දෙකම එකක් කියල මම claim කලේ නැහැ රෝෂ් මහත්තය. එකක් නැතිව අනික ගැන කතා කිරීමත් ඵලක් නෑ කියල කියන්නෙ. ඒක හරියට අඳුර නැතිව ආලෝකය ගැන කතා කරනව වගෙ.... definition එකෙන්ම null and void වෙල.
හරි, ඔබතුමා, ඔය දෙකම සිතේ තියෙනවද?, එකක ලක්ශනය අනෙක් එකට එනව කියල කොහොමද පෙන්නන්නෙ? කොටින්ම, ඔබතුමා ඔය දෙක කියල මොකක්ද අදහස් කරන්නෙ, ඔබතුමාගෙ පැත්තෙන්.
ඔබතුමා ඔය 5v හා 0v අරන් කතා කරන්නෙ දෙයක් store වෙන විදිය. store වෙනව කියන්නෙ එකක්, දරනව කියන්නෙ තව එකක්. ඔබතුමාට සම්මුතියක් දත්ත හැටියට කවුරුත් නොදැන අවුරුදු දහස් ගණනක් මෙහෙම store කරල තියන්න පුළුවන්, ඒ කාරණාව මේකට කොහෙත් ම අදාළ නෑ. ඔය 5v හා 0v කිසිම වැඩක් නැහැනෙ එකෙන් එන අදහස දරන්න හිතක් නැතුව. අනික් වැදගත්ම දේ තමයි ඔය 5v හා 0v විදියට තියෙන ඔය store වෙල තියෙන සම්මුතිය ඔබතුමා කොහොමද හරියටම කියන්නෙ පස්සෙ ත්‍රිකෝණය කියන සම්මුතියටම interpret වෙනව කියල?? ඒක කියවන පරිගනයකයට සාපේක්ෂයිනෙ.
දැන් ඔය දාරාගැනීමෙ කොටසේ තියෙන වෙනස් වීමෙ ලක්ශනය, ඔය දරාගත්ත සම්මුතියට තියෙනවද? - අදාල නැහැ මොකද ඔය තියෙන්නෙ store වෙල තියෙන සම්මුතියට කිසිසේත්ම අදාළ නැති දෙයක්.
එහෙම නැති නම්, ඔය දාරාගැනීමෙ ක්‍රියාවලියේ තිබෙන වෙනස් වීමෙ ලක්ශනය නිසා, ත්‍රිකෝනයට පාද තුනයි කියන සම්මුතිය යම්කිසි වෙනස් වීමකට භාජනය වෙනවද? - වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒක interpret කරන system එකට සාපේක්ෂයිනෙ.
නැ මෙතන, store කිරිමක් නෙවේ, හදුනා ගැනීමෙ ක්‍රියාවලිය, සිතේ වෙන විදිහට...
අපි ගත්තොත්, ත්‍රිකෝනයක් දකිනව..
1. ඇත්තට දකින්නෙ මොකක්ද, යම්කිසි ක්‍රමයකට සකස් උන වර්න..
2. හදුනාගන්න සිත මොකද කරන්නෙ..සන්යා චයිතසිකය මගින්, අර සත්‍ය වශයෙන් දැක්ක වර්න තිර්කෝනයක් (අසත්‍ය , සැබවින්ම නොපවතින ) වශයෙන් හදුන ගන්නව....
3. දැන් ඔතන සම්මුතිය මොකක්ද?
යම්කිසි විදිහට තියෙන වර්න සටහනක් = තිර්කෝනය කියන ඩෙෆිනිශන් එකනෙ..
4. සිතෙන් කරන්නෙ මොකක්ද, ඔය ඩෙෆිනිශන් එක ක්‍රියා වෙන එක, ඇප්ලයි කරන එක...
හැබයි ඒ, සිත කියන්නෙ ඩෙෆිනිශන් එක නෙවේ...ඩෙෆිනිශන් එක කියන්නෙ, සිතක් වත්, යම්කිසි දෙයක් වත් නෙවේ...
මේකම තමයි, තව විදිහකට කියන්න හැදුවෙ. AI රොබො කෙනෙක් ඉන්නව..
උගේ කැමරා එකට එන්නෙ, යම්කිසි වර්න ( බිට්ස්,් A, B )....උගේ ෆන්ක්ශන් එකක් තියෙනව, එකෙන් කරන්නෙ...ඔය බිට්ස් ටික යම්කිසි පැටර්න් එකකට සෙට් උනොත්,ලයිට් එකක් පත්තු වෙන්න...ඕක තමයි ඩෙෆිනිශන් එක,
ලයිට් එක පත්තු වෙන්න = A + B යම්කිසි පැටර්න් එකකින්, දැන් ඔය බිට්ස් වලට යම්කිසි ලක්ශන තියෙනව නම්....ඒ ලක්ශන පත්තුවෙන ලයිට් එකේ ලක්ශ්නයක් විදිහට ට්‍රාන්ස්වර් වෙනවද?