ඇදුමට

asthma.jpg

වත්මන්හි ජන ජීවිතයට වේගයෙන් සමීප වූ රෝග දෙකක් ඇත්නම් ඒ ඇදුම හා පීනස යි. එය රෝග 2කට වඩා එකම රෝගයේ අවස්ථා දෙකක් සේ දැක්විය හැක. ඇදුමෙහි ප්‍රධාන ලක්ෂණය හුස්ම ගැනීමට ඇති අමාරුවයි. ගැමි ව්‍යවහාරයේ මෙය ඊල, මුහ, හැට්ටුව, ශ්වාසය, ඉළප්පුව, ළය පීනස යන නම් වලින් ද හදුන්වයි.

ඇදුමට බලපාන හේතු,

1. සහජ ව හෙවත් පරම්පරාව
2. ශීතල දේශගුණය
3. දූවිලි, මල් රේණු හා සතුන්ගේ ලෝම ආශ්වාස මාර්ගයෙන් ශරීර ගත වීම
4. ආහාර වර්ග අසාත්ම්‍ය වීම
5. ඖෂධ වර්ග අසාත්ම්‍ය වීම
6. ඇතැම් වැරදි විහරණ

- ඇදුමට පිළියම්,

කොල්ලු, වියළි ඉගුරු, කටුවැල් බටු, පාවට්ටා කළං 3 බැගින් පත 8-1 ට සිදුවා පෙරා මී පැණි දමා උදේ සවස බොන්න.
පාවට්ටා, කහ, කොත්තමල්ලි, රසකිද, සිරතේක්කු, තිප්පලි, වියළි ඉගුරු, කර්කටක ශෘංගි, කලං 1 මදටිය 10 බැගින් පත 8-1 ට සිදුවා පෙරා ගම්මිරිස් කුඩු දමා උදේ සවස දෙවරට බොන්න.
ඉගුරු, කලාදුරු, තිප්පිලි, සිවිය, දෙවදාර, සුවද කොට්ටම්, බැබිල මුල්, කර්කටක ශෘංගී, පාවට්ටා, සිරිතේක්කු යන මේවා කලද බැගිනි. සියඹලා කොල කලං 12 යි. වතුර පත 16-2 ට සිදුවා පෙරා මී පැණි දමා පැය 4න් 4 ට සතියක්ම බොන්න.
පාවට්ටා දළු, මුල්, මල්, පොතු, කලං 3න බැගින් ගෙන වතුර පත 8-1 ට සිද සීනි, මීපැණි දමා උදේ සවස දෙවරට බොන්න.
පාවට්ටා දළු පවනේ වියළා කුඩු කර බෝතලයක අසුරා වරකට තේ හැදි 1 ක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා දිනකට තුන් වරක් බොන්න.
සිරිතේක්කු, සුවද කොට්ටම්, තිප්පලි, ඇසල මුල්, අරළු, වැල් මී කලං 6 යි. විශ්ණු ක්‍රාන්තිය කලං 12 යි. කසාය කර සූකිරි දමා බොන්න.
උණ ගොබ කැබැලි කොට වතුර පත 8-1 ට දමා කසාය සිද පෙරා තිප්පලි කුඩු දමා බොන්න.
වියළි ඉගුරු, සුදුලූණු, තිප්පලි, තිප්පලි මුල්, කලං 3 න බැගින් ගෙන පත 8-1 ට සිද පෙරා බොන්න.
පාවට්ටා මුල්, සිරිතේක්කු, කර්කටක ශෘංගී, වියැළි ඉගුරු, තිප්පලි සම පමණ ගෙන චූර්ණ කර තේ හැන්දක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා බොන්න.
අමු ඉගුරු, සුදුලූණු සම ව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා, යුෂ පත බාගයක් මිරිකා ගෙන ඊට ඇඹුල් දොඩම් ඉස්ම පත භාගයක් දමා පැණි රස වන තරමට සීනි මීපැණි දමා විරින් වර මේස හැන්දක් බැගින් බොන්න.
බුද්ධරාජ කල්කය, මීපැණි, ඉගුරු, අඹුල් දොඩම් ඉස්මෙන් බොන්න.

- ඇදුම උත්සන්න වූ විට,

පිරිසිදු අබ තෙල් තේ හැන්දක් ගෙන, සීනි තේ හැන්දක් දමා අනා ලේහ කරන්න.
නවහන්දි කිරි බින්දු 2-3 පීරිසියකට ගෙන එයට විනාකිරි බින්දු 5 ක් පමණ එක් කොට සීනි ටිකක් දමා ලේහ කරන්න.

- සුදුසු අරිෂ්ට හා ආසව,

පිප්පල්‍යාද්‍යාසවය
දාක්ෂාරිෂ්ටය
කනකාසවය
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඇදුම තිබිල අපේ කොල්ලෙක් මලා බං ටික කාලෙකට කලින්..:(:(

පොර බැඳල මාස ගානකින් මලේ.... මළගෙදර ඉවර වෙලා සති දෙකකින් විතර ආරංචි උනා කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙන්නේ කියලා..වැඩක් නෑ ඉතින්....
 
ඇදුම තිබිල අපේ කොල්ලෙක් මලා බං ටික කාලෙකට කලින්..:(:(

පොර බැඳල මාස ගානකින් මලේ.... මළගෙදර ඉවර වෙලා සති දෙකකින් විතර ආරංචි උනා කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙන්නේ කියලා..වැඩක් නෑ ඉතින්....

:sorry::sorry::sorry:
අම්මෝ ..පව් බන් ..!! සෙමත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑලු බන්
සෙම තියන එකා පරිස්සම් වෙන්න ඕනේ ලු සැහෙන්ට ..! මරණය කරපින්නාගෙන ඉන්නවා වගේ තමා ඉතින් :(:(
 
:yes::yes:
 
asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    ඇදුම තිබිල අපේ කොල්ලෙක් මලා බං ටික කාලෙකට කලින්..:(:(

    පොර බැඳල මාස ගානකින් මලේ.... මළගෙදර ඉවර වෙලා සති දෙකකින් විතර ආරංචි උනා කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙන්නේ කියලා..වැඩක් නෑ ඉතින්....

    :(:(:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඇදුම තිබිල අපේ කොල්ලෙක් මලා බං ටික කාලෙකට කලින්..:(:(

    පොර බැඳල මාස ගානකින් මලේ.... මළගෙදර ඉවර වෙලා සති දෙකකින් විතර ආරංචි උනා කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙන්නේ කියලා..වැඩක් නෑ ඉතින්....

    :(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    ඇදුම තිබිල අපේ කොල්ලෙක් මලා බං ටික කාලෙකට කලින්..:(:(

    පොර බැඳල මාස ගානකින් මලේ.... මළගෙදර ඉවර වෙලා සති දෙකකින් විතර ආරංචි උනා කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙන්නේ කියලා..වැඩක් නෑ ඉතින්....

    :( :(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මටත් පොඩි කාලේ හතියනම් තිබ්බා වෙලාවට අම්මලා දන්න හැමතැනම මාව එක්ක ගිහන් ලෙඩේ හොද කරලා දුන්නා :)

    මේ වගේ ලෙඩනම් කියලා වැඩක් නැ කොයි වෙලේද දන්නේ නැ පොඩි කාලෙදිම හොද කරගන්න ඕන නැත්නම් ජිවිත කාලෙම කට්ට කන්න වෙනවා :sorry: :sorry:
     
    එකනම් ඇත්ත මචන් ..!
    පොඩි කාලෙම කරගන්න දෙයක් කරගන්න ඕනේ තමා
    :yes::yes: