බෑනෙ ඔයා දැන් කලින් කිව්වානේ වැදගත් නැති විෂයන් කතාවක්. වැඩක් නැති දැනුමක් ගැන කතාවක්.
මං ආස ඒව තමයි මට වැදගත් බොහෝදුරට. සමහර වෙලාවට ආස උනත් වැදගත් නැති නිසා දැන්ම ඉගෙන නොගෙන postpone කරන දේවල් තියෙනවා. ඉතිහාසය එයින් එකක්.
සමහර ඒව ආස නැතත් වැදගත් වෙන දේවලුත් තියෙනවා. වැදගත් කියන්නෙ එදිනෙදා ජීවත් වෙන්න වැදගත්, අනාගතේට වැදගත්.
කෙටියෙන් කිව්වොත් යමක් දැනගෙන හිටියෙ නැත්තං මට කෙළවෙනව වගේ එකක්. ඉතිහාසෙ බොහෝ දුරට එහෙම එකක් නෙවෙයි. එහෙම වෙන අවස්ථාවක් ආවොත් ඒ මොහොත පාස් කරගන්න විතරක් ඒක study කරනවා. අර ීබ අහපු citizenship test එක වගේ. ඉස්සරහට citizenship test එකට ලියන්න වෙයි කියලා මම අද ඉතිහාසෙ ඉගෙන ගන්නෙ නෑ.
ඔය කාලෙට ආස දේවල් කරන්න දෙන්නේ නෑනේ. අනික එහෙම දෙනවා නන් ඇයි ගණන් විද්‍යාව වගේ දේවල් වලටත් ආස නැති අයට බලෙන් කරවන්නේ.
සමහර දේවල් දැනගන්නෙ නැතුව එදිනෙදා ජීවිතය ගෙනියන්න බෑ. ඒකයි. ගණිතය, භාෂාව, විද්‍යාව ඒ වගේ ඒවා. උදාහරණත් කියන්න ඕනද? නැත්තං ඔය ටික කිව්වම තේරෙනවද?
ඒ වගේම නීතිය අනිවා උගන්නන්න ඕන ලංකාවෙ අනිවාර්ය විදියට. ඒක ඉස්සරත් මගේ මතය. අදටත් එහෙමයි. බලමු මේ ආණ්ඩුවවත් කරයිද කියලා.