ඇමති විමල් රණවිරු මාතාවක් පන්නා ගනී

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඇමති විමල් රණවිරු මාතාවක් පන්නා ගනී

    ගෙවල් නැත්නම් වදන්නද කියන්නේ? - විමල්
    :angry::angry::angry::angry::angry::angry:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ජන සෙවන' නිවාස දසලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ රණවිරු මාතාවකට ලබාදීමට නියමිතව තිබූ නිවස ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමට ගිය මොහොතේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට ගිය විටදී විමල් විරවංශ අමාත්‍යවරයා විසින් "ගෙවල් නැත්නම් ගෙවල් වදන්නදැයි " යනුවෙන් තමාට බැන වැදී පන්නා ගත් බව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විජිතා කුමාරී නවරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

    ඇමතිවරයා විසින් මෙසේ බැණවැදී ඇත්තේ රණවිරු මාතාවකටය.

    ඇය මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වැනි බලඇණියට අයත් සෙබළ 316608 කෝප්‍රල් පනාමල්දෙණිය නමැති තම පුතණුවන් 2009 පෙබරවාරි මස 22 වැනි දින මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය යෑමෙන් අනතුරුව තමන් වාසය කළ කුලී නිවසද අහිමි වූ බවයි.

    තමන්ට පිහිටට සිටි පුතු අහිමිවීමෙන් පසු විවිධ දුෂ්කරතා මධ්‍යයේ දවස ගෙවමින් සිටි අතරතුර රණවිරු අධිකාරියෙන් නිවාසයක් ලබාදෙන බව දන්වමින් තමන්ට නිවාස ඇමතිවරයාගේ අත්සන සහිත ලිපියක් ලැබුනු බවද ඇය පවසන්නීය.

    නමුත් මෙම ලිපිය ලද දින සිට සෑම මාසයකම පාහේ තමන් අමාත්‍යාංශ නිලධාරීන් හමුවූ බවත් වසර ගණනක් ගතවුවද තමන්ට නිවස ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් අවසානයේ මේ පිළිබඳව විමසීම සඳහා තමන් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමති විමල් වීරවංශ මහතා හමුවීමට ගිය මොහොතේ ‘‘නිවාස නැතිනම් නිවාස වදන්නද කියන්නේ‘‘ යැයි පවසමින් ඉතාමත් අපහාසාත්මක ලෙස තමන්ට බැණවැදුන බවත් ඇය විසින් වැඩිදුරටත් පවසා ඇත.

    පුතා මියගිය පසු මාස්පතා ලැබෙන රුපියල් 3900 ක වන්දි මුදල හැරෙන්නට ඉන්න හිටින්නට නිවාසයක් හෝ ආදායම් මාර්ගයක් නොමැතිව විජිතා කුමාරි මහත්මිය අසරණව සිටි.නිවසක් ලබාගැනීමට කෙතරම් උත්සාහ දරුවත් අවසානයේ බැනුම් හා අපහාස විඳීමට සිදුවූ නිසා තමා කනගාටුවට පත්ව ඇති විජිතා කුමාරි මාතාව මාධ්‍යයට ප්‍රකාශකොට ඇත.

    මේ පිළිබඳව අදහස් පලකරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමන්‍යය අධිකාරි ධර්ම ශ්‍රී කාරියවසම් පවසා තිබුනේ අමාත්‍යංශයට යාම මගින් නිවාස නොලැබෙන බවත් ඒ සඳහා ඇති ණය ක්‍රමය මගින් නිවාස තැනීමට කටයුතු කල යුතු බවයි.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මේ පිළිබඳව අදහස් පලකරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමන්‍යය අධිකාරි ධර්ම ශ්‍රී කාරියවසම් පවසා තිබුනේ අමාත්‍යංශයට යාම මගින් නිවාස නොලැබෙන බවත් ඒ සඳහා ඇති ණය ක්‍රමය මගින් නිවාස තැනීමට කටයුතු කල යුතු බවයි.

    ethakota adayamak nethiywa naya gewanne kohomada..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බල්ලොන්ට පුළුවන් කොහොමත් බුරන්න විතරනේ බන්
    බුරලා වෙන්න ඇති කොළඹින් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු ගියේ,,

    මූට රනිලත්,දුමියත්,චම්පිකයත්,තිලන්ගත් කොලඹදි පරාද වුනේ බුරලා වෙන්න ඇති,
    :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බුරලා වෙන්න ඇති කොළඹින් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු ගියේ,,

    මූට රනිලත්,දුමියත්,චම්පිකයත්,තිලන්ගත් කොලඹදි පරාද වුනේ බුරලා වෙන්න ඇති,
    :rofl:


    muta chande dunna ponnayoth hitiya ban. Champika muta wada dahas warayak hodai.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ මරපු පිල්ලෙයාන්,කේපිලා ,මුරලිලා උන්ට රඡ සැප රට බේරගන්න කොල්ලෝ කෙල්ලෝ දීපු අම්මලා තාත්තලාට මුන් සත්තුන්ට වගේ සලකන්නේ .හිටපු එල්ටීටී කාරයන්ට මීට වඩා හොදට සලකනවා .මෙහෙම රටකනේ අපි ඉන්නේ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ පිළිබඳව අදහස් පලකරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමන්‍යය අධිකාරි ධර්ම ශ්‍රී කාරියවසම් පවසා තිබුනේ අමාත්‍යංශයට යාම මගින් නිවාස නොලැබෙන බවත් ඒ සඳහා ඇති ණය ක්‍රමය මගින් නිවාස තැනීමට කටයුතු කල යුතු බවයි.

    ethakota adayamak nethiywa naya gewanne kohomada..

    Api wenuwen Api Ekata Api salli Dunne Mekatada???:angry::angry::angry::angry::angry:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බුරලා වෙන්න ඇති කොළඹින් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු ගියේ,,

    මූට රනිලත්,දුමියත්,චම්පිකයත්,තිලන්ගත් කොලඹදි පරාද වුනේ බුරලා වෙන්න ඇති,
    :rofl:

    යුද්දේ දිනපු කාලේ සන්දානයට ලැබුනු ඡන්ද වලින් තමයි මනාප ගත්තේ හැමදාම යුද්දය මාකට් කරගෙන ඡන්ද දින්න බෑ කියලා ආයේ ඡන්දේ ඉල්ලපු දවසක තේරෙයි
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දැන් දැන් ලංකාව යන තත්වය මේක තමයි.ගෙයක් ගන්නවනම් ආණ්ඩුවට බත් බැලකම් කරන්නම ඕන.ගෙවල් දෙක තුන තියෙන උන් ආණ්ඩුවට බත් බැලකම් කරල තව ගෙවල් අරගෙන ගෙයක් හදාගන්න බැරි අසරණ මිනිස්සුන්ට අස්ප ගණන් වලට කුලියට දෙනව.

    ලංකාවේම ඉපදුනු කී දෙනෙකුට ලංකාව තුලම ඉන්න හිටින්න අයිතියක් නැති කී දෙනෙක් ඉන්නවාද?ලංකාව තුල ඉඩම් වල ගණන් බැලුවහම මුලු ලංකාවේම ඉඩම් වල වටිනාකම එකතු කලොත් මුලු යුරෝපයම සල්ලිවලට ගන්න තරම් ලන්කාවෙ ඉඩම් වල මිල වැඩියි.ඉතින් කොහොමද දුප්පත් මිනිහෙක් ඉඩම් කැබැල්ලක් අරන් පැලක් අටවගන්නේ.මා දන්නා තරමින් ලන්කාවේ බොහෝ දෙනෙකුට පැලක් සාදාගන්න ඉඩමක් නැහැ.ඉතින් කාගෙන් හෝ කුලියට ගෙයක් අරන් ඔවුන් ගන්නා වැටුපෙන් භාගයක් කුලිය වශයෙන් ගෙවනවා.මුලු පව්ලම ජීවත් විය යුත්තේ වැටුපේ ඉතිරි භාගයෙනුයි.

    ඉතින් කොහොමද ලන්කාවේ මිනිසුන්ගේ දුප්පත් කම නැති කරන්නේ.රජයක අනිවාර්ය යුතුකමක් වනුයේ මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් සාදා ගැනීමට උදව් කිරීමයි.නමුත් ලන්කාවේ එහෙම තත්වයක් නැහැ.

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    644328_222180961242995_1579599257_n.jpg