ඇමරිකානු යුධ උපකරණ කටුනායකට
කටුනායක ගුවන් තොටුපලට ඇමරිකානු යුධ උපකරණ ගොඩබායි..! යුධ උපකරණ පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියටවත් අවසර නෑ
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති ඇමරිකානු යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන මෙම මෙහෙයුම සඳහා යුධ උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැති බවයි වාර්තා වන්නේ.
ඒ සී. 40 වර්ගයේ හර්කියුලස් යානා මගින් පසුගිය සිකුරාදා එම ආයුධ කටුනායක ගුවන්තොටුපළට ගෙනවිත් තිබෙනවා. එසේම එම අවි ආයුධ ඉන්දීය සාගරයේ ඇති ජෝන් ස්ටෙන්නිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යෝධ ගුවන් යානා ප්‍රවාහන නැවට ද සැපයෙන බවයි සඳහන් වන්නේ.
පසුගිය වසරේ අගෝස්තු 28 දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීම සඳහා රජය අවසර දී තිබුනා.
Source : http://nethgossip.lk/article/33113?...clv4Dc3epM8TWxE61LLQzeRZBYwjdriqTr1-_bZSAbmX0