ඉර උදාව අනෙකුත් ග්‍රහලෝක වල ඉද්දි පේන්නේ &#348

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඉර උදාව අනෙකුත් ග්‍රහලෝක වල ඉද්දි පේන්නේ &#348

    ඉර උදාව අනෙකුත් ග්‍රහලෝක වල ඉද්දි පේන්නේ කොහොමද?

    rise_sun1.jpg


    ඉර නැතුව අපිට පෘථිවිය මත ජීවය පිලිබදව හිතන්නව බැරිය.ඉතින් මේ කියන සුර්යයාගේ උදාව සිදුවෙනවා දැක නැති කෙනෙක් නැති තරම්.කොච්චර බැලුවත් එපා වෙන්නැති මේ සුර්ය උදාව වෙනත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහවස්තුවකට ගියොත් කොහොම පෙනෙයිද? Ron Miller කියන පුද්ගලයා තමයි මේ කියන නිරුපනයන් ඉදිරිපත් කරලා තියෙන්නේ.

    1.බුධ

    mercury.jpg


    බුධ ග්‍රහයා පිහිටලා තියෙන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 60 ක් පමණ එහායින් වීම නිසා බුධ හිදී ඉර උදාව පෘථිවියට සාපේක්ෂව තුන් ගුණයක් විශාලව හා දීප්තිමත්ව දිස්වෙනවා!

    2.සිකුරු

    venus.jpg


    සිකුරු ග්‍රහලෝකයේ ඉදල සුර්යයාට ඇති දුර කිලෝමීටර මිලියන 108ක් විතර වෙනවා. ග්‍රහලෝකය වටා තියෙන ඝන වලාකුළු නිසා සුර්යයා මෙහිදී දිස්වෙන්නේ ලා පාට ලපයක් විදිහට.

    3.අඟහරු

    mars.jpg


    සුර්යයාගේ ඉදල අඟහරුවල කක්ෂයට තියෙන දුර කිලෝමීටර් මිලියන 230 ක් පමණ වෙනවා! දුර වැඩි කියල එක ඉර උදාව දිස්වෙන්න බාධාවක් වෙන්නේ නෑ .හැබැයි වේගවත් සුළං මෙහි පවතින නිසා දුවිලි සහිත වායුගෝලයක් දකින්න පුළුවන්.

    4. බ්‍රහස්පති

    jupiter.jpg


    බ්‍රහස්පති වල උපග්‍රහයෙක් වන යුරෝපා(Europa ) වල ඉදන් බලද්දී තමයි ඉර උදාව මේ විදිහට පෙනෙන්නේ.බ්‍රහස්පති ග්‍රහයා සුර්යයාගේ ඉදල ඉතා විශාල දුරකින් තමා පවතින්නේ. හරියටම කිව්වොත් කිලෝමීටර මිලියන 779ක් පමණ ඈතින්.සුර්යාලෝකය බ්‍රහස්පතිගේ වායුගෝලයේ වායු ස්ථර හරහා ගමන් කරන විට, බ්‍රහස්පති ග්‍රහය වටා තියෙන රතු පාට වළල්ලක් තිබෙන ආකාරයට තමා දිස්වන්නේ.

    5.සෙනසුරු

    saturn.jpg


    සෙනසුරුගේ කක්ෂයට සූර්යයාගේ ඉදන් තියෙන දුර කිලෝමීටර බිලියන 1.5ක් විතර වෙනවා. අයිස් ස්ඵටික හා වායුන්ගේ බහුලතාවය නිසා සුර්යාලෝකය මෙහිදී පරාවර්තනයට ලක්වෙනවා. False Sun වගේ ඡයාවන් එනිසා මෙහිදී දැක හැකියාවක් තියෙනවා.

    6. යුරේනස්

    uranus.jpg


    යුරේනස්වල උපග්‍රහයෙක්වන ඒරියල්(Ariel ) වල මතුපිටට ඉරු උදාව පෙනෙන විදිහ තමයි ඔය තියෙන්නේ. යුරේනස් ග්‍රහයා සුර්යයාගේ සිට කිලෝමීටර බිලියන 2.8 ක් ඈතින් පිහිටන නිසා සුර්යාගේ උණුසුම දැනෙන්නේ නැති තරම්ය.

    7.නෙප්චූන්

    neptune.jpg


    නේප්චුන සතු විශාලතම උපග්‍රහයා වන ට්‍රයිටන්(Triton ) වලට ඉර උදාව පෙනෙන්නේ ඔන්න ඔය විදිහට.සුර්යයාගේ ඉදල කිලෝමීටර බිලියන 4.5ක් පමණ දුරකින් තමයි මේ ග්‍රහලෝකය පිහිටල තියෙන්නේ.

    8.ප්ලූටෝ

    pluto.jpg


    පගේ සෞරග්‍රහ මණ්ඩලයේ සුර්යයාට ඈතින්ම තියෙන ග්‍රහලෝකය වෙන්නේ ප්ලුටෝ. හරියටම කිව්වොත් සුර්යයාගේ ඉදල කිලෝමීටර බිලියන 6ක් පමණ තමා ප්ලුටෝ තියෙන්නේ. ඒ හින්ද ඉර මෙහිදී පෙන්නේ දීප්තිමත් කුඩා ලක්ෂයක් විදිහට. සුර්යයාගේ ඉදන් තියෙන දුර වැඩි හින්දා ආලෝකයේ දීප්තිය පෘථිවිය මතදී ආලෝකයේ දීප්තියට සාපේක්ෂව 1600 ගුණයකින් පමණ අඩු වෙලා තියෙනවා.



    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​



     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    සෙනසුරු වල ජීවත් වෙන්න Condition එකක් තිබ්බනම් පට්ට ලස්සන ඇති බන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සෙනසුරු වල ජීවත් වෙන්න Condition එකක් තිබ්බනම් පට්ට ලස්සන ඇති බන්

    පට්ට ලස්සනක් නැතුව ඇති බන්
    උඹ ලස්සනයි කියලා හිතන්නේ වලලු නිසානේ
    ඒවා හැබැයි ඇත්තට හැදලි තියෙන්නෙ ගල් කෑලි වලින්


    Koltsa-Saturna.jpg