ඇත්ත කතා කරමු.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දැන් රෙප් තත්වේ කොහොමද මචන්. චන්දෙට පස්සේ කොටස් වෙළද පොළ වගේ ඇති නියුටල් එකේ කඩුගන්නාව බහිනවා වගේ ඇති.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
දැන් රෙප් තත්වේ කොහොමද මචන්. චන්දෙට පස්සේ කොටස් වෙළද පොළ වගේ ඇති නියුටල් එකේ කඩුගන්නාව බහිනවා වගේ ඇති.
රෙප් නම් කැපෙනවා, එක කමක් නැ. මම කියන්නේ නැ පන්සල් කඩන්න කියලා. මම කියන්නේ, පන්සල වාණිජ ජීවිතේට ගාව ගන්න එක වැරදියි.තමන්ගේ නොහැකියාව කම්මැලිකම නිසා, මේ ඇති.. ඔච්චර මොකටද වගේ කතා කියලා සිංහලු හිත හදාගන්නවා නිවන අරමුණ කියලා, මේ ලෝකේ සැප වැඩක් නැ කියලා. එහෙම උගන්නන හාමුදුරුවරු කොටි හම්බ කරලා ජිවත් වෙනවා.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔන්න ඕක ඇති කලේ මිහිදුගේ දර්මය. මිහිදුගේ දර්මය බුද්දාගම කියන එකට මම එකග නැ. බුදුහාමුදුරුවෝ කියන්නේ රජෙක්. නිවන් අවබෝදය කියන කාරනාව පෙරුම්පුරලා කරපු දෙයක් නම්, එයා තමන්ගේ නැණව විවාහ කරගෙන දරුවෙකුත් හදලා ගිහි ජීවිතෙන් සමු අරගන්නේ නැ නිවන් දකින්න. බුදු හාමුදුරුවෝ රජ සැප විදලා නිවන් දැක්කේ. එක ඉස්සෙල්ලාම අවබෝද කරගන්න ඕනා සිංහලු. බුදුහාමුදුරුවෝ නිවන් ලබන්න කියලා හැරියේ නැ. එයා නිවනුත් ලැබුවා ලෞකික සැපත් වින්දා. මහායානය ෆලෝ කරන්නේ ඕක. එක තමයි රියල් ස්ටොරිය.

    නෑ මචන්. කම්මැලි සිංහළු තමන්ගෙ කම්මැලිකම වහගන්න හදන්නෙ බුද්ධාගමෙන්. ඒතනයි වරද. මේක මේ බුදු දහමෙම අවුලක් කියලා උබ කියන්න හදන්නෙ බහුතරය බෞද්ධ නිසානේ. ඒත් ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි අයටත් ඔය කියන තරම් දියුණුවක් නෑනේ. හැබැයි උන් ගැන වැඩිය මීටර් වෙන්නේ නෑ පොඩ්ඩයිනෙ. ඒකට හේතුව ජේසුගෙ ධර්මය නෙවේ. උතුරෙ දෙමල අයට නම් සාධාරන හේතුවක් තියෙනව කියන්න පුළුවන්. ඒත් දකුනෙ ඉන්න දෙමල අයගෙත් දියුනුවක් නෑනේ. ඒකට උන්ගෙ හින්දු ධර්මය පලි නෑ. දියුනුවක් කියලා තියෙනව නම් ඒ මුස්ලිම් මිනිස්සුන්ගෙ විතරයි, උන්ට උන්ගෙ ආගමෙන් ටාගට් එකක් දීලා තියෙනව. උන් ඒකට වැඩ කරනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නෑ මචන්. කම්මැලි සිංහළු තමන්ගෙ කම්මැලිකම වහගන්න හදන්නෙ බුද්ධාගමෙන්. ඒතනයි වරද. මේක මේ බුදු දහමෙම අවුලක් කියලා උබ කියන්න හදන්නෙ බහුතරය බෞද්ධ නිසානේ. ඒත් ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි අයටත් ඔය කියන තරම් දියුණුවක් නෑනේ. හැබැයි උන් ගැන වැඩිය මීටර් වෙන්නේ නෑ පොඩ්ඩයිනෙ. ඒකට හේතුව ජේසුගෙ ධර්මය නෙවේ. උතුරෙ දෙමල අයට නම් සාධාරන හේතුවක් තියෙනව කියන්න පුළුවන්. ඒත් දකුනෙ ඉන්න දෙමල අයගෙත් දියුනුවක් නෑනේ. ඒකට උන්ගෙ හින්දු ධර්මය පලි නෑ. දියුනුවක් කියලා තියෙනව නම් ඒ මුස්ලිම් මිනිස්සුන්ගෙ විතරයි, උන්ට උන්ගෙ ආගමෙන් ටාගට් එකක් දීලා තියෙනව. උන් ඒකට වැඩ කරනවා.

    ක්‍රිස්තියානි මිනිහගේ දියුණුවක් නැ කියන්නේ කොහොමද බන්. උන්ගේ දර්මයට අනුව උන් කාලා බිලා ඉන්නේ නැද්ද. උන්ගේ දර්මේ තමයි කන එක බොන එක. උන් එක කරන්නේ නැද්ද කියහන්කෝ.මිගමුව සයිඩ් එකේ ඉදන් හලාවතට් වෙනකන් බලහන්. කොටිපතියොත් ඉන්නවා, හිගන්නොත් ඉන්නවා ක්‍රිස්තියානි.. හැබැයි උන් එකෙක්වත් කියනවද කියහන්කෝ, මේවා වැඩක් නැ ස්වර්ගේ තමා ඕනා කියලා. උන් ස්වර්ගේ යන්න මෙහෙ ස්වර්ග සැප විදින්න සෙට් වෙනවා. දුප්පත් පැල්පතේ ඉන්න එකත් උන්ගේ ආගමේ හැටියට කාලා බිලා ජොලිය දාලා ඉන්නවනේ බන්. ( හරි හෝ වැරදි ) බෞද්ද උන්ගේ ගෙවල්වල හවසකට ගිහින් බලහන්. මිනිහා බීගෙන ඇවිත් කෑගහන කොට ගැනී කියන්නේ, කරුමේ කියලා. ක්‍රිස්තියානි උන් එකට කියන්නේ ජොලිය කියලා.
     
    මේකනම් සහතික ඇත්ත බන්. මම දන්නා මීගමුවේ පවුලක් හිටියා ක්‍රිස්තියානි. මිනිහා රැට බීගෙන ඇවිත්බයිට් ඉල්ලලා ගෙදර යකා නටලා වලං පොලේ ගහලා, බැරිම තැන ගැනී කොපි දළු බැදලා දීලා. දැන් ඒ යකා ඉල්ලන්නේම එවලු. මේ ගැනී මේක කියන්නේ මහා උජාරුවට. ඕක අහපු බෞද්ද අම්මණ්ඩි ගත් කටටම කිව්වේ, සංසාරේ.. සංසාරේ.. ඇල්බට්ගේ ජිවිතේ තමා කියලා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේකනම් සහතික ඇත්ත බන්. මම දන්නා මීගමුවේ පවුලක් හිටියා ක්‍රිස්තියානි. මිනිහා රැට බීගෙන ඇවිත්බයිට් ඉල්ලලා ගෙදර යකා නටලා වලං පොලේ ගහලා, බැරිම තැන ගැනී කොපි දළු බැදලා දීලා. දැන් ඒ යකා ඉල්ලන්නේම එවලු. මේ ගැනී මේක කියන්නේ මහා උජාරුවට. ඕක අහපු බෞද්ද අම්මණ්ඩි ගත් කටටම කිව්වේ, සංසාරේ.. සංසාරේ.. ඇල්බට්ගේ ජිවිතේ තමා කියලා.

    koopi dalu bedala kiwe mchn :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    koopi dalu bedala kiwe mchn :oo:
    බයිට් එක ගේ ඇතුලේ මුකුත් තිබිලා නැ.. වෙනදට කතුරු මුගුන්ගා කොලලු බැදලා දෙන්නේ.. එදා මුකුත් නැති නිසා මේ ගැනී බැරිම තැන කෝපි දළු ටිකක් අරන් බැදලා දීලා. පට්ට රහයිලු.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මටනම් මචන් මෙතන තව ප්‍රධාන ප්‍රශ්ණයක් තියෙනව, අපි ඉගෙන ගෙන තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ඇත්තම දහමද කියල. මොකද මිහිඳු හාමුදුරුවො ලංකාවට බුදු දහම ගෙනාවට පස්සෙ වලගම්භා රජතුමාගේ කාලෙ වෙනකම්ම ඒ දහම ආවෙ මුඛ පරම්පරාවෙන්. ඒ හේතුව නිසා ත්‍රිපිටකකයට ග්‍රන්ථාරූඪ කරේ අර බුදු හමුදුරුවො දේශනා කරපු ඇත්තම දහමද කියල ප්‍රශ්ණයක් මතු වෙනව. අපි දන්නව කටින් කට යම් දෙයක් අවුරුදු සිය ගනනක් එද්දි යම් යම් වෙනස්කම් වෙන්න අවස්තාව වැඩ්යි කියල.

    තවත් දෙයක් තමයි අපි දැන් බන අහන්නෙත් රහතන් වහන්සේලාගෙන් නෙවෙයිනේ. අපි වගේම නොවුනත් තවමත් පෘතක්ජන හාමුදුරුවරුන්ගෙන්. එතකොට ඒ හාමුදුරුවරුත් බන කියන්නේ තම තම නැණ පමනින් තමන් ධර්මය කියවා තේරුම් ගත් ආකාරයටයි. සංවාදයට විවෘතයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ක්‍රිස්තියානි මිනිහගේ දියුණුවක් නැ කියන්නේ කොහොමද බන්. උන්ගේ දර්මයට අනුව උන් කාලා බිලා ඉන්නේ නැද්ද. උන්ගේ දර්මේ තමයි කන එක බොන එක. උන් එක කරන්නේ නැද්ද කියහන්කෝ.මිගමුව සයිඩ් එකේ ඉදන් හලාවතට් වෙනකන් බලහන්. කොටිපතියොත් ඉන්නවා, හිගන්නොත් ඉන්නවා ක්‍රිස්තියානි.. හැබැයි උන් එකෙක්වත් කියනවද කියහන්කෝ, මේවා වැඩක් නැ ස්වර්ගේ තමා ඕනා කියලා. උන් ස්වර්ගේ යන්න මෙහෙ ස්වර්ග සැප විදින්න සෙට් වෙනවා. දුප්පත් පැල්පතේ ඉන්න එකත් උන්ගේ ආගමේ හැටියට කාලා බිලා ජොලිය දාලා ඉන්නවනේ බන්. ( හරි හෝ වැරදි ) බෞද්ද උන්ගේ ගෙවල්වල හවසකට ගිහින් බලහන්. මිනිහා බීගෙන ඇවිත් කෑගහන කොට ගැනී කියන්නේ, කරුමේ කියලා. ක්‍රිස්තියානි උන් එකට කියන්නේ ජොලිය කියලා.

    උබ කියන්නෙ බෞද්ධයො නොකා නොබී ඉන්නවා කියලද? ගිහින් බලපන්කො බාර් වල පොර කන හැටි. වෙනසකට තියෙන්නෙ බෝතලේ ගහන ගෙදරකට හාමුදුරු නමක් වැඩියොත් ඒවා හංගලා පුටුවට සුදු රෙද්දක් දාලා සැදැහැවත් මූඩ් එක ඔන් කරගන්න උත්සහ කරනවා. බිව්වට කරන්නෙ වැරැද්දක් බව යටි හිත දන්නවා. ෆාදර් කෙනෙක් ගෙදරට ආවොත් අනේ මන්දා ගෙදර තියෙන හොඳම ග්ලාස් එකට ටිකක් දාලා දෙන්නත් ඉඩ තියෙනවා. ලොකු විරෝධයක් නෑනේ.

    කොහොම බිව්වත්, ඔය කවුරුත් එකම ඉස්පිරිතාලෙ එකම වාට්ටුවෙ ඉන්නකොට හාමුදුරුවො ඇවිත් පිරිත් නූල් ගැට ගහනකොට ෆාදර් ඇවිත් ආශිර්වාද කරලා යනවා. ලොකු වෙනසක් නෑ මචන්. ඒක කරන අතර තුර හිතන විදියෙ වෙනස් විතරයි. පිසිකලි එකම බලපෑම. ගුටිකන ගෑනිටත් මේකම තමා. කරුමෙට ගුටි කෑවත් ජොලියට ගුටි කෑවත් දෙන්නම් තවන්නෙ උනුවතුරෙන්. දෙන්නම ගානෙ එකම බාම් එක. ජොලියට කාපුව වේදනාවෙ අඩුවක් නෑ. අපි හිතන හේතුවෙයි වෙනස. අවුටි පුට් එක එකයි. පොලව තැටියක් කියලා හිතන් හිටපු කාලෙත් ඉර පෑව්වනෙ බන්. ගෝලයක් බව දැන ගත්තට පස්සෙ වෙනසක් නෑනේ. අපේ හිත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බුදු දහමේ උගන්වන්නේ නියම සතුට ඇත්තේ අත්හැරීම තුළයි කියල... ඒ කියන්නේ යම් කිසි භෞතික දේකට පුද්ගලයෙකුට ඇති කරගන්න ඇල්ම සදාකාලික නොවන බව.... ඉතිං මූලික බුද්ධ ඉගැන්වීම තියෙන්නේ සංසාරය කෙළවර කර ගැනීමක් ගැන.... හැබැයි ගිහියාගේ පැවැත්මට සංසාරය කෙටිකර ගැනීම කියන ඉලක්කයත් තමන්ගේ ලෞකික ජීවිතයත් අතර දෝලනය වෙන්න වෙනවා... ඒ නිසා තමයි හැම වෙලාවකම බෞද්ධයා අරමුණකින් තොරව ‘වැනියන් කලූ වැනීයන්’ මොඩල් එකේ ඉන්නේ.... ඔවුන් තමන්ගේ සීමාව, වපසරිය දන්නේ නෑ... අන්තිමට හැගීම්වලට බර වුණු, පටු ආකල්පවලින් යුත් බහුතරයක් බිහිවෙලා...
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    බුදු දහමේ උගන්වන්නේ නියම සතුට ඇත්තේ අත්හැරීම තුළයි කියල... ඒ කියන්නේ යම් කිසි භෞතික දේකට පුද්ගලයෙකුට ඇති කරගන්න ඇල්ම සදාකාලික නොවන බව.... ඉතිං මූලික බුද්ධ ඉගැන්වීම තියෙන්නේ සංසාරය කෙළවර කර ගැනීමක් ගැන.... හැබැයි ගිහියාගේ පැවැත්මට සංසාරය කෙටිකර ගැනීම කියන ඉලක්කයත් තමන්ගේ ලෞකික ජීවිතයත් අතර දෝලනය වෙන්න වෙනවා... ඒ නිසා තමයි හැම වෙලාවකම බෞද්ධයා අරමුණකින් තොරව ‘වැනියන් කලූ වැනීයන්’ මොඩල් එකේ ඉන්නේ.... ඔවුන් තමන්ගේ සීමාව, වපසරිය දන්නේ නෑ... අන්තිමට හැගීම්වලට බර වුණු, පටු ආකල්පවලින් යුත් බහුතරයක් බිහිවෙලා...
    :yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    People should understand that negative impulses from these religion teachings are worse even thy cannot hit back physically.

    ගතානුගාතික බෞද්ධයා වෙනුවට අද අපට අවශ්‍ය වෙන්නේ ප‍්‍රායෝගික බෞද්ධයෙක්... ප‍්‍රායෝගි භික්ෂුවක්.... අපේ විහාර දේපල යටතේ තිබිච්ච හැම දේපලක්ම කොල්ලකෑවේ මුස්ලිම් මිනිස්සු... ඒ මිනිස්සු හාමුදුරුවන්ට කොකා පෙන්නල ආර්ථික පැත්තෙන් ගොඩක් වටින දේපල අත්පත් කරගත්තා.... අද වෙන කොට ඒ ඉඩම්වලට උන් සින්නක්කර ඔප්පු හදාගෙන ඉවරයි... අපේ මිනිස්සු ගම්වලට කොටු වුණා... ලංකාවේ ප‍්‍රධාන නගරවල බහුතරය මුස්ලිම් වෙලා ඉවරයි... උන් දැන් සල්ලි පැටව් ගහන කොට අපේ එවුන් පැටියෙක් හදන්න ප්ලෑන් කරනවා... මේ වෙන කොටත් පරක්කු නෑ... දායකයා හූරගෙන පන්සලේ බිල්ඩින් තර කරන වෙලාවේ තියෙන බෞද්ධයාගෙන් අරගෙන නැති බෞද්ධයාට දීල ආර්ථික අතින් ශක්තිමත් ජාතියක් හදන්න හාමුදුරුවරු පෙරමුණ ගන්න වෙනවා... අපිට අත්තකිලමථානුයෝගයේ හාමුදුරුවන්ට කාමසුඛල්ලිකානුයෝගය ...
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    uba mulinma buddhism igena ganin machan. ape minissu duppath unege duppath political manisakathhwaya. lankawe buddhist wena ayagen 90% wak danna පටිච්ච සමුප්පාදය kiyanne mokadda kiyala itin komada uba kiyana tharkaya saadarana wenne
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැහැ උඹ වැරදියි. රටට වෙලා තියෙන දේ ඇත්ත. නමුත් හේතුව බුද්ධාගම නෙමෙයි. සුද්දෝ වැල්ලේ රෙන කාලේ අපි ශිෂ්ටාර බිහි කළා. නමුත් ඒ සියල්ල කාලෙන් කාලෙට ආපු ආක්‍රමණ, පාවා දීම් නිසා විනාශ වෙලා ගියා.
    දැන් බලන්න තායිලන්තය. තියෙන්නේ ථෙරවාද බුද්ධාගම.උඹ ඔය කියන එක ප්‍රශ්නයක්වත් ඒ රටට වෙලා තියෙනවද.. ගිහින් බලපන් බැන්ග්කොක්. කොහොමද දියුණුව කියල.

    පිට රටින් ආපු උන් අපිට කෙලිය ටික අමතක කරලා කතා කලත්, 1948 ඉඳන් අපේ රටට කෙල වෙලා තියෙන්නේ, සැරෙන් සැරේ ආපු දේශපාලුවෝ නිසා.

    බලපන්, මැලේසියාව දියුණු කලේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුව ලී ක්වාන් යු, තායිලන්තේ බූමි බෝල් රජතුමා, අපිට එහෙම එකෙක් ඉඳල නැහැ. කරන්න හිටපු එකම එකත් පිස්සු කෙලල පැරදිලා ගියා.

    දැන් අපි සෑහෙන්න පස්සට ගිහින්, නමුත් තාම ප්‍රමාද නැහැ කියලයි මගේ හැගීම. හැබැයි බටහිට ප්‍රජාතන්ත්‍රවාදය නම් අපේ හරක්ට හරියන්නේ නැහැ. (අපේ විතරක් නෙමෙයි ඒක දැන් බටහිරට හරි යන්නෙත් නැහැ, පේනවනේ ප්‍රන්ශේ, එංගලන්තේ, ජර්මනියේ වෙලා තියෙන කෙලිය)

    අපිට ඕනේ නියම දැක්මක් තියෙන ඒකාධිපතියෙක්. නැවතත් කියන්නේ බුද්ධාගම නිසා මෙහෙම වෙලා තියෙනව කියනවම් උඹ සම්පූර්ණ වැරදියි...

    (තවත් එකක් කියන්න ඕනේ, ඔය හාමුදුරුවරුන්ට බැන බැන මාරයාගේ කොන්ත්‍රාත් කරන උන්ට මේ වගේ උත්තරයක් දෙන්න මොලයක් නැහැ)

    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.

    නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?

    එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.

    ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ? :sorry: අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ :(

    අඹ පැනය අහල බැලුවෙ රේඛීයව ඉදිරියටම යන්නැතුව චක්‍රීයව හිතන්න පුලුවන්ද කියල.
    ඥාති පැනේ අහල බැලුවෙ මුන්ට ද්වීකෝටික න්‍යායට එහා ගිහිං චතුස්කෝටික න්‍යායෙන් හිතන්න පුලුවන්ද කියල. පොඩ්ඩක් සුද්දො යුක්ලිඩිියානු ජ්‍යාමිතියෙ සරල රේඛාවක් ඒ රේඛාවටම සමාන්තර වෙනවද නැද්ද කියන එක ගැන මොකද කියන්නෙ කියල හොයල බලපං ඥාති පැනේ තේරෙයි.

    පේන්නැති නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ? එතකොට ඇඩම් ස්මිත්ලගෙ ආර්ථිකේ පාලනේ කරන අදිසි හස්තය එහෙම සුද්දන්ට පේනවලුද ? බම්බුව තමා :rolleyes:

    ලංකාවෙ තිබුණු චින්තනයට බුදු දහම පෑහුනා ඉතිං ලංකාවෙ මිනිස්සු සෑහෙන්න බෞද්ධ වුනා. බෞද්ධ වුනා කියල ඒ වෙනකං අරං ආපු විශ්වාස අතෑරියෙ නෑ ඒවට තමා පන්සල් වල දේවාල හැදුනෙ. තාමත් ගම් පලාත් වල මිනිස්සු ගස් වල කොල අතු එල්ලල බාර වෙනව. ලංකාවෙ තිබුණු සංස්කෘතියෙන් මිහිඳු හාමුදුරුවො ගෙනාපු බුදු දහම අවශෝෂණය කලා. කරල සිංහල බුද්ධාගම නිර්මාණය වුනා.

    දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට චෛත්‍ය වැව් හදන්නෙ ලබ්බෙ ඉංජිනේරු තාත්ශණයක් තිබ්බෙ නෑ බං. සුද්දගෙ ක්‍රමේ default කියල හිතාගෙන ඔහොම කියන්නෙ. අපේ රටේ මිනිස්සු ඕව නිර්මාණය කලේ මනස දියුණු කරල ලබාගත්තු දැනුමත් එක්ක. ඒකයි ඒ දැනුම නැත්තෙ. ඔහොම ඉංජිනේරු තාක්ශණයක් තිබ්බ නං කෝ පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙන්නෙ එපෑ. බොරු බයිල දොඩෝනව සුද්ද පුස්කොල පොත් ඔක්කොම අරං ගියයි උන් ඒවගෙන් අරව හදනවය මේව හදනවය කියල. අරං ගියා ලබ්බ. එහෙම අරං යන්න පොත් වල ලියල තිබ්බ ඕව හදන දැනුමක් අපිට තිබ්බෙ නෑ. පුස්කොල පොත් අරං ගියාට කටපාඩං කරපු උන් අතුරුදහන් වුනාද ?