කට්ටිය ඉන්ෂුවරන්ස් ගැන එක එක කතා කියනවනෙ..
ඉන්ෂුවරන්ස් කියන්නෙ බොරුවක්..
ඉන්ෂුවරන්ස් ක්ලේම්ස් ගෙවන්නෙ නැහැ.. බ්ලා.. බ්ලා.. බ්ලා..
ඔය දේවල් වලට කලින් මුලින් බලමු ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ මොකක්ද කියලා...
Insurance is an arrangement by which a company or the state undertakes to provide a guarantee of compensation for specified loss, damage, illness, or death in return for payment of a specified premium.
සරළව කිව්වොත්.. ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ යම් පුද්ගලයෙක් හෝ ආයතනයක හඳුනාගත් හානියක්, පාඩුවක්, අසනීප තත්වයක් හෝ මරණයකදි එය සඳහා හානිපූරණයක් ගෙවීම. එම හානිපූරණය (රක්ෂිත මුදල) ගෙවන්න එම පුද්ගලයගෙන් හෝ ආයතනයෙන් යම් කාලසීමාවකට සහ යම් කොන්දේසි වලට යටත්ව යම් වාරික මුදලක් ලබා ගැනීම...
අනිත් හැම කම්පනි එකක් වගේම මෙයාලත් බලන්නෙ තමන්ගේ ආයතනයේ ලාභය.. ඒක නිසා මෙයාලට හිමිකම් පෑමක් / Claim එකක් අවොත් මෙයලත් ඉතින් මෙයලගෙ terms & conditions ගැන ගොඩක් consider කරනවා. එතනදි රක්ෂිතයාගේ උපරිම සද්භාවය (Utmost Good faith) අනිවාර්යයෙන් බලනවා.
උපරිම සද්භාවය කියන්නේ.. කවුරුහරි කෙනෙක් ඉන්ෂුවරන්ස් එකක් ගන්නකොට පුරවන ප්‍රොපොසල් ෆොර්ම් එකට අවන්කව ඇත්ත තොරතුරු දාන එක..මොකද ඒ තොරතුරු 100% ඇත්තද නැද්ද කියන එක දන්නෙ තමන් විතරනෙ..
අනිත් කාරනාව.. අපි හිතන විදියට හැමෝටම ඉන්ෂුවරන්ස් ගන්න බැහැ.. එකටත් යම් සීමා මායිම් තියනවා..
අවම වයස අවුරුදු 18 සහ උපරිම වයස අවුරුදු 65 (කම්පනිය අනුව වෙනස් වෙන්න පුලුවන් )
තමාගේ ආදායම් මාර්ගයෙන් වාරික ගෙවන්න පුලුවන් වීම වගේ බ්ලා.. බ්ලා.. ටිකක් තියනවා..
වැදගත්ම දේ.. ඉන්ෂුවරන්ස් ඒජන්ට්ලා කියන කිසිදෙයක් 100% විශ්වාස කරන්න එපා.. මොකද සමහරු පට්ට කෙබර අදිනව පොලිසි විකුනන්න..
ඉන්ෂුවරන්ස් වර්ග ගොඩක් තියනවා..
එන්ඩොව්මන්ට් - පරිත්‍යාග
පෙන්ෂන් - විශ්‍රාම
ඩිවිඩන්ට් - ලාභාංෂ
ඉන්වෙස්ට්මන්ට් - ආයොජන etc…
ඉන්ෂුවරන්ස් පොලිසි එකක් ගන්නකොට මූලිකවම අපි තීරනය කරන්න ඕනෙ මූලික රක්ෂිත මුදල (Basic Sum Assured).. එක ගොඩක් වෙලාවට තීරනය වෙන්නෙ තමන්ගේ මාසික වැටුප මත... මොකද.. වැටුප අඩුයිනම් ලොකු ගානක් ගෙවන්න බැහැනෙ..
මේ මූලික රක්ෂිත මුදල තමා රක්ෂිතයාගේ මරණයකදි ගෙවන්නෙ..
මීට අමතරව අපිට අතුරු ආවරණ (Rider Covers)ගන්න පුලුවනි..
Accident Death - හදිසි අනතුරු ආවරනය
Critical Illness – 29 - අවදානම් සහිත ලෙඩරෝග - 29
Total Permanent Disability - පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාව
Partial Permanent Disability - අර්ධ සදාකාලික අකර්මණ්‍යතාව
Hospital Benefit - රෝහල්ගත වීමේ ප්‍රතිලාභය
Additional Death Benefit - අතිරේක ජීවිත රක්ෂණ ප්‍රතිලාභය
Family Income Benefit - පවුල් ආදයම් ප්‍රතිලාභය
මේවට අපි වෙනම ගෙවන්න ඕනේ.. එක එක ප්‍රතිලාභයට එක එක ගනන්.. තමන්ගේ අවශයතාවයට අනුව රක්ෂණ උපදෙශකයෙක් එක්ක කතා කරලා කැමති විදියට ඉන්ෂුවරන්ස් පොලිසි එක හදාගන්න පුළුවනි..
හැම විස්තරයම කොටන්න අමාරුයි.. මේ ටිකෙන් දැනුමක් ගන්න පුලුවන් කියලා හිතනවා... විස්තර ඕනෙනම් පී.එම්. කරන්න.. නැත්තම් මෙතනම අහන්න..
මාත එකක් දාලා තියෙන්නෙ... කවුරුත් කියන පලියට මොන කම්පනි එකෙන්වත් ගන්න එපා.. එකම requirement එක කම්පනි පහකින්වත් ගන්න.. අරගෙන කම්පෙයාර් කරන්න.. උදවු ඔනෙනම් කියන්න... එහෙම නැතිව කවුරුත් කියන පලියට ගන්න එපා.. (උදව් ඕනේ නම් කියන්න.)
මම වර්ක් කරන්නෙ කම්පනි ගෲප් එකක IT එකේ.. හැබැයි මම බලන්නේ ඉන්ෂුවරන්ස් සිස්ටම් එක (මම හිතන විදියට මේකෙ මාව දන්න අය නැහැ.. මොකද මම ගොඩක් active member කෙනෙක් නෙවෙ..).. එකයි මාත් මේ ගැන ටිකක් දන්නෙ..
අන්තිමට මම ගත්තු ඉන්ෂුවරන්ස් පොලිසි එකේ විස්තර දාන්නම්... ඒකෙන් ඔයලාට තව පැහැදිලි වෙයි..
මම ගත්තෙ ඔය කියන එක... එකෙදි බැන්ක් එකට සල්ලි දානව වගේ අපි මුලින් තිරනය කරන්න ඕනෙ අපේ එක්වුන්ට් එකට දාන ගාන..
මම ඒ ගාන විදියට තිරනය කලේ 1,306/-
Policy Term (කාලය) - 20 Years
Basic Sum Assured (මූලික රක්ෂිත මුදල) - 1,000,000/-
Accident Death (හදිසි අනතුරු ආවරනය) - 1,000,000/-
Critical Illness – 29 (අවදානම් සහිත ලෙඩරෝග - 29) - 250,000/-
Total Permanent Disability (පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාව) - 1,000,000/-
Additional Death Benefit (අතිරේක ජීවිත රක්ෂණ ප්‍රතිලාභය) - 1,000,000/-
Family Income Benefit (පවුල් ආදයම් ප්‍රතිලාභය) - 17,500/-
මාසික වාරිකය 1854/-
අතිරේක ආවරණ වලට ගෙවන්නෙ - 1854 – 1306 = 548/-
අවුරුදු 20 ඇතුලත..
ස්වභාවික මරනයකදි - 2,000,000/-
හදිසි අනතුරු මරනයකදි - 3,000,000/-
මීට අමතරව ඔය පවුල් ආදයම් ප්‍රතිලාභය නිසා අවුරුදු 20 පිරෙනකම් ඉන්ෂුවරන්ස් පොලිසි එකේ නාමිකයන්ට 17,500/- ගානේ මාසෙකට ලැබෙනවා...
නොමැරී හිටියොත්, අවුරුදු 20ට ගෙවන මුලු මුදල -1854 * 20 * 12 = 444,960/-
එක අවසානයේ ලැබෙන මුදල 450,000/-
ඉන්ෂුවරන්ස් පොලිසි එක අවසානයේ ලොකු මුදලක් return benefit එක විදියට ගන්න ඕනෙ නම් කරන්න ඕනෙ මුලින් දාන වාරිකය වැඩි කරන එක.
ඒ දාන ගනන අනුව return benefit එක තිරනය වෙනවා... හැබැයි මේ අගයන් සහතික නැහැ. වෙනස් වෙන්න පුලුවන්..
ඔයාලට හිතෙන්න පුලුවන් මැරුනට පස්සෙ සල්ලි ලැබිලා වැඩක් තියෙනවද කියලා... මම නම් මේක ගත්තෙ මම මැරුන දවසට මගේ ගෙදර අයට කාටවත් අතපාන තත්වයක් ඇති නොවෙන්න..
හිතලා බලන්න....![]()
Machan mata uba dapu thana PM karapanko


