ඉන්දු-චීන දේශසීමා අර්බුදය
ඉන්දියාවට යුද්ධයක් අවශ්‍ය නැති නම් ඔවුන් චීනයට අයත් භූමියෙන් සිය හමුදා ඉවත් කර ගත යුතු බව චීන ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකයා පවසා තිබේ.ඔහු මේ ප්‍රකාශය සිදු කරන ලද්දේ ඉන්දියාව "ඩෝක්ලම්" නමින්ද චීනය "ඩොන්ග්ලෑන්ග්" යන නමින්ද හඳුන්වන භූතානයත් චීනයත් අතර පිහිටි කුඩා භූමි ප්‍රදේශයට ඉන්දියාව සිය හමුදා පිටත් කර හැරීමත් සමගයි.
චීනයටත් චීන ගෝලීය රූපවාහිනී ජාලය හි විවාදයකට පසුගිය අඟහරුවාදා සහභාගී වූ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ශොව් බෝ "ඔබට යුද්ධයක් අවශ්‍ය නැති නම්,චීන භූමියෙන් ඉවත් වන්න" යනුවෙන් ප්‍රකාශයක් කරන ලදි.ඔහු එසේ ප්‍රකාශ කලේ අශෝක් මේතා නම් ඉන්දීය හමුදාවේ හිටපු මේජර් ජෙනරල්වරයෙක් මෙම කලාපයේ මීට පෙර චීන-ඉන්දියා දේශසීමා අර්බුද නිසා ඇතිවූ සටන් ආවර්ජනය කිරීමට ප්‍රතිචාර ලෙසයි.
ඩෝක්ලම් ප්‍රදේශය තවමත් අයිතිය සම්බන්ධව මතභේදාත්මක ප්‍රදේශයක් බව කියන ශෝව් බෝ "භූතානය සමග සිදු කරන ලද සාකච්ඡා වට 24දී ඔවුන් මෙම ප්‍රදේශය චීනයේ කොටසක් දැයි කිසිවිටෙක ප්‍රශ්න කලේ නැත"යනුවෙන් ප්‍රකාශ කරන ලදි.බීජිං රජය හැම විටම සාමය සහ සාකච්ඡාව වෙනුවෙන් නැගී සිටින බවත්,චීනය සතු කුඩා බිම් කඩක් හෝ වෙනත් අයෙකුට අත්වීමට ඉඩ නොදෙන බවත් චීන ජනපති ෂී ජින්ග්පින්ග් කියා සිටියි.
භූතානයේ බලවත් විරෝධය මධ්‍යයේ මෙම වසරේ ජූනි මාසයේ මුලදී චීන කම්කරුවෝ ඩෝක්ලම් සානුව හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට පටන් ගත්හ.ඉන් දින කිහිපයකට පසුව ඉන්දීය හමුදාව දේශ සීමාවෙන් ඔබ්බට ගොස් සුළු සටනකින් පසුව චීන හමුදාව එම ප්‍රදේශයෙන් පසුබස්සවන්නට සමත් විය.
CGTN රූපවාහිනී සේවය කියා සිටියේ "චීන-ඉන්දියා දේශසීමා අර්බුදය ඇවිලී ගියේ ඉන්දීය හමුදා නීතිවිරෝධී අයුරින් සිකිම් ප්‍රදේශයේ චීන-ඉන්දියා දේශසීමාව හරහා ගොස් ජූනි 18දා චීන භූමියට ඇතුල්වී තිබෙන බවයි.
රුසියානු හමුදා විශේෂඥයෙක් වන විසිලි කෂින්ට අනුව චීන-ඉන්දියා දේශසීමා අර්බුදයක් මතුවන්නේ විශේෂයෙන් බීජිං පාලනයට අනුව අහිතකර කාලවකවානුවකයි.ඉදිරියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන සම්මේලනය පැවැත්වීමද,ෂිමෙන් නගරයේදී බ්‍රික්ස් සමුළුවක්ද පැවැත්වීමටද නියමිතව තිබේ.ඒ නිසා චීන නායකයාට මෙම ප්රශ්නයේදී දුර්වල ලෙස ක්‍රියා කිරීම නොහැකිය.ඔවුන් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නේද ඒ නිසාය.
කෙසේවෙතත් වර්තමාන අර්බුදයට හේතුව චීනය විසින් මතභේදයට තුඩු දුන් ප්‍රදේශයක ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමයි.ඩෝක්ලම් ප්‍රදේශය භූතානයට අයත් භූමි ප්රදේශයකි.නමුත් චීනය කලක පටන් ඊට අයිතිවාසිකම් කියයි.කි.මී. 3000ක් ඉක්මවා යන දේශසීමාවක් ඉන්දියා සහ චීනය අතර ඇත.නමුත් එහි සීමා මායිම් පිළිබඳ මතභේද පවතියි.පිළිවෙලින් 1962,1967 යන වසර වල දෙරට අතර සටන් ඇවිලී ගියේ මෙවැනි මතභේදවල ප්රතිඵලයන් ලෙසයි.1962 වර්ෂයේ ඉන්දු-චීන යුද්ධයෙන් චීනයට ජයග්‍රහණය හිමිවුවද 1967 වර්ෂයේදී චීන හමුදා පසුබස්සවා තීරණාත්මක ජයග්‍රහණයක් අත් කර ගන්නට ඉන්දියාව සමත් විය.මෙවර චීනය ඉන්දියාව සමග යුද්ධයකට ගිය හොත් මුහුණ දෙන්නට වන්නේ 1962 සිටි දුර්වල ඉන්දීය හමුදාවට නම් නොවේ.
භූතානයට අයත් වෙන් වෙන් භූමි ප්‍රදේශ තුනකට චීනය අයිතිවාසිකම් ප්‍රකාශ කරයි.ඉන් එකක් වන්නේ ඩෝක්ලම් ප්රදේශයයි.එම භූමිය අල්ලා ගැනීම උපායමාර්ගික වශයෙන් චීනයට වැදගත් සේම,භූතානයෙන් එම භූමිය ගිලිහී යෑම ඉන්දියාවට තර්ජනයක් වේ.මන්ද ඩෝක්ලම් සානුව පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත ප්‍රධාන භූමියට සම්බන්ධ කරන කොරිඩෝරයේ පසකිනි.
දැනට නැගෙනහිර සිකිම් ප්‍රදේශය තුල ඉන්දීය හමුදා සෙබලුන් 350 පමණ සිටින බව රජය පවසයි.ඒ අතරතුර බදාදා දිනයේදී චීනය කියා සිටියේ ඉන්දියාව එම ප්‍රදේශයේ සිටින සෙබලුන්ගේ සංඛ්‍යාව 400 සිට 40 දක්වා අඩු කල යුතුබවයි.නමුත් ඉන්දීය රජය තවමත් එම ඉල්ලීම පිළිගෙන නැත.
දකුණු ආසියාවේ වර්ධනය වන චීන ආධිපත්‍යය සම්බන්ධව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවේ.භූතානයේ ආරක්ෂාව සහ විදෙස් සබදතා සම්බන්ධව වගකීම පැවරී තිබෙන්නේ ඉන්දියාවටයි.එම ගිවිසුම් ප්‍රකාරව ඉන්දියා සිය හමුදා ඩෝක්ලම් ප්‍රදේශයට යවා තිබේ.චීනය,බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමග ආර්ථික,ආරක්ෂක සහ තාක්ෂණික සබදතා වර්ධනය කර ගැනීම සම්බන්ධව නව දිල්ලි රජය බියකින් පසුවේ.චීනයේ නැගී සිටීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඉන්දියාව ,එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරයි.
චීනය සහ ඉන්දියාව අතර දේශ සීමා මුල් කරගෙන ගැටුමක් ඇතිවීම සම්බන්ධව සතුටුවන තුන්වන පාර්ශ්වයේ රටවල්ද සිටියි.චීනය විසින් ඉන්දියානු දේශසීමා මුරපොලකට මිසයිල ප්‍රහාරයක් එල්ල කල බවට පුවතක් ජූලි 16 දා පාකිස්තාන මාධ්‍ය සහ සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කෙරිණි. කෙසේවෙතත් මෙවැනි අර්බුද හමුවේ තර්ජනයට ලක් වන්නේ චීන-ඉන්දීය ආර්ථික සබදතා බව නම් පැහැදිලිය.
Source:sputniknews.com
-HarshaLulzSec-

අයිතිය සම්බන්ධව චීනය සහ භූතානයට අතර මතභේදයට ලක්වූ භූමි ප්‍රදේශ තුන
භූතානයට අයත් වෙන් වෙන් භූමි ප්‍රදේශ තුනකට චීනය අයිතිවාසිකම් ප්‍රකාශ කරයි.ඉන් එකක් වන්නේ ඩෝක්ලම් ප්රදේශයයි.එම භූමිය අල්ලා ගැනීම උපායමාර්ගික වශයෙන් චීනයට වැදගත් සේම,භූතානයෙන් එම භූමිය ගිලිහී යෑම ඉන්දියාවට තර්ජනයක් වේ.මන්ද ඩෝක්ලම් සානුව පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත ප්‍රධාන භූමියට සම්බන්ධ කරන කොරිඩෝරයේ පසකිනි.
ඉන්දීය සෙබලුන් අනවසරෙන් චීන භූමියට ඇතුල් වූයේ යැයි කියන ප්‍රදේශයේ දළ සටහනක්- චීන විදේශ සබදතා අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලද්දකි.
දැනට නැගෙනහිර සිකිම් ප්‍රදේශය තුල ඉන්දීය හමුදා සෙබලුන් 350 පමණ සිටින බව රජය පවසයි.ඒ අතරතුර බදාදා දිනයේදී චීනය කියා සිටියේ ඉන්දියාව එම ප්‍රදේශයේ සිටින සෙබලුන්ගේ සංඛ්‍යාව 400 සිට 40 දක්වා අඩු කල යුතුබවයි.නමුත් ඉන්දීය රජය තවමත් එම ඉල්ලීම පිළිගෙන නැත.
දේශසීමාව හරහා චීනයට අයත් භූමියට පැමිණියාය කියන ඉන්දීය සෙබලුන්ගේ ඡායාරූපයක්-චීන විදේශ සබදතා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද්දකි.
දකුණු ආසියාවේ වර්ධනය වන චීන ආධිපත්‍යය සම්බන්ධව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවේ.භූතානයේ ආරක්ෂාව සහ විදෙස් සබදතා සම්බන්ධව වගකීම පැවරී තිබෙන්නේ ඉන්දියාවටයි.එම ගිවිසුම් ප්‍රකාරව ඉන්දියා සිය හමුදා ඩෝක්ලම් ප්‍රදේශයට යවා තිබේ.චීනය,බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමග ආර්ථික,ආරක්ෂක සහ තාක්ෂණික සබදතා වර්ධනය කර ගැනීම සම්බන්ධව නව දිල්ලි රජය බියකින් පසුවේ.චීනයේ නැගී සිටීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඉන්දියාව ,එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරයි.
චීනය සහ ඉන්දියාව අතර දේශ සීමා මුල් කරගෙන ගැටුමක් ඇතිවීම සම්බන්ධව සතුටුවන තුන්වන පාර්ශ්වයේ රටවල්ද සිටියි.චීනය විසින් ඉන්දියානු දේශසීමා මුරපොලකට මිසයිල ප්‍රහාරයක් එල්ල කල බවට පුවතක් ජූලි 16 දා පාකිස්තාන මාධ්‍ය සහ සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කෙරිණි. කෙසේවෙතත් මෙවැනි අර්බුද හමුවේ තර්ජනයට ලක් වන්නේ චීන-ඉන්දීය ආර්ථික සබදතා බව නම් පැහැදිලිය.
සිද්ධිය සම්බන්ධව ඉන්දීය පාර්ශ්වයේ පැහැදිලි කිරීමක්
Source:sputniknews.com
-HarshaLulzSec-
නෙට් එකේ මම වීඩියෝ එකක් දැකල තියෙනවා, බලු රංචු දෙකක් ගේට්ටුවක දෙපැත්තේ ඉඳන් මහා හය්යෙන් බුරාගන්නවා, ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ මුන් කෑලි යන්න මරාගනීවී කියල, එත් ගේට්ටුව ඇරියාම මුන් දෙගොල්ලම හීන් සැරේ පසු බැස්ස,