මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.
නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?
එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.
ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ?අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ
අඹ පැනය අහල බැලුවෙ රේඛීයව ඉදිරියටම යන්නැතුව චක්‍රීයව හිතන්න පුලුවන්ද කියල.
ඥාති පැනේ අහල බැලුවෙ මුන්ට ද්වීකෝටික න්‍යායට එහා ගිහිං චතුස්කෝටික න්‍යායෙන් හිතන්න පුලුවන්ද කියල. පොඩ්ඩක් සුද්දො යුක්ලිඩිියානු ජ්‍යාමිතියෙ සරල රේඛාවක් ඒ රේඛාවටම සමාන්තර වෙනවද නැද්ද කියන එක ගැන මොකද කියන්නෙ කියල හොයල බලපං ඥාති පැනේ තේරෙයි.
පේන්නැති නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ? එතකොට ඇඩම් ස්මිත්ලගෙ ආර්ථිකේ පාලනේ කරන අදිසි හස්තය එහෙම සුද්දන්ට පේනවලුද ? බම්බුව තමා
ලංකාවෙ තිබුණු චින්තනයට බුදු දහම පෑහුනා ඉතිං ලංකාවෙ මිනිස්සු සෑහෙන්න බෞද්ධ වුනා. බෞද්ධ වුනා කියල ඒ වෙනකං අරං ආපු විශ්වාස අතෑරියෙ නෑ ඒවට තමා පන්සල් වල දේවාල හැදුනෙ. තාමත් ගම් පලාත් වල මිනිස්සු ගස් වල කොල අතු එල්ලල බාර වෙනව. ලංකාවෙ තිබුණු සංස්කෘතියෙන් මිහිඳු හාමුදුරුවො ගෙනාපු බුදු දහම අවශෝෂණය කලා. කරල සිංහල බුද්ධාගම නිර්මාණය වුනා.
දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.
චින්තනය පැත්තකින් තියමු....බුදු දහම ඇත්තද බොරුද කියල උබලගෙ අදහස් කියමු

අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ 



