ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?

    සැලකිය යුතුය :- se, softwear development ගැන නෙමෙයි අහන්නේ Cloud, DevOps,QA ගැන
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?
    සල්ලි නැති එකෙකුට සල්ලි හම්බුනාම පළවෙනි මාසේ ආතල්.. මැජික්.. ඒක ඊළඟ මාසවලත් ආතල් වෙන්නෙ කරන වැඩේ තමන්ට සෙට් ද කියන එකෙන්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔයා සිවිල්ද

    me inne eya thamai

    මචන්ලා මට ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ඔනේ ප්‍රශ්න වගයක් තියනවා. මට ඔනේ මගේ ජිවීතේ ගොඩ දාගන්න.
    මේකයි මචන් සිද්දිය,

    1.මම සාමන්‍ය් ජොබක් කරලා පොඩි සැලරි එකක් ගන්න කෙනෙක්. මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක ගනේමුල්ලේ ප්‍රදේශයේ. මට දේපල කිය්ලා මුකුත් නෑ. ඒත් මට ඔනේ මගේ දේවල් තනියම ගොඩ නගාගන්න.ඒත් මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ.මට කිසි ස්කිල් එකක් නෑ කියල හිතෙනවා.ඒත් මට මුකුත් කරන්න හැකියාවක් නෑ කියලත් හිතෙනවා. මට මෝටිවේශන් තිබ්බට ඒක ක්ශනිකව නැති වෙලා කම්මැලි වෙනවා. මටත් ඔනේ බන් අනිත් අය වගේ හොද වාහනයක් ගෙයක් දොරක් හදන් ඉන්න. ඒත් මට බයික් එකක්වත් නෑ. මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා.

    2. මගේ ආදර සම්බන්දයක් තියනවා දැන් අවු: 4ක් තිස්සේ. ඒ කෙල්ල නම් ගොඩක් හොදයි. එයාගේ first love මම. එය උගත් බුද්දිමත් කෙනෙක්.පට්ට ඉවසීමක් තියෙනවා. ඒත් මචන් එයා ගෙදර අයත් එක්ක ගොඩක් සමීපයි. මම එයා මත්තෙම නහින කෙනෙක්. පොඩ්ඩ ඇත්නම් මට අව්ල් යනවා.එයාගේ පොඩි වෙනස්ක් දැනුනත් ඇති මට අව්ල් යන්න. මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා. ඒත් එයා කවදාවත් මං වෙනුවෙන් එහෙම දෙයක් කරලා නෑ. හරියට මං ගැන ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නේ. හැබැයි මට ආදරෙයි.වෙන කොල්ලො සීන් නම් නෑ. ඒත් මචන් මම එහෙම ලස්සන කෙනෙක් නෙමෙයි. ස(ල්ලි ලොකුවට නැති, ලස්සන නැති කෙනෙක්. මගෙ මුනේ ලොකු වලවල් එහෙමත් තියනවා කුරුලෑ කඩපුවම එන වලවල්. ) එයාට සල්ලි තියනවා හොදටම. එයා කැමති මම ලස්සනට අදිනවා පලදිනවා දකින්න.ඒත් මට එහෙම හිතෙන්නේ නෑ බන්. මම ඔහේ යනවා. මට වියදම් කරන්න සල්ලිත් නෑනේ ලොකුවට. මට ඔනේ එයත් එක්ක නිතරම කතාකරන්න. ඒත් එයා එහෙම නෑ. එයාට ජොබ් එකට ගොඩක් ෆෝකස් කරනවා වගේම ගෙදර අයත් එක්කම ඉන්නයි ඔනේ.ඉතින් මට අව්ල් යනවා. මට එයාව ගොඩක් ලොකු වෙලා වගේ. ඒත් එයාට එහෙම නෑ. මට තරහ වෙලා ඉන්නත් බෑ ගොඩක් වෙලා. අනිත් එක එයා සෙක්ස් වලට ගොඩක් නැබුරු කෙනෙක් නෙමෙයි. මම තමයි බලෙන්ම ෆිල්ම් එකක් හරි බලන්න එක්කන් යන්නේ.ඒත් පොඩි පොඩි දේවල් තමයි වෙන්නේ. අනික කවදාවත් සෙක්ස් ගැන ෆෝන් එකෙන් වත් කතා කරලා නෑ. එයා මාත් එක්ක කතා කරන්නෙ හරිම පිලිවෙලට. හැබැයි එයලගේ පවුලෙ අයත් හෙන වැදගත්. කවුරුත් නරක අය නෑ. මට මචන් මෙයත් එක්ක ඉද්දි ගොඩක් හැගීම් එනවා. ඒත් එයාට එහෙම නෑ. මට ඒ සෙක්ස් හැගීම් එන එකත් නවත්තන්න ඔනේ කියලා හිතෙනවා මොකදා එයාට මාව ඒක නිසාම එපා උනොත් කියලා මාර අවුල්. මේකට ක්‍රමයක් තියේද මචන්? ඒකි අව්ල් කෙල්ලෙක් නෙමෙයි. හරිම හොද කෙනෙක්. මට නැති කරගන්න ඔනෙ එයා මත්තෙම නහින එක. ඒත් මට වැඩිය කතා නොකර ඉන්නත් බෑ එයත් එක්ක. මාව අව්ල් යනව. අනිත් එක මට යාලුවො නෑ. කොහෙවත් යන්නෙවත් නෑ මම. එයාම කියනවා යලුවොත් එක්ක ඇවිදලා කරලා ඉන්න කියලා.එයා නම් යලුවොත් එක්ක යන්නෙ නෑ පවුලේ අයත් එක්ක සෑහෙන්න ට්‍රිප් යනවා.
    මට ඔනේ මගේ අවුල් ටික හදන් ඉස්සරහට යන්න බන්.පුලුවන්නම් මට මේකට උපදෙසක් දෙන්න

    ස්තුතියි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    IT කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක් මොනවා හරි area එකක් සිලබස් එකක් කරලා ඒක දිගටම කර කර ඉන්න බෑ ඒක ගැන හොද අවධානයෙන් වෙනස් වෙන ඒවා අද්‍යනය කර කර ඒවා තමන්ගේ වැඩවලට apply කරගන්න ඕනේ ඒකයි කියන්නේ "ආසාව නැත්තම් ගොඩ යන්න බෑ" කියල කෙටියෙන්ම කිව්වොත් හොද ඇලට් එකේ ඉන්න ඕනේ. මොනව හරි ටිකක් කරලා ගෙදර බුදියන්න බෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අද ඉගෙන ගන්න දේ නෙමේ හෙට industry එකේ use වෙන්නේ...
    IT කරන අයත් අවුරුදු 10-15 වැඩ කරලා stress වැඩි නිසා තමන්ගේම බිස්නස් කරනවා. වතු අරන් වවන ඒව වගේ..

    කවුරුත් කරන පලියට මුකුත් කරන්න එපා..
    උඹ ආසම දේ කරපං , අනික් උන්ට වඩා හොදට ...👍
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    it industry එක හෙන තරඟකාරි බං හිතහංකෝ අර ඉස්සර තිබ්බ ජාවා එහෙම දැං යූස් වෙන්නෑනේ එතකොට c++ වගේ ඒවා ඉතිං එන එන ලැංවෙජ් එක ඉගෙනගන්න ඕන බං
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    it industry එක හෙන තරඟකාරි බං හිතහංකෝ අර ඉස්සර තිබ්බ ජාවා එහෙම දැං යූස් වෙන්නෑනේ එතකොට c++ වගේ ඒවා ඉතිං එන එන ලැංවෙජ් එක ඉගෙනගන්න ඕන බං
    කව්ද කිව්වේ java, c++ use වෙන්නේ නැ කියල උබට :oo:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද?
    IT field එක මචං පට්ට stressful ඒකයි එහෙම instinct එකක් තියන එක හොඳයි කියන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නිදහස නැති කම විතරක් නෙමෙයි බන්...ඕක හැමෝටම සෙට් නෑ...

    ගොඩක් මේවා කරන උන් introvert ටයිප්...ඒ නිසා උන්ට ෆ්‍රී ටයිම් නෑ කියන ඒවා එහෙම ලොකුවට ගානක් නෑ...ගොඩක් උන් ගෙවල් වලින් එලියට බහින්නේ නෑ... මිනිස්සු එක්ක වැඩිය කතාවක් එහෙම නෑ...

    ඉතින් සෝශල්, නිතර ඇවිදින්න යන, සැලුන් යන ටයිප් උන්ට මේක අමාරුයි....

    අපේ එකේ එහෙම ඩයල් එකක් හිටියා...ඌ කොණ්ඩය සපයික් කරලා හෙන අමුතු සීන්...මම දැක්ක ගමන් හිතුවා මූ වැඩිකල් ඉන්නේ නෑ කියලා 😁😆😆

    කිව්වා වගේම ඒ යකා සතියෙන් අස්වෙලා ගියා රට යනවා කියලා
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    it industry එක හෙන තරඟකාරි බං හිතහංකෝ අර ඉස්සර තිබ්බ ජාවා එහෙම දැං යූස් වෙන්නෑනේ එතකොට c++ වගේ ඒවා ඉතිං එන එන ලැංවෙජ් එක ඉගෙනගන්න ඕන බං
    pascal ehemath thama use wenawa ban
     
    • Like
    Reactions: Amare machan

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ගොඩක් මේවා කරන උන් introvert ටයිප්...ඒ නිසා උන්ට ෆ්‍රී ටයිම් නෑ කියන ඒවා එහෙම ලොකුවට ගානක් නෑ...ගොඩක් උන් ගෙවල් වලින් එලියට බහින්නේ නෑ... මිනිස්සු එක්ක වැඩිය කතාවක් එහෙම නෑ...
    You Understand Me New Blood GIF by Dexter

    Wiz Khalifa Conan Obrien GIF by Team Coco
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිදහස නැති කම විතරක් නෙමෙයි බන්...ඕක හැමෝටම සෙට් නෑ...

    ගොඩක් මේවා කරන උන් introvert ටයිප්...ඒ නිසා උන්ට ෆ්‍රී ටයිම් නෑ කියන ඒවා එහෙම ලොකුවට ගානක් නෑ...ගොඩක් උන් ගෙවල් වලින් එලියට බහින්නේ නෑ... මිනිස්සු එක්ක වැඩිය කතාවක් එහෙම නෑ...

    ඉතින් සෝශල්, නිතර ඇවිදින්න යන, සැලුන් යන ටයිප් උන්ට මේක අමාරුයි....

    අපේ එකේ එහෙම ඩයල් එකක් හිටියා...ඌ කොණ්ඩය සපයික් කරලා හෙන අමුතු සීන්...මම දැක්ක ගමන් හිතුවා මූ වැඩිකල් ඉන්නේ නෑ කියලා 😁😆😆

    කිව්වා වගේම ඒ යකා සතියෙන් අස්වෙලා ගියා රට යනවා කියලා
    ලංකාවට සම්බන්ධව මේක ඇත්තක්. ලංකාවෙ ඉද්දි මට තිබ්බ ලොකුම ප්‍රශ්ණෙ ඇයි මේ ටීම් එකේ හැම එකාම මෙච්චර introvert කියලා. මට රට ආවට පස්සෙ දැනෙන්නෙ, ඇයි මම මේ තරම් introvert කියලා. 😌
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    අයි ටී වලදි Problem Solving Skills ( ගැටළු විසඳීමේ හැකියාව ) තියෙන්න ඕන. වෙන ජොබ් එකකදි ගොඩක් වෙලාවට එකම දේ නේ හැමදාම කරන්නේ. මේක එහෙම නෑ. සමහර වෙලාවට එක කෝඩ් කෑල්ලක් දිහා බලාගෙන මොකක්ද මේකෙ තියෙන අවුල කිය කිය සෑහෙන්න කල්පනා කර කර හිතන්න වෙනව ඇයි මේක වැඩ කරන්නේ නැට්තේ කියලා. මේක හරියට තේරුනේ නැත්තන් මෙහෙම හිතන්න. බාස් කෙනෙක් ඉන්නවා වාහනේක ලෙඩක් හොයනවා. වෙලාවකට ස්ටාට් වෙනවා වෙලාවකට නෑ. සමහර වෙලාවට ස්ටාට් වුනත්, ටිකක් දුර පැද්දම මොකක් හරි වෙන අවුලක් වෙනවා. සමහර වෙලාවට කිසිම ප්‍රශ්නයක් නෑ. කලින් බාස්ලා එක එක දේවල් කරලත් හරි ගිහින් නෑ. මේ වගේ වෙලාවට මේ වගේ ලෙඩක් අන්තිමට සෙට් වෙන බාස් සමහර වෙලාවට පැය ගානක් අවුල කොහෙද කියලා හොයනවා. හොයලා හොයලා සමහර වෙලාවට පොඩ්ඩක්වත් හිතපු නැති රුපියල් 100ක් විතර වෙන පොඩි කෑල්ලක් නිසා වුන් අවුලක් වෙන්නත් පුළුවන්. ඒත් ලෙඩේ හොයාගන්න පැයගානක් ගියා. මේ වගේ වෙද්දී, ලෙඩේ හොයාගන්න අමාරු උනාම ස්ට්‍රෙස් වෙනවා, ආයෙම අනිත් දේ තමයි මෙහෙම එක තැන ඉඳන් මොකක්ද අවුල කියලා කල්පනා කරන එක ලේසි නෑ. සමහර අයට පට්ටම බෝරින්ග්. ක්‍රිකට් ගහන්න ආස හැමෝම ප්‍රහේලිකා පුරවන්න ආස නෑ නේ. ඒ වගේ තමයි.

    අනිත් දේ, හැමදාම එකම ටික කරගෙන ඉඳලා ගොඩ යන්න බෑ. මට පිටරට මාස්ටර් එකක් කරපු කාලේ අවුරුදු දෙකක් හරියටම අයි ටී ජොබක් කරන්න බැරි උනා. ආයේ ඉන්ඩස්ට්‍රි එකට එද්දී මම ඉඳපු කාලේ පාවිච්චි කරපු දේවල් නෙවෙයි පාවිච්චි වෙන්නේ. ඒවා ආයෙ ඉගෙනගන්න උනා. ඉගෙනගන්න තනියම මහන්සි වෙන්නත් උනා. එක කොම්පැනියක එක දිගට වැඩ කරගෙන හිටියත් ඔය සෙතේම තමයි. පරන ටෙක්නොලොජීස් වල නම් වැඩ කලේ ආයෙ අවුරුදු 5කින් විතර ජොබ් එකක් හොයනවා කියන්නේ, අවුරුදු 10ක් කෝමා එකක් නිසා ඇඳක ඉඳපු එකෙක් ලෝකේ වෙනස් වෙච්ච තරම තේරුම් ගන්න උත්සහ කරනවා වගේ වැඩක්. අලුත් දේවල් එක්ක අප්ඩේට් වෙනවා කියන්නේ 8-5 වැඩ කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටිකක් මහන්සි වෙන්න වෙනවා. මේ වගේ දේවල් වලට ඔට්ටුයි නම් අයි ටී ඉන්ඩස්ට්‍රි එක සුපිරි.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මම වැඩ කරන company එක දැං තමා C වලින් Java වලට ටික ටික මාරු වෙන්නෙ. 😂
    එකනේ බන්, මේ ලගදිත් ausi company එකකට ස්ටාර්ට් කළා java වලින් microservice backend එකක් :lol:
    අනික game dev එහෙම තාම ගොඩක් c++ use වෙනව
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    මම වැඩ කරන company එක දැං තමා C වලින් Java වලට ටික ටික මාරු වෙන්නෙ. 😂
    Java nam tawama tiyenawa. Springboot tiyena nisa kaalekata loku awulak wena ekak naa. Anika den spring webflux nisa godak companies backend APIs java walin liyana trend ekak tiyenawa.