කථා කරන්නේ(මමත් මේ කරන්නේ අවබොධ කර ගන්න උත්සහ කරන එකයි.)....... සමහර විට යම් ප්‍රමාණයක් දැනගෙන...
    එලකිරියෙත් මම දකලා තියෙනවා මේ හිත ගැන ගොඩක් අය විවිධ තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. මම දක්ක අද මේ ''ජීවිතයේ රහස'' කියලා කත්‍රෙඩ් එකක් දලා තියෙනවා. එනිසා මම හිතුව මෙක ලියන්න
    ඉතින් මන් හිතුවා මම දන්න දේවල් ටිකක් ගැන ඔගොල්ලන්ට කියන්න කියලා...වැරදි තියෙනවනම් දන්න අය හදන්න මොකද මම දන්නෙත් ටිකයි මට වඩා මේ සම්බන්ධයෙන් දන්න අය ගොඩක් ඉන්නවා.

    මුලින්ම දැනගන්න ඒනේ ''පරමාර්ථ දර්ම'' ''සම්මුති ධර්ම'' කියන්නේ මොනවාද කියලා

    සම්මුති ධර්ම
    යම් දෙයක් බේදා වෙන්කළ හැකි නම් කඩා බිද දැමිය හැකි නම් එවා සම්මුති ධර්මයට අයත් දෙයකි. අපි ගනිමු වස්තුවක් ''පෑන'' මේ පැන කියන දේ කොපුව වෙනමද, පෑන් බටය වෙනමද, පෑන් තුඩ, වැනි දේවල් සියල්ලම වෙනම තියෙන විට අපි ඒකට පෑනක් කියලා කියන්නේ නෑනේ. අන්න ඒ වගේ තමයි. සම් සමුහයකින් හැදුනු දෙවල් වලට කියනවා සම්මුති ධර්මයන් කියලා.
    යම් දෙයක් සම්මුත් ධර්මද කියලා හදුන ගන්න නම් ඒවා කඩා බිදලා බලන්න එවිට ඒවා කඩා බිදලා වෙන් කරලා දන්න පුඑවන්නම් ඒවා සම්මුත් ධර්මයන්ට අයිති දෙයකි.

    පරමාර්ථ ධර්ම
    යම් දෙයක් බේදන්න බැරිනම් කඩන්න බැරිනම් වෙන්කරන්න බරිනම් ඒවා පරමාර්ථ ධමයට අයත් දෙයකි. අපි මුලින්ම ගත්ත උදාහරණයම ගමු ''පෑන'' මේ පෑන බේදන්න පුඑවන් කඩන්න පුඑවන් වෙන් කරන්න පුඑවන් එහෙනම් මේ පෑන පරමාර්ථ ධර්මයට අයිති දෙයක් නොවෙයි.

    යම් දෙයක් පරමාර්ථ ධර්මයට අයිති දෙයක් ද කියලා හදුන ගන්න නම් ඒවා කඩා බිදලා බලන්න එවිට ඒවා කඩා බිදලා වෙන් කරලා තියන්න බැරිනම් ඒවා පරමාර්ථ ධර්මයන්ට අයිති දෙයකි.

    අප සරණ ගිය ඒ සම්මා සම්බුදු ගෞතම බුදු රාජානන් වහන්සේ අපිට කියලා දිලා තියෙනවා මේ පරමාර්ථ ධර්මයන් ගැන. උන් වහන්සේ දෙශනා කරනවා පරමාර්ථ ධර්මන් 82ක් තියෙනවා කියලා. එවා උන්වහන්සේ ඒවා අපිට මේ භබයක් පමන වු ශාර්රයෙන් පෙන්වා දිලාත් තියෙනවා.
    මේ 82ක බෙදෙන්නේ මෙහෙමයි...
    සිත - සිත යටතේ එක් පරමාර්ථ ධර්මයකුත් (1)
    චෛතසික - චෛතසික යටතේ පරමාර්ථ ධර්ම 52 කුත්
    රූප - රූප යටතේ පරමාර්ථ ධර්ම 28 කුත්
    නිබ්බාන - නිබ්බාන යටතේ පරමාර්ථ ධර්ම එකකුත් (1)

    රූප
    මේ වශයෙන් බෙදා වෙන් කර තියෙනවා.
    සිත කරන්න පෙර රූප කොටසින් කිහිපයක් කරන්න ඕනේ එවිට එය තේරුම් ගැනිමට ටිකක් පහසුයි.

    අප මේ දාරාගෙන ඉන්න ශාරිරය හා අනෙකුත් සියලුම දෑ වල මුලික ස්භාවය මොකක්ද කියලා ඇහුවොත් කව්රැත් දන්නේ නෑ (මමත් දන්නේ මේක දැනගත්තාට පස්සේයි)
    මේ ශාරිරය සෑදි ඇති කුඩාම ඒකකය ''සෛලය'' නොවෙයි. එම එකකය ඊටත් වඩා කුඩා දෙයක් ඒ දෙයත් තනිවම නොවෙයි ඉන්නේ 4 දෙනෙක් එක්ක.
    ඒවා නම් පඨවි, අපෝ, තේජෝ, වයෝ යන සතර භූතයන්ය... මේ සතර මහා භූතයො යම් තැනක උපදිනවාද ඒත් සමගම පෙර පසු නොවි වර්ණ, ගන්ධ, රස, ඔජා (ආහාර රූපය) උපදි. මේම රූප අට දෙනාම එකටම සෑම අවස්ථාවකම සිටියි. එමනිසා මෙම රූප 8 ශුද්ධ - අති පිරිසිදු අෂ්ඨක - අටදෙනා යන අර්ථයන් ඇති ශුද්ධාෂ්ඨකය යනුවෙන් හදුන්වයි. මෙම අටදෙනා කිසි විටක තනිව නුපදියි හො වෙන් කර නොහැක.
    පඨවි - තද කර්කශ ගතිය මෘදු ගතිය හයිය ගතිය.. උදාහරණයක් වශයෙන් කඵ ගලක් එය තද ගතියෙන් වැඩියි.
    අපෝ - ඇලොන ගලන ගතිය... උදාහරනයක් වශයෙන් ජලය, තීන්ත, ලේ වැනි දෑ ඇලෙන ගලන ගතියෙන් යුක්තයි.
    තේජෝ - උණුසුම් සිතල ගතිය.... උදාහරන වශයෙන් ගින්දර, අයිස් කැට වැනි දේ මේ උණුසුම් සිතල ස්භාවයෙන් වැඩියි.
    වයෝ - පිම්බෙන හමන ගත්ය..... උදාහරන වශයෙන් සුලග වැනි දේ...
    වර්ණය - පාට ....උදාහරන වශයෙන් කඵ, සුදු
    ගන්ද - නාසයට දැනෙන සුක හො දුක හො සුක දුක නොමැති උපෙක්කා ගතිය ඇති රූපයන්ය..
    රස - දිවට දැනෙන ප්රනීත හෝ හීන හෝ ප්රනිත හීන නොවන උපෙක්කා ගතිය ඇති රූපයන්ය...
    ඔජා - රූප නිපදවීමේ හැකියාව ඇති ගතිය.. මේය හදුනා ගැනීමට ඉතා අපහසුය එම නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවබොධයක් තවත් බොහොදේ ඉගෙනීමේදි අවබොධ කල ගත හැක..

    මේ ශුද්ධාෂ්ඨක වලින් තමයි මේ ශාරිරය හැදිලා තියෙන්නේ.. විශ්වාස කරන්න බෑ නේද.........කිසිම විටක මේ ශුද්ධාෂ්ඨක වෙන වෙනම පවතින්නේ නෑ අනික යම් වස්තුවක මේ ශුද්ධාෂ්ඨකයේ ප්රබලයා තමයි වැඩියෙන් පෙනෙන්නේ....
    අපි උදාහරනයක් වශයෙන් ජලයේ මේ ශුද්ධාෂ්ඨකයන් නිරුපනය කරන ආකාරය
    පඨවි ගතිය - තියෙනවා සුනාමිය ඇවිල්ල ගෙවල් දොරවල් කුඩු කරේ ජලයේ ඇති පඨවි ගතියෙන් මෙම ගතිය අඩුවෙන් නිරැපනයකරන්නේ
    අපො ගතිය - එක ඉතින් අයේ අමුතුවෙන කියන්න දෙයක් නෑ නේ මේ ගතිය ඉතා හොදින් නිරැපනය කරනවා
    තේජො ගතිය - මෙයත් ඉතා හොදින් නිරුපනය කරනවා
    වයෝ ගතිය - මෙයානම් ඉතාමාත් අඩුවෙන් නිරැපනය කරන්නේ..
    වර්ණ - මෙයත් ඉතා හොදින් නිරුපනය කරනවා
    ගන්ධ - මෙයත් අඩුවෙන් හොදින් නිරුපනය කරනවා
    රස - මෙයත් ඉතා හොදින් නිරුපනය කරනවා
    ඔජා- මෙයත් ඉතා අඩුවෙන් නිරුපනය කරනවා

    මෙන්න මේ වගේ යම් යම් දේවල් වල මේ අටදෙනා නිරුපනයෙන් අඩු වැඩි විමක් තියෙනවා.

    ඔක්කොම එකපාර දන්න හැදුවේ බෑලු අකුරු ගාන වැඩියි
    part 2 හිද හමුවෙමු...

    සියලු දෙනාට නැරබිමටත් උපකාර කරන්න

    බුදු සරනයි....

    කරාවු සියලු පින් ඒ අති උතුම් වු නිවනම අවබොධ කර ගැනිමට
    මෙය හේතු වාසනා වේවා..

    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    එල මචන්.

    මාත් කලින් thread එකක් දාල තිබ්බ අභිධර්මය ගැන. ඒකෙදි කට්ටිය මේ ගැන ටිකක් දුරට කතා කරලා තියනව. පොඩ්ඩක් ඔලුව දාගෙන යන්න.

    ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░

    oya dala thiyenawa wage hoda treade sticky karanna one manhithanne wadakata anthi ewa thamai sticky karala thiyenne

    thankx
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    සම්මුති ධර්ම මේ ලෝකෙ ඇත්තටම නෑ.. අපි ඒව පොදුවෙ පිලිගත්ත දේවල් විතරයි..
    පරමාර්ථ ධර්ම වුණත් ඇත්තටම නෑ.. බුදුහාමුදුරුවො කිව්වලු මම මේ දේශනා කරන්නෙ සකස් කරගත් ධර්මයක් කියල... :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සම්මුති ධර්ම මේ ලෝකෙ ඇත්තටම නෑ.. අපි ඒව පොදුවෙ පිලිගත්ත දේවල් විතරයි..
    පරමාර්ථ ධර්ම වුණත් ඇත්තටම නෑ.. බුදුහාමුදුරුවො කිව්වලු මම මේ දේශනා කරන්නෙ සකස් කරගත් ධර්මයක් කියල... :yes:

    හැබැයි මචන් පරමාර්ථ ධර්ම අර්ථදක්වල තියෙන්නෙ ඇත්තටම තියන දේවල් හැටියට. ඒක තමයි අභිධර්මයේ පදනම. පරමාර්ථ ධර්ම ඇත්තටම නැත්නම්, මේ විශ්වයේ කිසිම දෙයක් තියෙන්න බෑ. ඔය කිව්ව දේ කෙනෙක් කියවල තේරුම් ගන්න පුළුවන් බුද්ධ ධර්මය කියන්නෙත් එතකොට නැති දෙයක් මත පදනම් වෙච්ච දෙයක් විදිහට. පුලුවන්නම් මචන් බුදුහාමුදුරුවෝ ධර්මය සකස් කරගත්ත දෙයක් කියල දේශනා කරලා තියන තැන කියනවද? මොකද එහෙම දෙයක් දේශනා කරල තියනවනම්, මට කියවල බලන්න ඕනකම තියනව එතන ඇත්තටම අදහස් කරලා තියෙන්නෙ මොකද්ද කියල.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සම්මුති ධර්ම මේ ලෝකෙ ඇත්තටම නෑ.. අපි ඒව පොදුවෙ පිලිගත්ත දේවල් විතරයි..
    පරමාර්ථ ධර්ම වුණත් ඇත්තටම නෑ.. බුදුහාමුදුරුවො කිව්වලු මම මේ දේශනා කරන්නෙ සකස් කරගත් ධර්මයක් කියල... :yes:

    පරමාර්ථ ධර්මතියන්නේ ඇත්තටම තියෙන දෙයක් එත් එක සදාකල් නෑ එකත් නැසෙනවා... අනික පරමාර්ථ ධර්මයන් අයේ කඩන්න බිදින්න බෑ... එක තමයි මුලික ඒකකය....
    ඔව් බුදුරාජානන් වහන්සේ කියනවා තමයි මම මේ දේශනා කරන්නේ් හදා ගත්තු ධර්මයක් දේශනා කරන්නේ කියලා එකට හේතුව තමයි
    උන්වහන්සේ මේ ධර්මය අවබොධ කරගත්තේ ස්භහවයන්ගෙන් ඒ අවබොධ කරගත් ධර්මය වචනයට පෙරලගත්ත ඒ නිසා තමයි බුදු රාජානන් වහන්සේ කියන්නේ අනන්දය මම මේ දේශනා කරන්නේ සදාගත් ධර්මයක් කියලා
    උදා තේජෝ - අවබොධ කරගත් විධිහ තමයි උණුසුම් සිතල ස්වභාවය කියලා ඒත් උන්වහන්සේ දේශනා කරනකොට ඒක වචනයට පෙරල ගෙන තේජෝ කියලා නම් කරා..

    මේ විධිහට තමයි මම ඒ පිලිබදව අවබොධ කරගෙන ඉන්නේ‍්
    බුදු සරණයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    හැබැයි මචන් පරමාර්ථ ධර්ම අර්ථදක්වල තියෙන්නෙ ඇත්තටම තියන දේවල් හැටියට. ඒක තමයි අභිධර්මයේ පදනම. පරමාර්ථ ධර්ම ඇත්තටම නැත්නම්, මේ විශ්වයේ කිසිම දෙයක් තියෙන්න බෑ. ඔය කිව්ව දේ කෙනෙක් කියවල තේරුම් ගන්න පුළුවන් බුද්ධ ධර්මය කියන්නෙත් එතකොට නැති දෙයක් මත පදනම් වෙච්ච දෙයක් විදිහට. පුලුවන්නම් මචන් බුදුහාමුදුරුවෝ ධර්මය සකස් කරගත්ත දෙයක් කියල දේශනා කරලා තියන තැන කියනවද? මොකද එහෙම දෙයක් දේශනා කරල තියනවනම්, මට කියවල බලන්න ඕනකම තියනව එතන ඇත්තටම අදහස් කරලා තියෙන්නෙ මොකද්ද කියල.

    අඩේ මචං උඹ තරං නං මම මේ සබ්ජෙක්ට් එක දන්නෙ නෑ..
    youtube එකේ තියෙනව Maha Sinha Naadaya කියල වීඩියෝ සීරීස් එකක්.. මට එළකිරියෙන්මයි ලිංක් එක හම්බවුණේ.. උඹමද මංද දුන්නෙ. හරියට මතක නෑ.. ඒකෙ හාමුදුරුවො තමා එහෙම කියන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පරමාර්ථ ධර්මතියන්නේ ඇත්තටම තියෙන දෙයක් එත් එක සදාකල් නෑ එකත් නැසෙනවා... අනික පරමාර්ථ ධර්මයන් අයේ කඩන්න බිදින්න බෑ... එක තමයි මුලික ඒකකය....
    ඔව් බුදුරාජානන් වහන්සේ කියනවා තමයි මම මේ දේශනා කරන්නේ් හදා ගත්තු ධර්මයක් දේශනා කරන්නේ කියලා එකට හේතුව තමයි
    උන්වහන්සේ මේ ධර්මය අවබොධ කරගත්තේ ස්භහවයන්ගෙන් ඒ අවබොධ කරගත් ධර්මය වචනයට පෙරලගත්ත ඒ නිසා තමයි බුදු රාජානන් වහන්සේ කියන්නේ අනන්දය මම මේ දේශනා කරන්නේ සදාගත් ධර්මයක් කියලා
    උදා තේජෝ - අවබොධ කරගත් විධිහ තමයි උණුසුම් සිතල ස්වභාවය කියලා ඒත් උන්වහන්සේ දේශනා කරනකොට ඒක වචනයට පෙරල ගෙන තේජෝ කියලා නම් කරා..

    මේ විධිහට තමයි මම ඒ පිලිබදව අවබොධ කරගෙන ඉන්නේ‍්
    බුදු සරණයි

    ඔව් සකස් කරගත්ත කිව්ව පලියට බොරුවක් දේශනා කෙරුව කියල අදහස් වෙන්නෙ නෑ.. මේ ධර්මය මිනිසාට තේරුං ගන්ඩ.. අවුරුදු දහස් ගාණක් ඉදිරියට රැකෙන්ඩ ඒක දේශනා කරපු විදිය වෙන්ඩ ඇති මේ කියන්නෙ...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අඩේ මචං උඹ තරං නං මම මේ සබ්ජෙක්ට් එක දන්නෙ නෑ..
    youtube එකේ තියෙනව Maha Sinha Naadaya කියල වීඩියෝ සීරීස් එකක්.. මට එළකිරියෙන්මයි ලිංක් එක හම්බවුණේ.. උඹමද මංද දුන්නෙ. හරියට මතක නෑ.. ඒකෙ හාමුදුරුවො තමා එහෙම කියන්නෙ...

    එහෙනම් ඔයාට ඒක පොඩ්ඩක් වෙනස් විදිහට අහන කොට ඔලුවට යන්න ඇති. ඔය වගේ දේවල් මටත් සෑහෙන්න වෙලා තියනව. සංකිර්ණ දෙයක් ඉගෙනගන්න කොට ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. 'පරමාර්ථ' කියන වචනෙන්ම අදහස් වෙන්නෙ, කඩා වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින කියන එක. පරමාර්ථ ධර්මත් අනිත්‍යයි, හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒව ඇත්තටම නෑ කියල.:)