ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    Avent Guard Socrates Award scam ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    gd.jpg

    සොක්‍රටීස් අවෝඩ් නම් සම්මාණයකින් ලොවම ඇගයූ බව පවසමින් ඇවඩ්ගාඩ් යළි කරළියට පැමිණ තිබේ. ලවක් දෙවක් නැතිව භයියොද භය්යලාද එය ෂෙයාර් කරමින් අහන්නේ "අඩෝ දැක්කද, තොපි විනාස කරේ මෙහෙම මහා ව්‍යාපාරයක් නේද" ලෙසයි.

    බැලූ බැල්මට හිත කඩා වැටෙන කාරණාවකි. මන්ද, එංගලන්තයේ The Europe Business Assembly (EBA) ආයතනයෙන් දුන්න නිසා එසේ මෙසේ සම්මාණයක් වන්නට බැරිය. එහෙව් එකේ යහපාළන ආන්ඩුව කර ඇත්තේ ගොං කමක් වන අතර, විනාස කර තිබ්බෙන්නේ ජාත්‍යන්තර සම්මාණයට පාත්‍ර වන සුපිරි සමාගමකි.

    වතුරෙන් කාර් දුවන, පාංගෙඩියට ප්‍රශ්ණය දමා විසඳුම් විසිකල විට ප්‍රශ්ණ විසඳේයැයි සිතන, ටැංකියේ වතුරෙන් ගෙදරට ලයිට් දෙන ජාතියේ බයිලා වලට රැවටෙන ජාතියකට මෙය පට්ට සිරා, රටේ නම බැබලූ තවත් එක් මහා සම්මාණයක් යැයි දොහොත් මුදුන් දී භාරගන්නා එක සිම්පල් වැඩකි.

    එහෙත් මේ සම්මාණයත් මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය වැනිම වූ, පොඩි අතයට ගණුදෙනුවකින් හිමිවූ තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බව කී දෙනෙකු දනීද, කිව්වත් පිළිගනියිද?

    මිනිසුන් ස්වභාවයෙන්ම ධනයට, බලයට මෙන්ම ගරු නම්බු වලට කැමැත්තෝය. මේ බැව් දන්නා නොයෙකුත් සෙප්පඩ විජ්ජා කරුවන් ඉල්ලුමට සැපයුම සලසාදී ගාණ හොයා ගනියි.

    කලකට පෙර සාම විනිසුරු නම් පදවියද, ආචාර්ය පදවිද, දේශාමාණ්‍ය වැනි තනතුරුද ලංකාවේ කිහිප දෙනෙකුට යම් වැදගත් සහ පිළිගැනීමක් ඇති ආයතන විසින් ප්‍රදානය කල අතර, පෙරේතයන්ට නමුබු නාම දී හම්බු කරගැනීම අගනා ව්‍යාපාරයක් බැව් වටහා ගත් කෛරාටිකයින් විසින් අද ඒ සම්මාණ ලක්ෂයට දෙකට විකිණීමට පටන් ගෙන තිබේ.

    අද මේ ගරු සම්මාණ දකින් බහුතරයක් හිකෙන් පුනා වන අතර සුළු ගොබ්බයින් පිරිසක් සහ එය දරන්නා පමණක් සම්මාණයෙන් ආඩම්භර වෙති.

    ඇවන්ගාඩ් සම්මාණයත් එයට දෙවනි නොවේ. එකම වෙනස, මෙය එංගලන්තයේ සුද්දන් පිරිසක් විකිණූ එකක් වීමයි. සුද්දාගෙ නිසා අපි හිතන්නේ වැඩේ සුදු ඇතිය කියාය. ඒත් මේ තවත් එක මගඩියක් පමණි.

    ඇවන්ගාඩ් හට මේ සම්මාණය දී ඇත්තේ The Europe Business Assembly නම් ආයතනයකි. ඔවුන් එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් හි ලිපිනයැති විශාල ආයතනයක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලූ විට මේ ආයතනය කර ඇති එකම දේ සම්මාණ පිරිනැමීම පමනි.

    වසරකට එකක් නොව දෙක තුනකි. රහස එයයි. එපමනක් නොවේ, මේ සම්මාණ ලැබී ඇත්තේ ලෝකයේ ඉතා ඉහලින් වැජඹෙන ප්‍රසිද්ද පුද්ගලයන්ට හෝ ආයතනයන්ටද නොවේ.

    ඒව බහුතරය ලැබී ඇත්තේ ආසියානු හා අප්‍රිකානු ව්‍යාපාරික ලෝකයේ කුප්‍රසිද්ද සමාගම් වෙතය. රහස මෙයයි. මේ සම්මාණ සඳහා ඔබ අයදුම් කල යුතුය. සැබෑ ජයග්‍රාහී ව්‍යාපාරිකයන් මෙවන් "බිස්නස් අවොඩ්ස්" වලට අයදුම් කරන්නේ නැත. මේවා ඉල්ලන්නේ තමන්ගෙ "යම් කිසි" අඩුවක් සහතිකයෙන් වැසීමට බලා ඉන්නා අණ්ඩපාලයන් හෝ මේ ගැන හරි හැටි නොදැන අහුවෙන මෝරුන් පමණි.

    Cannes-2105_035.jpg

    මේ පින්තූරයෙන් දැක්වෙන්නෙ ඇවන්ට් ගාඩ්ට සම්මාණ දුන් උළෙලයි. එහේ පුටු ගණනටවත් මිනිසුන් නැත.

    Cannes-2105_057.jpg

    බැක් ඩ්‍රොප් එක බාල බැනර් එකක් පමණි. අහෝ, මේ යුරෝපීය මහා සම්මාන උළෙල දුප්පත් ලoකාවේ ස්ලිම් අවොඩ් තරම් වත් ගාම්භීර සුන්දර එකක් නොවේ, තනිකරම ලෝ බජට් වැඩකි. වියදම් කර ඇත්තේ සුන්දර පසුතලයක් සහිත හෝටලයට පමණි.

    Maggi-SLIM-article.png

    කතාව ඉවර නැත.

    මේ The Europe Business Assembly ආයතනය පිළිබඳව සෙව්විල්ලෙන් සිට, ඔවුන් කරන සම්මාණ මගඩිය ලොවට රහස්ක් නොවේ. මෙයට පෙර සර්බියාව විසින් එය හෙලිකරගෙන තිබේ.

    මෙහි ඇත්තේ ඒ වාර්ථාවයි.

    සර්බියානු සoවිධානාත්මක අපරාධ වාර්ථා ව්‍යාපෘතිය මගින් EBA යනු මුදලට සම්මාණ පිරිනමන සහ සම්මාණ බිස්නස් එකෙන් ජීවත් වන පිරිසක් බව කදිමට එහි හෙලිකර ඇත.

    එපමනක් නොවේ, මෙහි දැක්වෙන ආකාරයට මේ සොක්‍රටීස් ස්ම්මාණයෙහි මිළ යුරෝ 9700කි. සමහරවිට මේ මිළ ඊඩ වැඩි වීමටද ඉඩ තිබේ.

    cjenovnik_medalja_eng.jpg

    මේ ඉන්දුනීසියානු පුවත්පතක මේ වන්චාව ගැන පලවූ තවත් වාර්ථාවකි.
    http://indonesiaexpat.biz/other/scams-in-the-city/what-price-glory/

    ඉදින් මහතුනි, ඇවන්ගාඩ් ජාත්‍යන්තර සම්මාණයකින් යුරෝපයේද්ගී පුද ලැබුවායැයි උදම් නොවන්න, චූන් නොවන්න. ඔවුනට යුරෝ දස දහසක් ගෙවා සම්මාණයක් ගැනීමට තිබූ ආර්ථික ශක්තිය ගැන පමණක් සතුටුවන්න.

    http://upashantha.blogspot.com/2016/10/avent-guard-socrates-award-scam.html
     
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්මාන කතාවෙන් වැඩක් නැ වද &න්නය රටක් වටින ඇවන්ගාඩ් එක විනාශ කරල දැම්ම එච්චරයි කතාව. දැන් වද &න්නය ගත්තට පස්සෙ ඉස්සර ඇවන්ගාඩ් එක හොයපු ඩොලර් වලින් බාගයක්වත් හොයනවද ???? අනේ නැ.දැන් බිස්නස් එක ඉන්දියාවෙන් අල්ලගෙන තොපි වගේ රටක් ජාතියක් ආගම්ක් නැති &න්න unp බැල්ලියන්ට නම් වද &න්නයගෙ බලු වැඩ හොද ඇති, මහ බැකුවෙන් බිලියන ගානක් හොරාකාපු වද &න්නයට කඩේ යන තොපි වගේ සක්කිලි unp &න්නයොත් ඉන්නවනෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සම්මානය ලබන්න හේතුව කෙටියෙන්.....
    සෝමාලියා මුහුදු සිමාවේදී නාවික ආරක්ෂක සේවා සමාගම්වලින් 99.9% ක්ම ෆේල් උනා....
    රැකවරණය දෙන අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරවලට 100% ක් සාර්ථකව මුහුණ දීල තියෙන්නෙ ඇවන්ට් ගාර්ඩ් එක විතරයි..
    සරලයි .... කෙටියි....
    මේ නිසා සුපිරි විශ්වාසයක් ගොඩනැගුනා මේ ආරක්ෂක සමාගම කෙරෙහි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් බිස්නස් එක ඉන්දියාවෙන් අල්ලගෙන තොපි වගේ රටක් ජාතියක් ආගම්ක් නැති
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    හැබැයි ඉතින් පොනිලා ජපාන පහල මන්ත්‍රණ සභාව අමතලා මෙහෙ ඇවිත් ජපාන පාර්ලිමේන්තුව ඇමතුවා කියපු කතාව තරම් කුජීත නෑනේ?

    rangana26 සිකුරිටි ද ? කම්කරු ද?

    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අපේ එකෙක්ට සම්මාණයක් හම්බ උනාම​...ඒක Fake da නැද්ද කියලත් හොයලා...මේච්චර දිගටත් ලියනවනේ බන්...පුදුම ආදරායක් රටට තියෙන්නේ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    Ko ban muge replay nane , He hee

    rangana26 සිකුරිටි ද ? කම්කරු ද?

    සිකුරිටි අර KDH කියන එකාගේ job එකනම් දන්නවා උබේ ජොබ් එක මොකක්ද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    අපේ එකෙක්ට සම්මාණයක් හම්බ උනාම​...ඒක Fake da නැද්ද කියලත් හොයලා...මේච්චර දිගටත් ලියනවනේ බන්...පුදුම ආදරායක් රටට තියෙන්නේ...

    ඕව මම ලියන ඒවා නෙමයි රට්ටු ලියන ඒවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ එකෙක්ට සම්මාණයක් හම්බ උනාම​...ඒක Fake da නැද්ද කියලත් හොයලා...මේච්චර දිගටත් ලියනවනේ බන්...පුදුම ආදරායක් රටට තියෙන්නේ...

    ජාත්‍යන්තරෙත් පුදුම වෙනව ඇති අපේ උන්ගෙ මේ හැසිරීම්වලට.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    ජාත්‍යන්තරෙත් පුදුම වෙනව ඇති අපේ උන්ගෙ මේ හැසිරීම්වලට.....

    රටට ආදරේ කරන විදිහෙයි අවුල තියෙන්න රට වැඩියෙන්ම නිඅස කරන එවුන් තමයි දේශප්‍රේමින් විදිහට පෙනී හිටින්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සම්මානය ලබන්න හේතුව කෙටියෙන්.....
    සෝමාලියා මුහුදු සිමාවේදී නාවික ආරක්ෂක සේවා සමාගම්වලින් 99.9% ක්ම ෆේල් උනා....
    රැකවරණය දෙන අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරවලට 100% ක් සාර්ථකව මුහුණ දීල තියෙන්නෙ ඇවන්ට් ගාර්ඩ් එක විතරයි..
    සරලයි .... කෙටියි....
    මේ නිසා සුපිරි විශ්වාසයක් ගොඩනැගුනා මේ ආරක්ෂක සමාගම කෙරෙහි....

    රටට ආදරේ කරන විදිහෙයි අවුල තියෙන්න රට වැඩියෙන්ම නිඅස කරන එවුන් තමයි දේශප්‍රේමින් විදිහට පෙනී හිටින්නේ

    අපේ එකෙක්ට සම්මාණයක් හම්බ උනාම​...ඒක Fake da නැද්ද කියලත් හොයලා...මේච්චර දිගටත් ලියනවනේ බන්...පුදුම ආදරායක් රටට තියෙන්නේ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    සම්මානය ලබන්න හේතුව කෙටියෙන්.....
    සෝමාලියා මුහුදු සිමාවේදී නාවික ආරක්ෂක සේවා සමාගම්වලින් 99.9% ක්ම ෆේල් උනා....
    රැකවරණය දෙන අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරවලට 100% ක් සාර්ථකව මුහුණ දීල තියෙන්නෙ ඇවන්ට් ගාර්ඩ් එක විතරයි..
    සරලයි .... කෙටියි....
    මේ නිසා සුපිරි විශ්වාසයක් ගොඩනැගුනා මේ ආරක්ෂක සමාගම කෙරෙහි....

    ඔව් ඔකේ වැඩ කරපු එවුන්ට හොදට ගෙව්වා ඒ කලේ
    වැඩේ තියෙන්නේ ඕක ලොකු පුටුවල එවුන් ඕකෙන් අදායමක් රටට ගෙනාවේ නැ
    උන් ඒ ටික බෙදා ගත්ත

    සම්මනේනම් අර ඒ දවස් වල 25000 ට දුන්න දේශබන්දු type එකේ සම්මානයක්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔව් ඔකේ වැඩ කරපු එවුන්ට හොදට ගෙව්වා ඒ කලේ
    වැඩේ තියෙන්නේ ඕක ලොකු පුටුවල එවුන් ඕකෙන් අදායමක් රටට ගෙනාවේ නැ
    උන් ඒ ටික බෙදා ගත්ත

    සම්මනේනම් අර ඒ දවස් වල 25000 ට දුන්න දේශබන්දු type එකේ සම්මානයක්

    ekata arjun mahendran ne.. ravi , ranil.. lankawata kochchara loku aadayamak genawaawada ne..

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: KDH

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔව් ඔකේ වැඩ කරපු එවුන්ට හොදට ගෙව්වා ඒ කලේ
    වැඩේ තියෙන්නේ ඕක ලොකු පුටුවල එවුන් ඕකෙන් අදායමක් රටට ගෙනාවේ නැ
    උන් ඒ ටික බෙදා ගත්ත

    සම්මනේනම් අර ඒ දවස් වල 25000 ට දුන්න දේශබන්දු type එකේ සම්මානයක්

    machan those money came to sri lanka...
    un hora kewanam....unwa..hire danawa misak...e company ekata kelawala hariyanawada ban....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සිකුරිටි අර KDH කියන එකාගේ job එකනම් දන්නවා උබේ ජොබ් එක මොකක්ද ?

    :lol::lol::lol::lol::lol:
    සිකුරිටි? හයියෝ... ඔය කඩේ යන තරමට සිකුරිටි ඇද්ද? අමාත්‍යංශසම්බන්ධිකරණ ලේකම් කමක් වත් ඉල්ලගනින්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඔකේ වැඩ කරපු එවුන්ට හොදට ගෙව්වා ඒ කලේ
    වැඩේ තියෙන්නේ ඕක ලොකු පුටුවල එවුන් ඕකෙන් අදායමක් රටට ගෙනාවේ නැ
    උන් ඒ ටික බෙදා ගත්ත

    සම්මනේනම් අර ඒ දවස් වල 25000 ට දුන්න දේශබන්දු type එකේ සම්මානයක්

    ලෝකේ පුරාම තියෙන නාවික ආරක්ෂක සේවා 175 ක් අතුරින් තමයි මේක තෝරල තියෙන්නේ....
    ඔය කියන විදියට රු 25000 කට ගන්න පුලුවන් ලිස්ට් එකක් නෙවෙයි .......
    එහෙම සම්මාන දීල මාට්ටු උනොත් ඔය දුන්න උන්ට බඩු පැකට්....
    එක එකා හිතේ දුකට කියන කතා මේකේ දාලා නොන්ඩි නොවී හිටපන්...