දිව්‍යලෝකයේදී,
පිච්චුවද? වළ දැම්මද?
නැහැ මම සැමසුව පතා දන්දුන්නා...

සුදු ලොහොබුවෙන් සැරසිලා ගිය මුල් දිනේ මට සිහිඋනේ....
වැදුනි සැරටම ෆෝමලීන් සැර ඇරපු පමණින් තියටරේ....
නිවන් යන්නට පතන දෙගුරුන් සිටියේ තැන තැන නිසල සේ...
දෙගුරු තනතුර ගුරු උනා අප තබපු සැනකින් සැත ගතේ...
දහය අංකයෙ ටොලිය මත හිදියා මවක් මහ පිං කදක්...
වටවී අපෙ උන් වැන්දෙ හිස නම වෙන්න පතමින් මතු බුදුන්...
සැතක් ගෙනතට තදකලේ මම රිදෙයිදෝ යැයි ශෝකයෙන්...
නොවනු බිය පුත කපනු මගෙ කය කීවේ නිසලව මයෙ ගුරුන්...
අත්ද කකුලුද උරස උදරද පැළුව පසුවත් නිශ් ගතේ...
කොතෙක් බැලුවද සොයනු බැරිවිය ජාති ආගම කිසි තැනේ...
සිංහලද,මුස්ලිම්ද,දමිලද සැවොම සිටියත් Batch එකේ...
නිසල වූ පසු සැවෙම එක බව කියදුන්නා තියෙටරේ...
ගිණිතබා හෝ වලදමා හෝ නික්ම ගියෙනම් අපෙ ගුරුන්...
උගනු හැකිවෙද #සියල්_අපහට නොදැක Anatomy පියැවිසින්...
එසේ කැපකල බොහෝ ගුරුවරු සිටින බව ඔබ දැන දැනත්...
කෙසේ අසනුද වළදමන ලෙස පිලිස්සිය යුතු නිශ්කදක්...?

සමිල රණසිංහ
(ජායාරූප අන්තර්ජාලයෙන්)
.
.
.
උපුටාගැනීමකි

ප.ලි.
ඔයාලා body එක donate කරන්න කැමති නම්....
කැමති මෙඩිකල් ෆැකල්ටි එකක Anatomy department එකකට පරිත්‍යාග කරන්න පුලුවන්.Anatomy department එකේ ඔෆිස් එකෙන් ගන්න පුලුවන් form එකක්.ඒක පුරවලා දෙන්න තියෙන්නෙ.
ඒකෙ තියනවා දේහයක් පරිත්‍යාග කරන්න සපුරන්න ඕන සුදුසුකම් සහ මරණයෙන් පස්සෙ සිදුකරන්න ඕන ක්‍රියාවලිය.
විනාඩි 10ක්වත් යන්නෙ නැති පොඩි වැඩක්.
Form එක බාර දුන්නම ඒකට අදාලව ලිපියක් දෙනවා..
පේරාදෙණිය Medical faculty එකේ ලින්ක් එක ඔන්න අයට
https://med.pdn.ac.lk/departments/anatomy/bodydonation.php