හරි,,, අදත් ඉන්දියාවෙ ලේලන්ඩ් වලට කඩේ යන එවුන් හෙන දිග හෑලි ලියලා තියෙනවා. ඇත්තටම එවුන් දන්නෙ මොනාද කියලත් වෙලාවකට හිතෙනවා,, ඉන්දියාව කිවුවොත් රත්තරන් එහෙම *** ලොවියි. ඒවගෙන් වැඩක් නෑ, කතාවට බහිමු,, ඇත්තම කිව්වොත් ලේලන්ට් ටාට දෙකම ප්රමිතියෙන් යුතු බස් හදන්න ගත්තෙ ඊයෙ පෙරේදා, නියමිත ප්රමිතියට අනුව ගත්තම අලුත්ම නීති අනුව බස් වලට දුනු කොල දාන්න බෑ, ඒත් ලේලන්ඩ් ටාට දෙකේම නෝමල් බස් සේරම වගේ හදලා තියෙන්නෙ දුනුකොල දාලා. එතකොට ගැස්සේනව පැද්දෙනව වැනෙනවා වීසිවෙනව, බස් වල පිටිපස්සෙ සීට්වල ගිහින් තියෙනවනම් දන්නව ඇති යන්න තියෙන අමාරුව,කොටින්ම කිව්වොත් මේවගේ ලොරි චැසියට් වීදුරු අල්ලපු බොඩියක් ගහලා විතරයි මේවට බස් කියනවනම් බස් වලට මොනා කියනවද මන්දා?
හොඳ බස්වල දුනුකොල වෙනුවට තියෙන්නෙ බැලුන්.. බැලුන් කිව්වට හිල්වෙන එකක් එහෙම නෙමෙයි, ඒවගෙ බස් එක නැවැත්තුවම බස් එක ඉබේටම පාත්වෙනව යනකොට ඉබේම ඉස්සෙනවා, ඒවගේම යනකොට දොරවල් ඇරෙන්නෙ එහෙම නෑ තාක්ෂනය උපරිමයි. ඒවගේම දැන් තියෙන ඒසී බස්වලින් සියයට 99ක් ම තියෙන්නෙ ජපන් බස් වර්ග කියන එක අමතක එපා. ඒවගෙනුත් හුඟක්ම ඒවා 62-63 නම්බර්.
අලුතෙන් ගෙන්වපු සමහර හොඳ බස් කොට උඩට ගියේ ඒවා හදන්න මක බාස්ලා දැනගෙන හිටියෙ නැති හින්දා මිසක් බස්වල දෝශ නෙමෙයි. අනික ලන්කාවෙ සීයට 75 පාරවල් සුපිරියටම තියෙනව වගේ,, ආන්ඩුව මේ වගේ සුපිරි බස් ගෙන්නන එකේ මූලිකම බලාපොරොත්තුව ලන්කාවට වාහන ගේන එක අඩු කරන්න කියලයි මටනම් හිතෙන්නෙ.. කොහොමටත් අවදානමක් නැතුව අලුත් දෙයක් කරන්න අමාරුයි. තව ඩින්ගෙන් අමතක වෙනවා සමහර උන්ට 1990ට වැඩිය චීනෙ අද දියුනුයි කියලා අමතක වෙලා තියෙනවා, ඒකයි ග්රේට්වෝල් බස් ගැන කතා කරන්නෙ.. ඒ අයට කියන්න තියෙන්නෙ 29 ශ්රී වගේ ජපන් බස් තාමත් නුවර පැත්තෙ වැඩ කරනව කියන ඒකයි.
මගේ කතාව අවසන් අසා සිටි ඔබ සැමට ස්තූතියි