ඇමිස්ටාඩ්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ඉතින් හැම සැරේම මොකක් හරි පරණ කුණු ගොඩක් හොයාගෙන එනවනේ ඔයාලා එක්ක බෙදා හදා ගන්න. ඔන්න අදත් ඉතිහාසෙන් කුණු ගොඩක් ගෙනාවා. හැබැයි මේක ගොඩක් දුක හිතෙන කථාවක්.

    ඔයාලා අහලා බලලා තියනවද දන්නේ නෑ "ඇමිස්ටාඩ්" කියන චිත්‍ර පටිය. මේක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ සුපිරි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ග් විසින්.

    Amistad-poster.jpg


    මේක ඇත්ත සිදුවීමක් ජූලි මාසේ 1839. සියෙරා ලියොන් සිට කියුබාව වෙත වහල්ලු ප්‍රවාහනය කරන හොන්ඩුරාස් වල ඉන්න ස්පාඤ්ඤ ජාතිකයකුගේ නැවක් ලෙසට "ලා ඇමිස්ටාඩ්" හැඳින් වෙනවා. පෘතුගාල නැවක් වන "ටෙකොරා" වලින් වහල්ලු එවකට වහල්ලු ප්‍රධාන ගෙන්වීම හා බෙදා හැරීම කලේ සියෙරා ලියොන් වෙරළේ පිහිටලා තිබුන "ලොම්බෝකෝ" කියන බලකොටුවේ. මෙතනින් තමයි සියෙරා ලියොන් වල වහල්ලු මුළු ලෝකෙටම විකුණුවේ. :(:(

    8226353_f520.jpg

    ලා ඇමිස්ටාඩ් නැව

    කොහොම කොහොම හරි ටෙකොරා නැව දියත් වෙනකොට හිටපු වහල්ලු ගණන වැඩි නිසා ඒ නැවේ කපිතාන් වහල්ලු 50ක් විතර ලොකු ගල් බෑග් එකකට දම් වැල් දාලා ගැට ගහලා මුහුදට දැම්මා. එහෙම දැම්මේ එයාලට යන්න ඕනේ තැනට අවශ්‍ය අහාර පාන මදි වෙන නිසයි. කොහොම හරි අතර මගදී වහල්ලු ගනුදෙනුවක් වෙනවා. ඒ ලා ඇමිස්ටාඩ් යාත්‍රාවේ එන ස්පාඤ්ඤ වහල්ලු මිලදී ගන්නා විසින්. වහල්ලු 53ක් මිලට ගන්න මේ ලා ඇමිස්ටාඩ් යාත්‍රාව කියුබාව වෙත යාත්‍රා කරන අතර තුර වහල්ලු කොහොම හරි දම් වැල් කඩාගෙන මුළු නැවේම කාර්ය මණ්ඩලය ඝාතනය කරනවා.

    Amistad_revolt.jpg


    amisd-wood01s.jpg

    වහලුන් නැව තමන් සන්තකේට ගැනෙන සටන

    ඉතුරු වෙන්නේ වහල්ලු හා වහල්ලු මිලට ගත්තු පුද්ගලයයි ඔහුගේ සහයකයි. වහල්ලුන්ගේ ප්‍රධානියා වෙන්නේ ජෝශප් සින්කි.

    606px-Sengbe_Pieh.jpg

    ජෝශප් සින්කි

    ජෝශප් සින්කි ඉපදෙන්නේ 1914 සියෙරා ලියොන් හී දී. කොහොම හරි කාර්ය මණ්ඩලයක් නැති නැව සති 6කට පස්සේ ඇමරිකාවේ ලෝන් අයිලන්ඩ් දූපත වෙත ලඟා වෙනවා. ඒ වේලාවේ ඇමරිකා රජය මේ වහල්ලු අත් අඩංගුවට ගන්නවා. කොහොම හරි මේ වහල්ලු වෙනුවෙන් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් ස්පාඤ්ඤයේ රැජින ඉසබෙලා II නිතරම ඇමරිකාවට කරදර කරන්න ගත්තා. නමුත් එවකට ඇමරිකාවේ වහල්ලු නිදහස් කරන නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන කාලයක්. මේ නඩුව විභාගෙන ගැනුනේ 1841. වහල්ලුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී හිටියේ එවකට ඇමරිකාවේ හිටපු 6 වෙන ජනාධිපති ජෝන් කුවින්සි ඇඩම්ස්, රොජර් ෂර්මන් බෝල්ඩ්වින් හා ලුවිස් ටැප්පන් යන අයයි.

    John_Quincy_Adams_1843.jpg

    ඇමරිකාවේ හිටපු 6 වෙන ජනාධිපති ජෝන් කුවින්සි ඇඩම්ස්

    GovRogerBaldwin.jpg

    රොජර් ෂර්මන් බෝල්ඩ්වින්

    Lewis_Tappan_portrait.jpg

    ලුවිස් ටැප්පන්

    pe0025-02.jpg

    නඩුව අතර වාරයේ

    මොවුන් එක්ක කරට කර විරුද්ධ පක්ෂ වලින් දෝෂාරෝපණ එල්ල උනා. කොහොමත් ඇමරිකාවේ නීතියේ නව පිටුවක් පෙරලමින් 1841 මාර්තු 9 වෙනිදා ජෝශප් සින්කි ඇතුළු ඉතුරු වහල්ලු නිදහස් මිනිසුන් ලෙස නම් කෙරුණු අතර ඔවුන්ව ඇමරිකාවේ වියදමින් නැවතී සියෙරා ලියොන් වෙත පිටත් කෙරුණා.

    Supreme_court_opinion_Amsitad.gif

    මහා අධිකරණය විසින් නිදහස් කිරීම නිකුත් කෙරුණු නිවේදනය

    ජෝශප් සින්කි ගේ බිරිද හා දරුවා ඒ වෙනකොට වෙනත් රටකට වහලුන් ලෙස විකිණී අවසන්. :(:(:(

    Joseph_Cinque.jpg

    ඇමරිකාවේ පත්තරේක ජෝශප් සින්කි ගැන නිවේදනයක්

    640px-Montauk_Point_Amistad_Memorial%3B_May_11_2008.JPG

    ඇමරිකාවේ ලෝන් අයිලන්ඩ් හි පිහිටා තිබෙන ඇමිස්ටාඩ් ස්මාරකය.

    මෙන්න මේක තමයි ලා ඇමිස්ටාඩ් කතාව. පුළුවන් නං හොයාගෙන බලන්න.