ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ කියලා ප්‍රශ්න කරද්දි මරු ප්‍රති ප්‍රශ්න කිහිපයක් ආවා. එකක් තමයි ලන්ඩන්, එඩෙක්සෙල් සිස්ටම්වල එහෙම නෑනේ කියලා. ඒ වගේ අධ්‍යාපන සිස්ටම් එකක් එක්ක රටක රජයක් විසින් ආයෝජනය කරලා පුරවැසියෙකු බිහිකිරීමේ අරමුණක් ඇතුව තියෙන අධ්‍යාපන ක්‍රමයක් සසඳන්න යන එකම විකාරයක්.

    ඒ කතාව පැත්තකින් තිබ්බොත් බ්‍රිතාන්‍ය මේ වෙලාවේ විශාල අනන්‍යතා අර්බුධයක් හදාගෙන තියෙන්නෙත්, සංස්කෘතීන් මුහුවෙන පරිසයක් වෙනුවට හුදෙකලාව අනෙක් වටිනාකම් ගැන තැකීමක් නොමැති ජන කණ්ඩායම් ඇතිවීමත් ඒ සමඟ අර්බුධ නිර්මාණයට මඟ පෑදෙන්නත් එක් හේතුවක් වෙලා තියෙන්නෙ ඔය ඉතිහාසය නැති කතාව. මේ ලොප් වීම ගැන බ්‍රිතාන්‍ය තුල පවතින දැඩි ⁣විවේචන ගැන හාංකවිසියක් නොදැන ⁣ඊට සමාන කරන්න යෑම විහිළුවක්. ඒත් එක්කම ඔය ක්‍රමයට ඉගෙනගත්ත එක්තරා නිළියකගෙන් ලංකාවට නිදහස ලැබුනේ කුමන වර්ෂයේද කියලා යම් වැඩසටහනක ප්‍රශ්න කරද්දි 1969 ලෙස උත්තර ලැබුන එකට ඔය ඉතිහාස ඇරියස් තියෙන බොහෝ දෙනා දෙස් දෙවොල් තිබ්බා මතකයි.

    ඇමරිකාව, ප්‍රංශය, චීනය, රුසියාව, ද.කොරියාව වගේ රටවල අවුරුදු 16 -18 වෙනකම්ම ඉතිහාසය අනිවාර්ය විෂයක් කරන හැටි අමතක කරලා විවේචනයට ලක්වෙන එඩෙක්සෙල් උදාහරණයම ගන්න එකත් මරු.

    ලංකාවේ ඉතිහාසය ඉගැන්වීමේ ක්‍රමය ගැන විශාල ගැටලු තියෙන බව ඇත්ත. ඉවත්කල යුතු කරුණු ගනනාවක් වගේම එක්කල යුතු කරුණු ගනනාවක් එක්ක නැවත මුල සිට සකස්කල යුතු විෂය නිර්දේශයක් බවත් ඇත්ත. නැවත සමාලෝචනයකට ලක්වී සකස්විය යුතු නිර්දේශයක් සහිත විෂයක් නැවත සකස් කරනවා වෙනුවට ඉවත් කරීම පිළිතුරක් නෙවෙයි.

    මේ සිද්ධිවලට අමතරව ලංකාවේ ඉතිහාසය ගැන තියෙන තරමක් වැරදි නිර්වචන, විකෘති බිහිවෙලා නොමඟ යවන සුළු තත්වයන් සහ ව්‍යාජ ඉතිහාසඥයන් බිහිවෙලා තියෙන අවධියක විෂය සංශෝධනය නොවී ඉවත් කිරීම ඊටත් වඩා අර්බුධ නිර්මාණය කරන තත්වයක්. ඉතහාසය ගැන නිවැරදි අවබෝධයක් නොමැති පොදු ජනයා නොමඟ යැවීම අතිශයින්ම පහසු වැඩක්. ඒ අර්ථයෙන් ගත්තම දේශපාලනිකව දුප්පත් වීමටත් සෘජුව බලපාන්නෙ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් නොමැති වීම.

    රටක රාජ්‍ය විසින් මෙහෙයන අධ්‍යාපනය ක්‍රමයේ එක් මුලීක අරමුණක් තමයි පුරවැසියෙක් බිහි කිරීම. හොඳට මතක තියාගන්න එතනදි අරමුණ හුදෙක් වැසියෙකු බිහි කිරීම නෙමෙයි 'පුර වැසියෙකු' බිහිකිරීම. පුරයට අයිති වැසියෙක් නිර්මාණය කිරීමේ මුලීක පියවර තමයි තමන් බෙදා හදාගන්න පොදු ඉතිහාසය (shared history) තුලින් නිර්මාණය වෙන පුරයේ අනන්‍යතාව පිළිබඳව හැඟීම. මේ අනන්‍යතාව බිහිවෙන්න වැසියා තුල ඉතිහාසය පිළිබඳව දැන හෝ නොදැන තැන්පත් වෙන දැනුම බලපානවා. ඒක දැනුවත්ව සිදුකරන්න රාජ්‍යන් යුහුසුළු වෙන්නෙ ඒ නිසයි. රැකියාවක්, අනාගත භාවිතාවක් සහිත තාක්ෂණික විෂයන් පමණක් උගන්වා රැකියා වෙළඳපල පමණක් ඉලක්ක කරගෙන අධ්‍යාපන ක්‍රම සකස් කරන්න රටක් රාජ්‍යක් යනු පෞද්ගලික ආයතනයක් නෙවෙයි. තාක්ෂණික විෂයන්වල පැවැත්ම ඉතිහාස විෂයේ පැවැත්මෙන් වියුක්තයි. මේ දෙකම පවතින්න පුළුවන් තත්වයක ඉතිහාසය ඉවත්කර තාක්ෂණික විෂයන් පැවතිය යුතුයි කියන තර්කය අර්ථ විරහිතයි. මේ තර්කයේම දිගුවක් විදිහට මම දැක්කා ඉතිහාසය පිළිබඳව විශේෂවේදි උපාධිය කරපු සමහරු අදහස් දක්වලා තිබුනා උපාධිය කරාට වැඩක් නෑ රස්සා නෑ කියලා. එතන තියෙන්නෙ රැකියාවක් කරන්න හිතන් ඉතිහාස විශේෂවේදි උපාධිය හදාරපු අයගේ ගැටලුවක් මිසක් ඉතිහාස විෂය ඉගැන්වීමේ ගැටලුවක් නෙවෙයි.

    ඉතිහාසය ගැන කතා කරද්දි ඉතිහාසය ගැන ඇරියස් වගේම වෙනත් විෂයන් ගැන කතා කරද්දි ඒ ඒ විෂයන්වලට අකමැති ඇරියස්කාරයොත් ඉස්මතු වීම සාමාන්‍යයයි. ඒ රැලිවල උස්පහත් වීම් පවතින දේශපාලන වාතාවරණය අනුව අඩු වැඩි වෙනවා. මේ වෙලාවේ මේක ගැන කතා කරාම බලයේ ඉන්න පක්ෂයට වහල්කම් කරන මිනිස්සු මේක කියවගන්නෙත් පසුගාමී චින්තනයක් විදිහට. මීට සති කිහිපයකට කලින් ව්‍යක්ථ ලෙස සිංහල භාවිතා කිරීම ගැන දැඩි විවේචනයට ලක්වුනා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඒ වෙලාවේ රැල්ල ආවේ විපක්ෂයෙන්. මොන පක්ෂයට කඩේ ගියත් භෂාව, ඉතිහාසය වගේ විෂයන් පවතින දේශපාලන වාතාවරණය අනුව හෑල්ලු කිරීම ආයේ තමන් වෙතටම පරාවළල්ලක් බවට පත්වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. ⁣මොකද ඒවා රටක රාජ්‍යක පැවැත්මට සෘජුව බලපාන කරුණු නිසා. ඒ නිසා නිකන් අදහසක් සිල්ලරට ඉදිරිපත් කරන්න පුළුවන් වුන පලියට අදහස් ඉදිරිපත් කිරීමේදි ප්‍රවේසම් වෙන්න. ඒ නිසා කතාවට අප්පටසිරි වෙන ටෙක් සැවි ජෙනරෙශන්ස් නිර්මාණය කරන්න කතා දෙද්දි තියෙන හකුර නැති වෙන්න තියෙන ඉඩකඩ ⁣වැඩී. ඒවා ගොඩක් වෙලාවට මහා රැඩිකල් තීන්දු තීරණ වගේ පෙනුනට අමු ගොන් වැඩ.

    From FB ( Don Supz)
    GO HOME HARINI
    GO HOME HARINI
    GO HOME HARINI
    GO HOME HARINI
    GO HOME HARINI
    GO HOME HARINI :angry::angry::angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    තමන් කැමති නම් ඉගෙනගන්න ඉඩ දෙන එක තමයි හොඳම විදිහ.

    මම කැමතියි ඉතිහාසෙට ඒ නිසා අනික් උන්ටත් ඉතිහාසෙ උගන්නන්න ඕන කියල කියන එක හරියන්නෙ නෑ. ඒ විදිහට හණමිටිකාරයන් කියපු දේවල් කරන්න ගිහින් තමයි අන්තිමට පහවසරේ ළමයින්ට කමත් භාෂාව ඉගෙනගන්න සිද්ධවුනේ
    ගණන් විද්‍යාවේ ඉදලම දෙන්න වෙයි. ඔය දෙක කරගන්න බැරි නිසාම කී දෙනෙක් අතරමග හැලෙනවද?

    මෙතන ඉතිහාසය තියෙන්න ඕනි කියන්නේ රටේ වැද්ගත් තීරණ ගන්න එකෙක්ට තියෙන්න ඕනි මූලික දැනුමක් නිසා.

    පහුගිය කාලෙ දිගටම ඉතිහාසය විශයක් විදිහට තිබුනනේ. උඹ සෑහීමකට පත්වෙනවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉතිහාස දැනුම ගැන? මම නං නෑ. ෆේස්බුක් වල ගෘප් වල එහෙම තියන ගජබින්න වලට රැවටෙන රැවටිල්ල දැක්කාම තේරෙනවා 99%ක්ම රටේ මිනිස්සුන්ට ඉතිහාසය ගැන අලබෝලෙක විතර වත් දැනුමක් නැහැ කියලා.
    ඒ සම්බන්ධයෙන් උඹේ අදහස මොකද්ද?
    මට හිතෙන්නේ ඔය අවුල තියෙන්නේ අපි ඉගෙන ගත්ත ටිකේ අලුතෙන් ඇවිත් තිබිලා තියෙන සිලබස් සෙහෙන්න ගොඩක් හොඳ විදියට වෙනස් වෙලා තිබ්බ.

    https://www.nie.lk/pdffiles/tg/e10tim119.pdf

    මේක බලන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන ඉතිහාසය තියෙන්න ඕනි කියන්නේ රටේ වැද්ගත් තීරණ ගන්න එකෙක්ට තියෙන්න ඕනි මූලික දැනුමක් නිසා.
    එකෙක්ට

    එකෙක්ට ඕන දේකට හැම එකාම ඉගෙන ගන්න අවශ්‍ය නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඡන්ද අයිතිය තියෙනවා කියන්නේ වැදගත් තීරණ ගන්න එකෙක් තමා

    ඕකට ඉතිහාසයක් ඕන කියන්නෙ මොන වගේ තීරණයක් ගන්න ද? දෙමළෙක්/ මුස්ලිම් එකෙක් ජනාධිපති වෙන එක වලක්වන්නද?

    ඒකට ළමයි මැරිල ඉතිහාසයක් පාඩම් කරවන්න ඕන නෑනෙ. පැයක සෙමිනා එකක් තියල කියන්න පුළුවන් රාජපක්ෂ කෙනෙකුට චන්දෙ දිය යුත්තෙ ඇයි කියල.

    පැයකින් ඒක කිව්වට තේරෙන්නෙ නෑ අවුරුදු ගාණක් මොලේ හෝදන්න ඕන වගේ සීන් එකක් ද?
     
    • Haha
    Reactions: Bad_horse

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    ඕකට ඉතිහාසයක් ඕන කියන්නෙ මොන වගේ තීරණයක් ගන්න ද?
    මම ඒකනේ කලින්ම ඇහූවේ අපිට ගන්න වෙන තීරණයකට කරන වැඩකට මෙන්න මේ වගේ දැනුමක් තමා ඕනි මේ ටික නන් එපා කියන්න පුළුවං විශේෂ ක්‍රමයක් තියෙනවද කියලා. එහෙම පුළුවන් නන් ඒ කොටස් ටික විතරක් උගන්නලා ඒ වැඩේ කරගන්න පුළුවං doctor engineer වගේ දේවල් වලටත්. අඩුම අවුරුදු 15 වෙනකොට ජොබ් එකත් කරන්න පුළුවන් වෙයි සබ්ජෙක්ට්ස් වල ඕනිම ටික විතරක් ඉගෙන ගෙන.
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,478
    2,901
    113
    ඕකට ඉතිහාසයක් ඕන කියන්නෙ මොන වගේ තීරණයක් ගන්න ද? දෙමළෙක්/ මුස්ලිම් එකෙක් ජනාධිපති වෙන එක වලක්වන්නද?

    ඒකට ළමයි මැරිල ඉතිහාසයක් පාඩම් කරවන්න ඕන නෑනෙ. පැයක සෙමිනා එකක් තියල කියන්න පුළුවන් රාජපක්ෂ කෙනෙකුට චන්දෙ දිය යුත්තෙ ඇයි කියල.

    පැයකින් ඒක කිව්වට තේරෙන්නෙ නෑ අවුරුදු ගාණක් මොලේ හෝදන්න ඕන වගේ සීන් එකක් ද?
    මං 2009 O/L කරේ. ඉතිහාසය වෙනම විෂයක් විදිහට තිබ්බා.

    ඕක අනිවාර්ය නොවුණානං මං ලොකු effort එකක් දාලා ඉතිහාසය හදාරන්නේ නෑ.

    ඒත් මං අද සතුටු වෙනවා ඉතිහාසය ඉගෙනගත්ත එක ගැන. ගොඩක් අයට ඇරියස් තියෙනවා සිංහල මූලික ඉතිහාසයක් උගන්නන එක ගැන. ඇත්තටම එහෙම එකක් නෑ මං ඉගෙනගත්ත විෂයේ නං. උදාහරණයක් විදිහට, මං O/L ඉතිහාසය ඉගෙනගත්ත නිසා දැනගත්තා ලංකාව පැරණි කාලයෙ නිතර යුධ කෝලාහල තිබ්බ රටක් කියලා, ඒකෙන් අමුතු ප්‍රවුඩ බවක් නෙමේ, මේ දූපතේ ඉතිහාසයේ ඇඳුරු පැති පවා දැනගත්තා. මට කියන්න ඕනි උනේ, හැමෝම හිතනවා වගේ O/L ඉතිහාසයෙන් සිංහලු ශ්‍රේෂ්ඨයි වගේ මොළ හේදිල්ලක් වුණේ නෑ.

    ඊගාවට 11 වසරේ තිබ්බ මෑත කාලීන ඉතිහාසය. ලෝක ඉතිහාසේ වගේම 1815න් පස්සෙ ලංකා ඉතිහාසය. මං ඒ කාලේ පට්ට අකමැතියි, ඒත විභාගයට ඕනි නිසා පාඩම් කරා. ඒත්, මං අද මාර සතුටුයි ඒවා ඒ කාලේ හදාරපු එක ගැන. අද අපි ඉන්න වර්තමානයට ආවේ කොහොමද කියලා. මට හැමදාම ඡ්න්දයක් කිට්ටුවෙනකොට ඉතිහාසය අනුව සිහිවෙනවා අපි රටක් විදිහට ඡ්න්ද අයිතිය ලබාගන්න දරපු මහන්සිය Colebrook-Cameron ඉඳලා Soulbury දක්වා. ඒ එක්කම යම් අවබෝධයක් තියෙනවා රටේ ඇතිවුණ ප්‍රශ්න වල මූලයන්. ඒ නැත්තත් ඒවා සොයාබැලිය යුතු ආකාරය පිළිබඳ අවබෝධය හරි තියෙනවා.

    ඉතිං මගේ මතය ඉතිහාසය අවශ්‍ය විෂයක්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    # Usual Badu Kara Rajawaru
    # Sakkili Jana in Past
    # Tatta Marala Raja Wuna Puttu
    # Sahodaraya Marala Raja Wuna Sahodarayo
    # Slut Aga Mehesiyo
    # Podi Daruwo Wangedi Wala Dala Kotanda Ana Dunna Raja Waru,
    ..... Etc

    Matanan Sakkili / Melechcha Jathiyak. Dan Thama Evolve Wela Inne.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,948
    113
    අවුරුදු 10 ක් වැඩ කරා

    තාම එකෙක් ඇහුවේ නෑ පරාක්‍රම බාහුගේ අම්මා කව්ද කියලා
    තාම එකෙක් ඇහුවේ බුද්දගේ පුංචි අම්මට කියපු සුත්තරේ මොකද්ද කියලා

    හැබැයි
    ලංකවේ 90% ක් උන් money manage කරන හැටි, invest කරන හැටි, responsible විදියට social media use කරන හැටි දන්නේ නැ.

    වෙන රට වල syllabus වල social media වල fake news අදුරගන්න හැටි පවා තියෙනවා.

    ඒ උනාට මොකද අපේ උන්ට මහා වන්සේ කට පාඩම් නේ


    news එක නම් කියෙව්වේ නැ.
    අයින් කරලා නැනේ. ඔච්චර්ර ඕන කමක් තියෙන උන් ඉන්නවා නම් තෝරාගෙන කරන්න තියෙන්නේ.
    ------ Post added on Jul 17, 2025 at 5:55 AM

    o level වලට balance sheet උගන්නද්දී නිදාගත්තා උන් invest කරන ඒව ඉගෙන ගනී මේන් කියල ඉස්කෝලෙදි

    උඹ ඉතිහාසෙ ඉගෙන ගත්තනං ඔය youtube එකේ podcast වල කියන "they should have taught us how to do taxes in school" කියන එක ආයේ ගිරවෙක් වගේ repeat කර කර වටේ යන්නෙ නෑ.

    මොකද උඹ pattern අඳුරගන්න ඉගෙන ගෙන දැනගන්නවා මම වගේ එකෙක් ඇවිල්ල උඹ ඕක කට පාඩම් කරගත්ත තැන හොයාගෙන උඹට පුකේ අරිනව කියල

    ආව මෙතන පකය
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,886
    4,288
    113
    ඉතිහාසය
    නීතිය
    මූල්‍ය දැනුම
    ලජබට ජෙන්ඩර් ස්ටඩීස්

    හතරම එකතුකරලා සමාජ අධ්‍යන විශයක් හැදුවා නම් හරි 😎
    mehema ekak ape kaale nam thibba
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එහෙම එකක් නෑ කියන්නේ දැන්... ඉතිහාසය අනිවාර්යයිලු...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,007
    113
    එකමත් එක රටක
    අරූ හෑල්ල ගහල විදියට බයියො ඕක කරේ තියන් යන්නෙ සම්පූර්ණ ඉතිහාසෙ විෂයම විකල්ප කරල වගේනෙ.
    විලක්ප විෂයන් තියෙන්නේ OL වලට නේ කොහොමත් .
    ඉතින් ඕක එහෙම කරල තමයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    විලක්ප විෂයන් තියෙන්නේ OL වලට නේ කොහොමත් .
    ඉතින් ඕක එහෙම කරල තමයි
    උඹේ අර මෙගා ත්‍රෙඩ් එක කෝ බන් ? මට link ලින්ක් එක pm කරන්න.. :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,007
    113
    එකමත් එක රටක

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    එන එන අලුත් රැල්ලට පුක හෝදන්න ගිහින්, මුලික ටිකවත් දන්නැති එවුන් ටිකක් බිහිකරලා තියන පුකත් නැති කරගන්න තමයි තනන්නේ. ප්‍රතිසංස්කරණ කිව්වාම අපේ එවුන්ට ඕනා එකරැයින් පාරට තාර දාලා ලයිට් කනු ගහලා බෝඩ් එල්ලා වගේ චකබ්ලාස් වැඩ. එක වැස්සට ගලවං ගිහින් පාර නැතත් අවුලක් නැ සිංහලු සතුටින්.
    එච්චරයි ⁣කියන්න තියෙන්නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113




    ඉතිහාසය අනිවාර්ය නොකිරීමෙන් මහා විනාශයක්... ජාතියේ නාමයෙන් මේ වරද නිවැරදි කරන්න...! - හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක

    රට පුරා පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ ඇති බවත් ඒවා සංරක්ෂණය කර ගැනීම සඳහා ඉතිහාසය හැදෑරූ පුරාවිද්‍යා උපාධිධාරීන් 2000-3000ක් අවශ්‍ය වන බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

    එහෙත් දැනට ඒ සඳහා සිටින්නේ 500ක පමණ නිලධාරීන් පිරිසක් බවත් තවත් වසර 10ක් ඇතුළත ඉන් අඩක් පමණ විශ්‍රාම ගැනීමත් සමග එම පිරිස 250 දක්වා පහත දැටෙනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

    මේ රටේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමට නම් සියලු පුරවැසියන් රටේ ඉතිහාසය උගත යුතු බවත් එම දැනුම ලැබෙන්නේ පාසල් පද්ධතිය ඔස්සේ ඉතිහාසය ඉගැන්වීමෙන් බවත් ආචාර්ය දිසානායක සඳහන්කරයි.

    ඉතිහාසය හර විෂය අතරින් (අනිවාර්ය) බැහැර කිරීම සමග ඉදිරියේදී විශ්වවිද්‍යාලයෙන් ඉතිහාස උපාධිධාරීන් බිහිනොවනු ඇති බවත් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශ වසා දැමීමට සිදුවන බවත් එහි බරපතළ ප්‍රතිවිපාක වසර දහයකින් රටට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

    අවුරුදු ලක්ෂ අටක ප්‍රාග් ඓතිහාසික යුගයක් සහ අවුරුදු 2500කට අධික ඉතිහාසයක් ඇති දැවැන්ත පුරාවිද්‍යා උරුමයක් ඇති රටේ එම උරුමය රැක ගැනීමට නම් පාසලේ ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් ජාතියේ නාමයෙන් එය විකල්ප විෂයක් ලෙස පහත නොහෙළන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් දිසානායක අවධාරණය කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

    එහෙම එකක් නෑ කියන්නේ දැන්... ඉතිහාසය අනිවාර්යයිලු...



    අනිවාර්ය කරලා තියෙන්නේ 6 වසර වාහන වල ඉතිහාසය.
    රටේ ඉතිහාසය ඔප්ශනල්.

    ගානට යටින් රීගෙන යනවා 😆 🤌


    ------ Post added on May 20, 2026 at 3:07 AM