ඇපයකට අත්සන් කරන සීන් එකක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන් මම වැඩ කරන තැන කොල්ලෙක් බයික් එකක් ගන්න යනවා. මගෙන් අහනවා ඇපයකට අත්සන් කරන්න පුලුවන්ද කියල. අවුරුදු 4ක් දාන්න ෆිනෑන්ස්. සමහර විට අවුරුදු 4 ක් මම හරි ඌ හරි එතන වැඩ කරයිද කියලත් හිතෙනවා. වෙන ජොබ් හම්බෙලා මාරු වෙන්නත් ඉඩ තියෙනවනෙ.
    ඌ දැනට නම් විශ්වාසවන්තව ඉන්නවා.
    එහෙම ඇපයකට අත්සන් කරල ඒ කොල්ලට ගෙවන්න බැරි උනොත් මට අවුලක් වෙයි නේද?
    හදිස්සියෙ හරි ෆිනෑන්ස් එක එක්කම විකුණලා ගන්න එකා ගෙව්වෙ නැති උනොත් එහෙම.
    මම මේ ගැන දන්නෙ නෑ මචන්ලා. කලින් මෙහෙම අත්සන් කරලත් නෑ.

    දන්න අය සහ මෙහෙම කරල අවුල් වැටුන අය ඉන්නවා නම් උපදෙසක් දීගෙන යමුද මචන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    තෝ විහින් අමාරුවේ වැටෙන්න යන්නේ.කොච්චර විස්වාසවන්ත උනත් බං ලිසින් වලට අත්සන් කරන්න එපා. ඌ ගෙව්වේ නැත්තම් තොට තමා සම්බුව. ආයිත් තොගේ නමත් crib එකේ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මටත් ඕවා අම්බානට වෙනවා බන්. අසරණ වෙනවා ඉතින්. බෑ කියලා කියපන් වෙන ලෝන් වලට අත්සන් කරලා තියෙන්නේ, තව බර දාගන්න බෑ, ගෙවල් වලින් බනිනවා අනංමනං මොකක්හරි කියලා දාපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    කාවවත් විශ්වාස කරන්න බෑ බන්. ලංකාවේ ඉදිරි මාස කීපය දිහා බැලුවම විශ්වාස කරන්න පුළුවන් එකෙකුව වත් විශ්වාස කරන්න බෑ මොකද ලංකාවේ ආර්ථිකේ එක්ක ගොඩ යෑමේ හැකියාව ගොඩක් අඩුයි.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මන් දන්න කෙල්ලෙකුට ඔහොම උනා, දැන් ඒකිගේ නමත් ක්‍රිබ් එකෙන් බ්ලැක්ලිස්ට් කරලා, හදිසියට ලෝන් එකක්වත් ගන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    ඇපේකට අත්සන් කරනවා කියන්නේ බැරි වෙලාවත් ඔයාගේ යාළුවාට ගෙවන්න බැරි වුනොත් ඔයා ගෙවන්න ලැස්ති වෙලා කරන්න ඕනේ දෙයක්. මොකද බැරිවෙලාවත් බයික් එකේ ගාන ගෙව්වේ නැත්නම් ඔයාවත් crib එකට report වෙනවා. ඊට පස්සේ ඔයාට කිසිම loan එකක් ගන්න එකත් බොරු. leasing කොම්පැනිය නඩුවක් දාන්න තීරණය කලොත් ඔයාවත් පාර්ශවයක් කරලා වන්දි ගන්න නඩු දාන්න පුළුවන්.

    ඔයාගේ යාළුවා බොහෝදුරට ඔය loan එක ගෙවන අදහසින් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි මචං එයාට අනාගතේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගෙවන්න බැරි වෙන්න පුළුවන්,එතකොට ඔයත් අමාරුවේ. නඩුවක් වැටිලා leasing කොම්පැනිය ඔයාගේ පස්සෙන් ආවහම ඔයා බොහෝදුරට යාළුවත් එක්ක රණ්ඩු වෙලා යාළුකම ඉවර වෙන්නත් පුළුවන්.

    ඔයා හොදට හිතලා මිසක්‌ අත්සන් කරන්න එපා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    ඇප උනොත් කැප වෙන්න වෙනවා කියලා මතක තියා ගනින්..
    මුදල් ගනුදෙනු වලදි යාලුකම් තියාගන්න එපා..
    ඌ බයික් එක ගනී , අතරමගදී ඌට ගෙවා ගන්න බැරි උනොත් උබ ගෙවපන් ඌ වෙනුවෙන් :baffled:
    ඕවාගේ ලොකුම රිස්ක් එක තියෙන්නේ ඇපේට අත්සන් කරන එකාට..
    දන්න අය ඉන්නවා අමාරුවේ වැටිලා - අන්තිමට යාලුකමුත් ඉවරයි.:confused:

    උබ අත්සන් නොකර ඕකට කරන්න වෙන විකල්පයක් තියෙනවා.
    ඒ හා සමාන වටිනාමක් හෝ ඊට වැඩි වටිනාකමක් තියෙන, උගේ ගෙදර ඔප්පුව හෝ ඉඩමක් හෝ ඌට අයිති වෙන දේපලක් ඇපේට තියලා ගන්න කියපන්.:rofl:
    ඌට ගෙවාගන්න බැරි උනොත් ඌ ඇපේට තියපු දේපලෙන් ඒක කැපිලා යනවා.:lol:
    ඒක තමා නියම විසදුම.:yes: