මොනවද පරාමිතීන්? මේ ටොක්සික් කියල හඳුන්වන්නෙ කිසිම සබ්ස්ටන්ස් එකක් නැති බැනගන්නම හෝ අවුස්සන්න බලාගෙන ඉන්න ට්රොල්ස් ල හෝ එජ්ලෝර්ඩ් ල ගැනනම්, මන් හිතන්නෙ ඒක ඒ තරම් ගනන් ගත යුතු ගැටලුවක් නෙවේ. උන්ව නෝටිස් වත් වෙනවද උඹලට? මටනම් ඒවගෙ අයගෙ රිප්ලයි වලින් ඇස් නිකන්ම ලිස්සල යනව ග්රහණය කරගන්නෙ නැතුව. එන්ගේජ් වෙන්නවත් කිසි දෙයක් නෑනෙ (මේ මම දාන ඒවයෙ මාර දේවල් තියනව කියල හිතනව නෙමේ ඒවත් පෞද්ගලික මට්ටමෙන් මට විතරක් වැදගත් අදහස් විතරයි බොහෝ විට, කාටවත් ප්රායෝගික උදව්වක් නෑ).
කිරිය ඉස්සර හොඳයි කියන කතාවනම් මට දැනෙන්නෙ නෑ. ඉස්සර තිබුනෙ හොඳකමක් නෙමේ නිකන් පන්සලක් වගේ lame බොලඳකමක්. ඒක ලංකාවෙ ඉන්ටර්නෙට් ආපු කාලෙ හැටියක්. අසූ ගණන් වල අයගෙ හැටියක්.