දැන් රෙප් තත්වේ කොහොමද මචන්. චන්දෙට පස්සේ කොටස් වෙළද පොළ වගේ ඇති නියුටල් එකේ කඩුගන්නාව බහිනවා වගේ ඇති.
රෙප් නම් කැපෙනවා, එක කමක් නැ. මම කියන්නේ නැ පන්සල් කඩන්න කියලා. මම කියන්නේ, පන්සල වාණිජ ජීවිතේට ගාව ගන්න එක වැරදියි.තමන්ගේ නොහැකියාව කම්මැලිකම නිසා, මේ ඇති.. ඔච්චර මොකටද වගේ කතා කියලා සිංහලු හිත හදාගන්නවා නිවන අරමුණ කියලා, මේ ලෝකේ සැප වැඩක් නැ කියලා. එහෙම උගන්නන හාමුදුරුවරු කොටි හම්බ කරලා ජිවත් වෙනවා.දැන් රෙප් තත්වේ කොහොමද මචන්. චන්දෙට පස්සේ කොටස් වෙළද පොළ වගේ ඇති නියුටල් එකේ කඩුගන්නාව බහිනවා වගේ ඇති.
ඔන්න ඕක ඇති කලේ මිහිදුගේ දර්මය. මිහිදුගේ දර්මය බුද්දාගම කියන එකට මම එකග නැ. බුදුහාමුදුරුවෝ කියන්නේ රජෙක්. නිවන් අවබෝදය කියන කාරනාව පෙරුම්පුරලා කරපු දෙයක් නම්, එයා තමන්ගේ නැණව විවාහ කරගෙන දරුවෙකුත් හදලා ගිහි ජීවිතෙන් සමු අරගන්නේ නැ නිවන් දකින්න. බුදු හාමුදුරුවෝ රජ සැප විදලා නිවන් දැක්කේ. එක ඉස්සෙල්ලාම අවබෝද කරගන්න ඕනා සිංහලු. බුදුහාමුදුරුවෝ නිවන් ලබන්න කියලා හැරියේ නැ. එයා නිවනුත් ලැබුවා ලෞකික සැපත් වින්දා. මහායානය ෆලෝ කරන්නේ ඕක. එක තමයි රියල් ස්ටොරිය.
දැන් රෙප් තත්වේ කොහොමද මචන්. චන්දෙට පස්සේ කොටස් වෙළද පොළ වගේ ඇති නියුටල් එකේ කඩුගන්නාව බහිනවා වගේ ඇති.



නෑ මචන්. කම්මැලි සිංහළු තමන්ගෙ කම්මැලිකම වහගන්න හදන්නෙ බුද්ධාගමෙන්. ඒතනයි වරද. මේක මේ බුදු දහමෙම අවුලක් කියලා උබ කියන්න හදන්නෙ බහුතරය බෞද්ධ නිසානේ. ඒත් ලංකාවේ ඉන්න ක්රිස්තියානි අයටත් ඔය කියන තරම් දියුණුවක් නෑනේ. හැබැයි උන් ගැන වැඩිය මීටර් වෙන්නේ නෑ පොඩ්ඩයිනෙ. ඒකට හේතුව ජේසුගෙ ධර්මය නෙවේ. උතුරෙ දෙමල අයට නම් සාධාරන හේතුවක් තියෙනව කියන්න පුළුවන්. ඒත් දකුනෙ ඉන්න දෙමල අයගෙත් දියුනුවක් නෑනේ. ඒකට උන්ගෙ හින්දු ධර්මය පලි නෑ. දියුනුවක් කියලා තියෙනව නම් ඒ මුස්ලිම් මිනිස්සුන්ගෙ විතරයි, උන්ට උන්ගෙ ආගමෙන් ටාගට් එකක් දීලා තියෙනව. උන් ඒකට වැඩ කරනවා.
මේකනම් සහතික ඇත්ත බන්. මම දන්නා මීගමුවේ පවුලක් හිටියා ක්රිස්තියානි. මිනිහා රැට බීගෙන ඇවිත්බයිට් ඉල්ලලා ගෙදර යකා නටලා වලං පොලේ ගහලා, බැරිම තැන ගැනී කොපි දළු බැදලා දීලා. දැන් ඒ යකා ඉල්ලන්නේම එවලු. මේ ගැනී මේක කියන්නේ මහා උජාරුවට. ඕක අහපු බෞද්ද අම්මණ්ඩි ගත් කටටම කිව්වේ, සංසාරේ.. සංසාරේ.. ඇල්බට්ගේ ජිවිතේ තමා කියලා.ක්රිස්තියානි මිනිහගේ දියුණුවක් නැ කියන්නේ කොහොමද බන්. උන්ගේ දර්මයට අනුව උන් කාලා බිලා ඉන්නේ නැද්ද. උන්ගේ දර්මේ තමයි කන එක බොන එක. උන් එක කරන්නේ නැද්ද කියහන්කෝ.මිගමුව සයිඩ් එකේ ඉදන් හලාවතට් වෙනකන් බලහන්. කොටිපතියොත් ඉන්නවා, හිගන්නොත් ඉන්නවා ක්රිස්තියානි.. හැබැයි උන් එකෙක්වත් කියනවද කියහන්කෝ, මේවා වැඩක් නැ ස්වර්ගේ තමා ඕනා කියලා. උන් ස්වර්ගේ යන්න මෙහෙ ස්වර්ග සැප විදින්න සෙට් වෙනවා. දුප්පත් පැල්පතේ ඉන්න එකත් උන්ගේ ආගමේ හැටියට කාලා බිලා ජොලිය දාලා ඉන්නවනේ බන්. ( හරි හෝ වැරදි ) බෞද්ද උන්ගේ ගෙවල්වල හවසකට ගිහින් බලහන්. මිනිහා බීගෙන ඇවිත් කෑගහන කොට ගැනී කියන්නේ, කරුමේ කියලා. ක්රිස්තියානි උන් එකට කියන්නේ ජොලිය කියලා.
මේකනම් සහතික ඇත්ත බන්. මම දන්නා මීගමුවේ පවුලක් හිටියා ක්රිස්තියානි. මිනිහා රැට බීගෙන ඇවිත්බයිට් ඉල්ලලා ගෙදර යකා නටලා වලං පොලේ ගහලා, බැරිම තැන ගැනී කොපි දළු බැදලා දීලා. දැන් ඒ යකා ඉල්ලන්නේම එවලු. මේ ගැනී මේක කියන්නේ මහා උජාරුවට. ඕක අහපු බෞද්ද අම්මණ්ඩි ගත් කටටම කිව්වේ, සංසාරේ.. සංසාරේ.. ඇල්බට්ගේ ජිවිතේ තමා කියලා.

බයිට් එක ගේ ඇතුලේ මුකුත් තිබිලා නැ.. වෙනදට කතුරු මුගුන්ගා කොලලු බැදලා දෙන්නේ.. එදා මුකුත් නැති නිසා මේ ගැනී බැරිම තැන කෝපි දළු ටිකක් අරන් බැදලා දීලා. පට්ට රහයිලු.koopi dalu bedala kiwe mchn![]()
ක්රිස්තියානි මිනිහගේ දියුණුවක් නැ කියන්නේ කොහොමද බන්. උන්ගේ දර්මයට අනුව උන් කාලා බිලා ඉන්නේ නැද්ද. උන්ගේ දර්මේ තමයි කන එක බොන එක. උන් එක කරන්නේ නැද්ද කියහන්කෝ.මිගමුව සයිඩ් එකේ ඉදන් හලාවතට් වෙනකන් බලහන්. කොටිපතියොත් ඉන්නවා, හිගන්නොත් ඉන්නවා ක්රිස්තියානි.. හැබැයි උන් එකෙක්වත් කියනවද කියහන්කෝ, මේවා වැඩක් නැ ස්වර්ගේ තමා ඕනා කියලා. උන් ස්වර්ගේ යන්න මෙහෙ ස්වර්ග සැප විදින්න සෙට් වෙනවා. දුප්පත් පැල්පතේ ඉන්න එකත් උන්ගේ ආගමේ හැටියට කාලා බිලා ජොලිය දාලා ඉන්නවනේ බන්. ( හරි හෝ වැරදි ) බෞද්ද උන්ගේ ගෙවල්වල හවසකට ගිහින් බලහන්. මිනිහා බීගෙන ඇවිත් කෑගහන කොට ගැනී කියන්නේ, කරුමේ කියලා. ක්රිස්තියානි උන් එකට කියන්නේ ජොලිය කියලා.
බුදු දහමේ උගන්වන්නේ නියම සතුට ඇත්තේ අත්හැරීම තුළයි කියල... ඒ කියන්නේ යම් කිසි භෞතික දේකට පුද්ගලයෙකුට ඇති කරගන්න ඇල්ම සදාකාලික නොවන බව.... ඉතිං මූලික බුද්ධ ඉගැන්වීම තියෙන්නේ සංසාරය කෙළවර කර ගැනීමක් ගැන.... හැබැයි ගිහියාගේ පැවැත්මට සංසාරය කෙටිකර ගැනීම කියන ඉලක්කයත් තමන්ගේ ලෞකික ජීවිතයත් අතර දෝලනය වෙන්න වෙනවා... ඒ නිසා තමයි හැම වෙලාවකම බෞද්ධයා අරමුණකින් තොරව ‘වැනියන් කලූ වැනීයන්’ මොඩල් එකේ ඉන්නේ.... ඔවුන් තමන්ගේ සීමාව, වපසරිය දන්නේ නෑ... අන්තිමට හැගීම්වලට බර වුණු, පටු ආකල්පවලින් යුත් බහුතරයක් බිහිවෙලා...




disagree. you blame the religion because it is easy to blame & which can't hit you back.
People should understand that negative impulses from these religion teachings are worse even thy cannot hit back physically.
රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.
සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.
මහායාන දර්මය
අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.
ථෙරවාද දර්මය
හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.
අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?
අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ 
