ඉඩමට ලයිට් වතුර ගන්න නං ඒ පළාතේ ඉස්සෙල්ලම ග්‍රාම සේවක නිලධාරීව මුණ ගැහෙන්න යන්න. ඊට පස්සේ එඩ්රස් එකක් ගන්න ඕනි, ඊළගට යන්න ඕනි ඉඩම අයිති නගරසභාවට හෝ පළාත් පාලන ආයතනයට. එතනින් වරිපනම් අංකයක් ගන්න.
මේ අස්සේ ඉඩමේ පැත්තකින් පොඩි කාමරයක් හදා ගෙන හොදට වයරින් කර ගන්න. මකබාස් වැඩ නෙමේ, පිළිවෙලකට කරන්න. නැත්තං ලයිට් දෙන්නේ නෑ. ඊට පස්සේ අර කලින් ගත්තු එඩ්රස්, වරිපනම් අංක එහෙම අරං ලගම තියෙන විදුලිබල මණ්ඩලයේ ඔපිස් එකට ගිහින් අදාළ ෆෝරම පුරවලා එන්න. ඊට පස්සේ මැනුම් කටයුතු කරලා ගෙවන්න ඕනි ගාන කියයි. ඒක ගෙව්වම එදාම ඇවිත් ලයිට් දෙයි අර මඩුවට.
වතුර ගන්නත් මෙහෙමම තමයි. හැබැයි සල්ලි බැන්දාට මාස ගානක් ගියාම තමයි වතුර හම්බෙන්නේ. වෝටර් බෝර්ඩ් එකේ වැඩ පට්ට හෙමින් වෙන්නේ.
එහෙම ඉන්න අමාරු නං පොඩි ලිං කෑල්ලක් හාර ගනින් ඉඩමේ අයිනකින්.