ඔන්න ඉතින් මම කලින්ම කිව්වනේ +18 විතරක් එන්න කියලා ...පොඩි ළමයි ඇවිල්ලා සිගිති කතා කියනකොට දුක හිතෙනවා ..එකයි ...කොහෙද ඉතින් උඹලා පොඩි කාලේ ඉදන්ම පුරුදු උනේ එපා කියන දේවල් කරන්නමනේ ...දැන් අවා නම් හිටු ..
කතාව ඔයාලට මාතෘකාවෙන්ම පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි ..අද ලංකාව සහ ඉන්දියාව අතර තියෙන මේ සිතල ආදරය ගැන පොඩි මත දැක්වීමක් කරන්න , අදහස් බෙදා ගන්න හිතුනා ...
..2015 - 01 - 08 වෙනිදායින් පසු ඉන්දියාවේ බලපෑම ලංකාවට දරුණුවට එනවා..CEPA ගිවිසුම අත්සන් කරන්න , දෙමල ප්‍රශ්න විසදන්න , අපේ රටේ සංවර්ධන කටයුතු පිළිබද තීරණ ගන්න වගේ ගොඩක් වැඩ වලට බලපෑම් එනවා ...
ලංකාව වෙනුවෙන් කවදාවත් ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී නොසිටපු එත් අපි ඔලුව උඩ තියාගෙන ඉන්න රටක් ඉන්දියාව කියන්නේ..අතීතයේ ඉදන් අපිට ඉන්දියාවත් එක්ක දරුණු අත්දැකීම් තියෙන්නේ .එහෙම තියෙද්දිත් අද රජය ඉන්දියාවේ ඉත්තෙක් වෙලා වැඩ කරනවා ..නෙලුම් කුළුණ වැඩ නවත්තන්න හැදුව එක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියලා ...ලංකාවේ මහාපරිමාණ ව්‍යාපෘති ඉන්දියාවට දෙන්නේ නෑ කියලා ගැටුමක් ඇතිකළා ..එකේ පප්රතිපලයක් විධිහට අපේ රටේ මුලික ස්ථාන වල සංවර්ධන ව්‍යාපෘති ඉන්දියාවට දීලා තියෙනවා ...අද අපේ රටට අවි ආයුධ අපිට ඕනි රටකින් ගන්න බෑ ..එකට ඉන්දියාව විරුද්ධයි ..එත් ඉන්දියාව මිසයිල බර ගානක් අලුතෙන් ගේනවා ..
..දරුණුම මට්ටමේ කරුණු ඇතුලත් CEPA ගිවිසුමක් දීලා එක බැරි නම් ETCA එක අත්සන් කරන්න කියලා බල කරනවා ..ලංකාවට බලෙන් ගිලන්රථ සේවයක් දෙනවා ..එකේ වැඩ කරන්නේ ඉන්දියානුවෝ ..( ලන්කාවට් ගිලන්රථ සේවයක් කරන්නවත් සල්ලි නැද්ද බන් )..පොඩ්ඩක් හිතන්න ..රනිල් දැන් කියනවා කවුරු අකමැති උනත් මේ ETCA ගිවිසුම අත්සන් කරනවා කියලා ...කවුද දැන් නියම ඒකාධිපතියා ...අපේ රටට වෘත්තිකයන් හිගයක් තියෙනවා නම් අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න ඕනි...විදේශ සහය ඕනි නම් ඇමෙරිකාව , එංගලන්තය වගේ රට වලින් දක්ෂයෝ ගෙන්න ..නැතිව ඉන්දියාවේ ඉන්න හිගන්නෝ ගේන්නේ නැතිව ....අනේ මන්ද ...
අද ලංකාව කියන්නේ ඉන්දියාවේ යටත් විජිතයක් කියලා ගොඩක් අය හිතන්නේ ..දැන් රජය කරන්නේ තවත් අපිව ඉන්දියාවට පාවලා දෙන එක ..ජාත්‍යන්තරය කියන්නේ චීනය විතරක් නෙවෙයි කියපු අය දැන් ඉන්දියාව එක්ක විතරයි වැඩ කරන්නේ ..ආසියාව කියන්නේ ඉන්දියාවද .අනේ මන්ද ...ඉන්දියාව බලවතා හමුවේ ලංකාව නලගනක් කරපු , කරන මේ ආණ්ඩුවට හැමදාම හරියන්න ඕනි ...
පට්ට කතාව
rep



