ඇතුගලත්_පුපුරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇතුගලත්_පුපුරයි

    වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගලට පිවිසෙන පියගටපෙළ ආසන්නයේ පිහිටි විශාල පර්වතයක් පුපුරා ගොස් ඇත.

    ගල් පර්වතයේ ස්ථාන දෙකකම පිපිරුම සිද්ධ වී ඇති අතර එම පිපිරුම ගලේ මීටර් 50කට වැඩි දුරකට පැතිර ගොස් තිබේ.

    පිපිරුම සිදුවූ ස්ථානයේ සිට වයඹ පළාත් සභා සංකීර්ණයට ඇති දුර මීටර් 50කට ආසන්නය. සෙනසුරාදා (19) රාත්‍රියේ ගල් බෝරයක් පුපුරා යන ආකාරයේ ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත් ගලේ කැබැලි බොහෝ දුර විසිවී ගොස් තිබූ බවත් ඒ අසල වෙළෙඳාමෙහි යෙදී සිටි අයකු කියයි.

    13 වැනි සියවසේ රාජධානියක් වූ කුරුණෑගල ඇතාගල, ඉබ්බාගල, ආඳාගල, එළුගල, ඇතුගල, කුරුමිණියාගල, වඳුරුගල, යක්දෙස්සාගල හා ගෝනිගල නමින් පර්වත කිහිපයක් ඇත්තේය.

    ඇතුගල සහ ඉබ්බාගල හාවී ඇති සාවියේ මෙම පිපිරීම දක්නට ලැබේ. ඊට ඉදිරියෙන් සුවිසල් නල ජල ටැංකියක් ඉදිකිරීමට චීන සමාගමක් පසුගියදා ගල්බෝර ද ගැසීය.


    athugala_20163201.jpg

    athugala_20163202.jpg

    athugala_20163203.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් දැක්ක පත්තරේ තිබුන. දැන් මේකේ කට්ටිය ඕකත් කාගේ හරි දේශපාලන එකවුන්ට් එකකට බැර කරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    "කතාවටත් කියන්නෙ ගල් පැලෙන බොරු" කියල. ඒත් දැන් මුන් ගහන බොරු වලට ඇත්තටම ගල් පැලෙනවා..... සොභාදහමත් කම්පවෙලා :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඉස්කෝලෙ යන කාලෙ ඕකෙ හැම අස්සක් මුල්ලකම ඇවිදල ඇති..... :love:

    ආයෙ නම් ඒ ලස්සන කාලෙ එන්නෙ නෑ:no: