කටින් කයවාරු ගැහුවට shop කරන එක මම නම් හිතන්නේ ලේසි දෙයක් නෙවෙයි. Costing එහෙම හරියට නැති වුණොත් ඉතින් sorry වෙයි. මම මේ කියන්නේ පොඩි පහේ කඩ නෙවෙයි. ලොකුවට ලංකාව පුරා කරන ඒවා ගැන . ඔය ලොකු ලොකු ඒවගේ distribution , rent, maintenance, salaries, marketing cost , store cost වාගේ ඒවා නම් පොඩි පහේ ගණන් වෙන්න බෑ නේ අනික. සමහර තැන්වල rent ම මිලියන් ගණන් මාසෙකට. කොටින්ම ඔවාගේ ඉස්සරහ අවුරුදු වල plan වලට පවා ලොකු ගානක් වියදම් කරනවා ඇති. ඔය design, branding වලට පවා කොච්චර වියදම් කරන ඇද්ද?
කටින් කියන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි කරන්න අමාරුයි. තමන් වැඩ කරන garment එක ඔය කියන ගානට හරි දෙගුණයක ගානට හරි විකුණන්න බැරි ඇයි කියන හේතුව ඔය ළමයා හොයලා බලන්න එපැයි ඉස්සෙල්ලා අඩුම. අපේ ඉතින් ඇරියස් කාවර් කිරිලි තමයි තියෙන්නේ වෙලාවකට. පොඩ්ඩක් හිතලා බලන්න නෑ. එක්කෝ fb එකේ හෑලි ලියන්න ඕන හින්දා බයිලාව ගහනවා. මේවා දැක්කම මට හෑලි ලියන්න හිතෙනවා මේකේ.
ඔය ළමයාගේ job එකට ඔය ගෙවන පඩිය හරි තියෙන්නෙත් ඔය තුන් හතර ගුණයක ගානකට price කරලා විකුණන තැන් තියෙන හින්දා නේ. ඒකවත් තේරෙන්නේ නෑ
අනික දැන් ඔය අහු මුළුවල පාර අයිනෙ විකුණන ගොඩක් ඇඳුම්වල quality එකයි මිලයි බැලුවම සාපේක්ෂව අර වගේ තැනකින් ගන්න එක ලාබයි නේ සමහර විට.