මමත් හිතන්නේ ඔය බුදු හාමදුරුවන්ට තිබුණු පුද්ගලයා අනුව ධර්මය දේශනා කිරීමේ විශේෂ හැකියාව මේ ආකාරයෙන් දහම් අවබෝධයට විශාල රුකුලක් වුණා කියල.
කාට වුනත් අස්සාදය ආදීනවය නිස්සරණය තමයි තේරුම් ගන්න තියෙන්නෙ...
අහන පුද්ගලයා අනුව දේශණාව වෙනස් වෙන්නෙ මෙහෙමයි..
දේසනාහාරවිභඞ්ගය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ගඑහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක.
විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක.
ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
මෙන්න වැඩි විස්තරය...
නයසමුට්ඨානය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 4. නයසමුට්ඨානයඒ පුද්ගලයන් කෙරෙහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට සමථය දෙසනසේක,
නෙයපුද්ගලහට විදර්ශනාව ද
විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට සමථවිපස්සනා දෙක ද දෙසන සේකි.
ඔවුන් කෙරෙහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට මෘදු (සැහැල්ලු) වූ ධර්මදේශනාව දෙසනසේක,
නෙය්‍යපුද්ගලහට (අපායභය දැක්වීම් ආදියෙන්) තියුණු වූ දේශනාව ද,
විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට (සංවේග දැනැවීම් ආදියෙන්) මුදු තියුණු දේශනාව ද දෙසන සේකි.
එහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට සැකෙවින් (උද්දෙසමාත්‍රයෙන්) දහම් දෙසනසේක,
විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට සංක්ෂෙපවිස්තරයෙන් (උද්දෙස නිද්දෙස විසින්) ද,
නෙය්‍ය පුද්ගලහට විස්තරයෙන්ද (උද්දෙස නිද්දෙස පටිනිද්දෙස වශයෙන්) දහම් දෙසනසේකි.
එහි බුදුහු උද්ඝටිතඥ පුද්ගලහට නිස්සරණය දක්වනසේක,
විපඤ්චිතඥ පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක,
නෙය්‍යපුද්ගලහට අස්සාදය ද ආදීනව ද නිස්සරණය ද දෙසනසේකි.
එහි බුදුහු උග්ඝටිතඤ්ඤෑ පුද්ගලහට අධිප්‍රඥාශික්ෂාව පනවනසේක,
විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට අධිචිත්තශික්ෂාව ද,
නෙය්‍යපුද්ගලහට අධිශීලශික්ෂාව ද පනවනසේකි.
කොහොම හරි ආශ්වාදය, එහි ආදීනව සහ ඉන් මිදීම හෙවත් නිස්සරණය තමයි දේශනා කරන්නෙ.. ප්‍රඥාව වැඩි අයට අන්තිම ටික, ප්‍රඥාව අඩු අයට මුල, මැද, අග සේරම විදියට තමයි දේශනා කරන්නෙ.
මම අහන්නෙ මෙච්චර සරලව තියෙද්දි මුන් මේ මාගල් වගේ දිග පල්හෑලි ලියන්නෙ ඇයි කියලා.
