ඇයි අපි ඉපදුනේ ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඇයි අපි ඉපදුනේ ?

    ආගම් ගාව ගන්නේ නැතුව. විද්‍යාත්මකව පහදලා දියන්කෝ. අපිත් සත්වයෙක් නේද මොලේ දුයුනු වුන ? ඇයි එහෙනම්
    සත්තුන්ට හිතන්න බැරි අපි වගේ ? අපි ඉපදුනේ ඇයි ? මොකද්ද අපේ ජීවයෙන් බලාපොරොත්තු වන්නේ ? 🤔
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද්ද අපේ ජීවයෙන් බලාපොරොත්තු වන්නේ ?

    Nothing
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගස් වලිං බැස්සට පස්සෙ අපිට කන්න තිබ්බෙ කොල නැත්තං සත්තු. කොල කියන්නෙ හරි හමං ආහාරයක් නෙමේ ඉතිං අපි සත්තු දඩයම් කරන්න තීරණය කලා. අපි දඩයම් කරන්න පටං ගත්තෙ අපිට දඩයම් කරන්න කියල කොටින්ට සිංහයන්ට වගේ වේගෙන් දුවන්න බෑ උල් නියපොතු නෑ උල් දත් නෑ තිබ්බ එකම දේ යංතං මොකක් හරි ආයුධයක් අල්ලගන්න අත් දෙකක් විතරයි. ආයුධ පාවිච්චි කලත් තනි වානරයෙක්ට සතෙක්ව දඩයම් කරගන්න එක අමාරු වැඩක්. ඉතිං උන් පුලුවන් පුලුවන් විදිහට රංචු ගැහිල සත්තු පස්සෙ හැතැප්ම ගනං පන්නල සතා හති වැටෙනකං ඉඳල මරාගෙන කන්න පුරුදු වුනා. එහෙම කරද්දි සැලසුම් කරණය සහයෝගයෙන් වැඩ කිරීම වගේ ගුණාංග ඕනෙ ඉතිං එහෙම ගුණාංග තියෙන උන් ඉතුරු වෙලා එහෙම නැති උන් වඳ වුනා :eek: