මචං, සාමාන්‍යයෙන් lawyer fee එක විදියට lawyers ල ගන්නෙ දේපලේ තක්සේරු වටිනකමින් ප්‍රතිශතයක්. (1%ක් වගේ). එහෙම උනාම lawyerට කුට්ටිය වැඩි වෙන්නෙ තක්සේරු වටිනකම වැඩිවෙන තරමට. එහෙම උනාම ඔයාට ගෙවන්න වෙන මුද්දර ගාස්තුවත් වැඩිවෙනව. ඒක නිසා, අඳුරන lawyer කෙනෙක් නැත්නම් කරන්න තියෙන්නෙ lawyer එක්ක කතාකරගන්න, ප්‍රතිශතයක් නෙවෙයි fixed ගානක් දෙන්නම් කියල. එහෙම උනාම උන් අඩුම ගානක් දාල ඔප්පුව ලියනව. අදායම් දෙපාර්තමේන්තුව හරහා තක්සේරු කරනකොට ඒගාන පොඩ්ඩක් එහා මෙහා වෙයි. ඒත්, අඩුම මුද්දරගාස්තුවකට වැඩේ කරගන්න පුලුවන්. lawyerටත් සාධාරණ ගානක් හම්බවෙනවා.
උදා: ලක්ශ 10ක් දාල ඔප්පුවක් ලිව්වොත් lawyer ට හම්බවෙන්නෙ රු. 20,000/-යි. මුද්දර ගාස්තුත් රු. 20,000/-ක් විතර යනවා. (තෑගි ඔප්පුවක් කියල හිතමු). ඔයාගෙ සම්පූර්ණ වියදම රු. 40,000/- යි.
මේ ගාන මදි නිසා, ගොඩක් lawyersල කරන්නෙ, ලක්ශ 20කට විතර ලියනව. එහෙම උනාම මෑන්ට රු. 40,000/-ක් හම්බවෙනව. මුද්දර ගාස්තුත් රු.40,000/-ක් යනව. සම්පූර්ණ වියදම රු.80,000/-යි.
ඔයා lawyerට රු. 40,000/-ක fixed ගානක් දෙන්නම් කිව්වොත් එයා ලක්ශ 10කට ඔප්පුව ලියනව. එතකොට මුද්දර ගාස්තු වෙන්නෙ රු 20,000යි. මුලු වියදම රු. 60,000/-යි.