ඇනකොන්ඩා දේශපාලනය

obama2

Member
Apr 18, 2012
424
30
0
ඇනකොන්ඩා දේශපාලනය

ඇනකොන්ඩා දේශපාලනය

Posted: 8:49 am, December 22, 2013
2t13-600x320.jpg



දෙහිවල සත්තු වත්තේදී ඇනකොන්ඩාවකු අභිජනනය කිරීම සදහා දරණ ලද උත්සහයක් අවසන් වී ඇත්තේ ශරීරයෙන් විශාල ගැහැණු සතා විසින් පිරිමි සතාව භූජනය කිරීමෙනි. ඉන්පසුව ගැහැණු සතා විසින් පිරිමි සතාව වමාරා ඇති අතර දැන් පිරිමි සතා ඉන්නේ මෘතශරීරාගාරයේ අධි ශීතකරණයක් තුළය. මරණ පරීක්ෂණ වාර්ථාව තවම මහජනතාවට නිකුත් කර නැත.


රූපකයක් ලෙස මෙම ප්‍රවෘත්තිය මෙතරම් සිංහල සමාජයේ ජනප්‍රිය වූයේ මන්ද? මෙහි ජනප්‍රිය දේශපාලනයට අනුව ස්ත්‍රිය විසින් පිරිමියාව විනාශ කිරීම මෙමගින් සංකේතවත් කෙරෙයි. අනෙක් අතට පවතින වෙළෙදපොළ මූලධර්මවාදය රජ කරන සමාජයක් වඩ වඩා ස්ත්‍රීකරණය වීම ගැන අප පුදුම විය යුතු ද නැත.යුතෝපියාවන් අවසන් වී ඇති සමාජයක් ස්ත්‍රීකරණය වීම ගැන ද අප පුදුම විය යුතු නැත. ස්ත්‍රීකරණය යනු මේ ලෝකයේ කිසිතැනක වචනයෙන් පරිබාහිර වූ පරිපූර්ණ සතුටක් නැත යන්නය. ඇනකොන්ඩා ගැහැණු සතා විසින් පිරිමි සතාව ගිලීම මගින් අර්ථවත් වන්නේ එයයි. පුදුමයකට මෙන් ඒ මොහොතේම තිස්ස අත්තනායක නදීෂා හේමමාලිට අතට අත දී දකුණු පළාත් සභාවට තරග කිරීමට ඉල්ලා සිටියේය.


ඇනකොන්ඩා පිරිමි සතාව ගැහැණු සතා සිටින කූඩුවට දැමීමෙන් පිරිමින් අපේක්ෂා කරන්නේ ඇනකොන්ඩා පැටවුන්ය. නමුත් ඔවුනට ලැබුනේ පිරිමි සතාගේ මළමිනියකි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය