ඉන්ධන හිගය හේතුවෙන බස් රථ ධාවනයට දැඩි බලපෑම්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    රටේ ඇතිව තිබෙන ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 250ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

    බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද පවතින බව විජිත කුමාර මහතා පැවසීය.

    ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්වන බවත් ඔහු කීවේය.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමන වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉන් මේ වන විට ධාවනය වන්නේ 2000 ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.

    මෙම තත්වය දිගටම පැවතුනහොත් බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී මගීන් දැඩි අසීරුතාවයට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

    Lankadeepa
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ටත් තෙල් ප්‍රශ්නේ විසඳගන්න බෑ කියන්නේ.. මේ රටේ වාසනාවට ෆොන්සේකා හමුදාපති වෙලා හිටියේ නැත්තං තාමත් බුවා නිස්සංකත් එක්ක ගිහින් ප්‍රබාකරන්ටත් බිත්තර ගගහා ඉඳි .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අනේ හොඳයි සේරම බස් ටික නවත්තන්න තියෙන්නෙ. එතකොටවත් මිනිස්සුන්ට තේරෙයිනෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියල.2019 ගෝටාභය පත් වුනාට පස්සෙ එදා ඉඳන් අද වෙනකන් කොච්චර බිස්නස් බංකොලොත් වෙලා අකුලගෙන යන්න ඇද්ද. කොරොනා හේතුව නැතුව මුන්ගෙ මේ රටක් පාලනය කරගන්න බැරිකම නිසා විතරක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    රටකට මූලික අවශ්‍යතා වත් දීගන්න බැරි පඹ පොන්න අාණ්ඩුවක්..දැන් මෙහෙම වුනාට කාටද අවාසි..අැයි මේ ගොන් හරක් අාණ්ඩුවට ඒව තේරුම් ගන්න බැරි.රාජපක්ෂ හැත්ත ණය අරන් කුළුණු ගහපු ඵකේ විපාක තමා මේ..දැන් ඉතිං පොහොට්ටු කුළුණ දිහා බලන් හූල්ලන්න තමා වෙන්නේ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ටත් තෙල් ප්‍රශ්නේ විසඳගන්න බෑ කියන්නේ.. මේ රටේ වාසනාවට ෆොන්සේකා හමුදාපති වෙලා හිටියේ නැත්තං තාමත් බුවා නිස්සංකත් එක්ක ගිහින් ප්‍රබාකරන්ටත් බිත්තර ගගහා ඉඳි .
    statement of the day
     
    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ටත් තෙල් ප්‍රශ්නේ විසඳගන්න බෑ කියන්නේ.. මේ රටේ වාසනාවට ෆොන්සේකා හමුදාපති වෙලා හිටියේ නැත්තං තාමත් බුවා නිස්සංකත් එක්ක ගිහින් ප්‍රබාකරන්ටත් බිත්තර ගගහා ඉඳි .
    දවසේ කතාව.....
     
    • Like
    Reactions: Xi Jinping

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    කිරිබත්ගොඩ සිට අනුරාධපුර..... කිසිම ශෙඩ් එකක ඩීසල් නෑ...... ගොඩක් ශෙඩ් වහලම දාල. උන් ලග ඩීසල් පෙට්‍රල් තියා භූමිතෙල් වත් නෑ.....!!
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,243
    9,144
    113
    ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ටත් තෙල් ප්‍රශ්නේ විසඳගන්න බෑ කියන්නේ.. මේ රටේ වාසනාවට ෆොන්සේකා හමුදාපති වෙලා හිටියේ නැත්තං තාමත් බුවා නිස්සංකත් එක්ක ගිහින් ප්‍රබාකරන්ටත් බිත්තර ගගහා ඉඳි .
    නිස්සංක හොරයි පඹයයි දෙන්නම යුද්දේට බයේ පැනපු උන් දෙන්නෙක්..අම්මෝ ඒ උනාට හෙන වීරයෝ කටින්..