උන් කලේ ක@#$ වෑඩේ බව ඈත්ත. ඒත් බන් අපිට උන්ගෙන් ගන්න දේවලුත් තියෙනවා. බලපන් උන්ට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. එක පක්ශෙකින් පාරක් හෑදුවොත් ඊලගට එන පක්ශේ ඒක එතන ඉදලා හදන් යනවා. ඒකට අපේ උන් කරන්නේ කලින් එකාට බෑන බෑනා මුල ඉදන් හදනවා. බලපල්ලා උන්ගේ තාක්ශනික අද්යාපනේ. අද්යාපනේ කොලිටි නෑති උනාට වෑඩක් කරගන්න බෑරි උනාට උන් ලෝකේ පුරාම හොදට හම්බ කරනවා. උන් උන්ගේ උන්ට උගන්වලා ප්‍රමෝට් කරලා යවනවා. අපේ උන් කීයෙන් කී දෙනාද දන්නේ ලංකාවේ HND NDT TTI NDES TEC කියලා අද්යාපන ආයතන රජයෙන්ම කරනව කියලා.මේවා අපේ වෑරදි බන්... බලපල්ලා ඉන්දියාවට ගේමක් ආවහම උන්ගේ හම්බයයි හින්දුවයි ක්‍රිස්තියානියයි සික් කාරයයි සේරම එකතුවෙලා ගේම ඉල්ලපු එකාට ගහනවා. ගහලා ඊට පස්සේ තමා උන් ආයේ රට ඈතුලේ ගහගන්නේ, අපේ රටේ බලපන් .. අපේ හම්බයො ටික ඉස්සෙල්ලම මෑච් වලදි පාකිස්තාන් කොඩිය වනනව වගේ රෑව්ල අතගාල උස්සනවා පාකිස්තානෙට,සමහර දෙමලු අල්ලනවා උන්ගේ උන්ට, හෑබෑයි මචන් සමහර දෙමල කොල්ලො අසීමිතව අපිට අපේ රටට ආදරෙයි, අද්දෑකීමෙන් කියන්නේ, සමහර යොහෝවගේ ගෝලයෝ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් උන්ගේ වෑඩේ කරගන්නවා. ඔන්න අපේ ජාතීන් අතර සමගිය.ඉන්දියාවට විවෘත ආර්තිකේ එනකොට උන් ඒක හෙමීට ඈතුල් කලේ.. විවුර්ත ආර්තිකේ වතුරපාර ගහගෙන එනකොට පොඩි වියාපාරිකයො නිශ්පාදකයෝ හෝදන් යන්න දුන්නේ නෑ, උන්ව බලවත් කරලයි වතුර පාර එව්වේ. උන් එතකොට ඒකත් එක්ක හෑප්පෙන්න ශක්තිමත්.. උන් ඒ වතුරෙන්ම වගා කරලා දියුනු උනා. ඒත් ලන්කාවට එනකොට හෝස් ගාල ඈරිය සොරොව්වම.. අපේ සේරම නිශ්පාදකයෝ හෝදන්ම ගියා අදටත් උන්ට ගොඩ ඒමක් නෑ.CTB එකට ඉන්දියාවේ TATA LEYLAND එක නොදා දවසෙන් දෙකෙන් දිරන චීන බස් ගේන්නද? ජපන් බස් දාලා දුවන්න පුලුවන්ද? ඔන්න ඕවගේ ප්‍රශ්න ගොඩාක් එනවා මචන්. අපේ පරයො මේකට විසඩුමක් දෙනවද? දේශීය නිශ්පාදකයන්ට තෑනක් දෙනවද? බලපන් අපිට කියලා තිබ්බ මයික්‍රො එක බෑසිලා අත දාලා දෑන් මොකද කරන්නේ? තනිකරම තිරු බදු වන්චාවක්නෙ බන්. චීනෙන් කෑලි ගෙනත් මෙහෙ ෆිට් කරනවා. ඕක බෝට්ටුවෙන් ගෙනත් මීගමුවෙත් හොරට වෙනව බන්.ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්