හරි මට මේක කියපන් උබලා කැමතිද තෙල් ගහගන්න පැය ගාණක් පෝලිමේ ඉන්න?
නැහැ, මම කැමති නැහැ තමයි. නමුත් මට එහෙම ඉදල තෙල් නැත්නම් මම මගේ වාහනේ තියල වෙනත් මදයක් හොයා ගන්නවා. අඩු ගැනේ පොදු ප්රවහනේවත්, එහෙමත් බැරි නම් ගෙදර ඉනන්නවා. ඕනෑම ගොනෙක්ට තේරෙනවනේ ප්‍රවාහන මදයක් නැත්නම් කොහෙවත් යන්න බැහැ කියල. ඉස්පිරිතාලේ යන්න උනොත් පයින් හරි යනවා මම නම්.
මම පුද්ගලිකව විශ්වාස කරනව රෝහල් වලට නාවික හා ගුවන් සේවා වලට සහ ඒවගේ දැඩි අත්‍යවශ්‍ය සේවා වලට තෙල් දෙන එක මොනම ආකාරයේ වර්ජනයකදී උනත් කෙරෙන්න ඕන යුතුකමක් කියල. යම්කිසි කණ්ඩායමක් වුර්තිය සමතියක් වර්ජනකය උද්ගෝෂණයක යෙදෙන්නේ ඔවුන්ට වුර්තියව හෝ පොදු සාමජීයව බලපාන ප්‍රශ්නයකට පවතින පාලනය ( රජය හෝ සේවා ස්ථාන පරිපාලනය ) සාකච්චා මාර්ගයෙන් විසදුම් නොදෙන නිසානේ. ඉතින් එහෙම වර්ජනයක් උද්ගෝෂණයක් අදාල පාලනයට දැනෙන්නේ ඒම වර්ජනයෙන් වක්‍රාකාරව ඔවුන්ට ප්‍රශ්නයක් වෙද්දී. මෙතැනදී මහජනතාවට වෙන හිරිහැරයෙන් තමයි රජයට බලපෑම එල්ල වෙන්නේ. ඕක සාමාන්‍ය මොලේ තියෙන ඕන කෙනෙක්ට තේරෙනවනේ.
මමත් ඔය ශ්‍රීලංකා එකෙයි යුඑන්පී එකෙයි ධෙකෙම පාගමන් නිසා පය ගණන් බස් වල පෝලිමේ ඉදල පයින් ගිහින් තියෙන කෙනෙක්. එකට බයි ටොයි අදාල නැහැ . ශ්‍රී ලංකා ආණ්ඩුව කලේ යුඑන්පී එක උනත් පාරට බැස්ස කියල පාරේ ට්‍රැෆික් නැති වෙන විදිහට පෙවුමන්ට් එකේ ගියේ නැහැනේ.