ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
අත්සන් නොකර කඩදාසි කොළයක
දන්නවා එහෙනම් මම
ඔබ කැමති නැති බව බත්වලට
උණු තේ සමග මාරි විස්කෝතු ඕන බව
නානකොට සින්දු කියන බව
බඳ වටා දෑත යවනකොට
සියලු වැඩ අතහැර මා වෙළිය යුතු බව
වේදනා ගැඹුරේත් හඬනගා සිනාසිය යුතු බව
ප්‍රේමයෙන් පමණක් ඔබ තුළට පිවිසිය යුතු බව
ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
මුදු මාරු නොකරම
දන්නවා එහෙනං ඔබ
බදාගෙන ඉඳගෙන
වැඩ බෙදාගතහැකි බව
තේ එකක ඉතුරු අඩ රස බව
ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
කාටවත් නොකියම
පිංතූර නොමැතිව
එහෙනං සූට්කේසය අඩියට
එන්නෙ නෑ ලොකු මගුල් පිංතූරය
අත්සන් නොකර කඩදාසි කොළයක
දන්නවා එහෙනම් මම
ඔබ කැමති නැති බව බත්වලට
උණු තේ සමග මාරි විස්කෝතු ඕන බව
නානකොට සින්දු කියන බව
බඳ වටා දෑත යවනකොට
සියලු වැඩ අතහැර මා වෙළිය යුතු බව
වේදනා ගැඹුරේත් හඬනගා සිනාසිය යුතු බව
ප්‍රේමයෙන් පමණක් ඔබ තුළට පිවිසිය යුතු බව
ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
මුදු මාරු නොකරම
දන්නවා එහෙනං ඔබ
බදාගෙන ඉඳගෙන
වැඩ බෙදාගතහැකි බව
තේ එකක ඉතුරු අඩ රස බව
ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
කාටවත් නොකියම
පිංතූර නොමැතිව
එහෙනං සූට්කේසය අඩියට
එන්නෙ නෑ ලොකු මගුල් පිංතූරය
