ඉර බැසීම

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තව සැරයක්

    චමිල බොහොම ලැජ්ජා බයට හැදිච්ච තරුණයෙක්. සාර්ථක ව්‍යාපාරිකයකු වූ ඔහු තවමත් අවිවාහකයෙක්. ඔහුට පෙම්වතියක් හිටියත් එක එක හේතූන් නිසා විවාහය දවසින් දවස කල් යනවා.

    චමිල තම පෙම්වතියගේ උපන් දිනය දා ලස්සන මල් කළඹක් මිලට අරගෙන, ඈ හමුවන්නට ගොස් ඇගේ දෝතට එම මල් කළඹ පිදුවේ ඈට සුබ උපන් දිනයක් පතමින්. මල් කළඹේ අපූරු දසුනෙන් ප්‍රමෝදයට පත් ඈ ඔහු බදාගෙන ඔහුගේ මුහුණ තදින් සිප ගත්තා. චමිල වහා ආපසු හැරී එතැනින් ඉවත්ව යාමට සූදානම් වුණා.
    ”ඇයි ඔයා ආපහු හැරුණේ. මගෙ අතින් වැරැද්දක් වුණාද?” පෙම්වතිය සැලෙන දෙතොලින් ඇහැව්වා.
    ”නෑ නෑ ඔයා එහෙම දෙයක් කළේ නැහැ. මම ආපහු යන්ඩ හැදුවේ තව මල් ටිකක් ගේන්ඩ” චමිල ලැජ්ජාවෙන් රතුවෙමින් කිව්වා
    .

    :eek:
    9.gif


    ටයිපින් වේගය

    ”දැන් කොහොමද ඔය ළමයගෙ ටයිපින්වල වේගය?” ගණකාධිකාරිවරයා අලුත සේවයට පැමිණි යතුරු ලියන්නියක වූ තනූජා තමා වෙත කැඳවා ඇසීය.

    ”මට දැන් විනාඩියට වැරදි 15ක් 20ක් විතර ටයිප් කළෑකි” තනූජා ලැජ්ජාවෙන් සිනාසී පිළිතුරු දුන්නාය.

    :frown:

    ලෝබකමක මහත


    කොළඹගේ සහ දයා නාට්‍යයක් බලා එන ගමන් නාරාහේන්පිට අවන්හලකින් හොඳ හැටි සප්පායම් වී, බොරැල්ල හරහා රාජගිරියට යමින් සිටියහ.

    බොරැල්ලේ කනත්ත අසලින් ඔවුන් දෙදෙනා යද්දී කනත්තේ යකඩ වැට කිට්ටුව සොහොන් කොතක ලියා තිබූ වැකියක් දැක මඳක් නැවතුණු දයා, එය අසල ලයිට් කණුවේ එළියෙන් මෙසේ කියවීය.
    ”සත්ගුණවත්, දානපතියකු, සමාජ සේවකයකු, සහ කීර්තිමත් ලේඛකයකු වන පෙරේරා මැතිඳුන් මෙහි සැතපී සිටී.”
    එය අසා සිටි කොළඹගේ මහත් කම්පාවෙන් මෙන් තම නිකටට අත තබා මෙසේ කීය.
    ”මගෙ අම්මෝ මුන්ගෙ තියෙන ලෝබකමක මහත! හතර දෙනෙක්ම එක වලේ වළලලා!”

    :lol:

    හ‍ඬේ තරම


    ජයලාල් අනුරාධපුරයට යන්න පිටත් වුණේ මුල්වරට. බොහෝ දුරක් තම රිය පදවාගෙන ගිය ඔහු හතරමං සන්ධියකට ආවා. එතැන් සිට යා යුතු මඟ නොදැන ඔහු වටපිට බලද්දී හේනක වැඩකරමින් සිටි මහලු ගොවියකු දැක ජයලාල් ඔහුගෙන් මෙසේ ඇසුවා.

    ’අනුරාධපුරයට යන පාර මේකද, ලොකු උන්නැහේ?’
    ගොවියා ප්‍රශ්නාර්ථයක් මුහුණින් පළ කරමින් ජයලාල් දිහා බැලුවා. ’අනුරාධපුරයට යන පාර මේකද?’ ජයලාල් ආයෙත් ඇහුව්වා.
    ’මොකක්ද කිව්වේ’ ගොවියා එවර ඇහැව්වා.
    ජයලාල් ආයෙත් සුපුරුදු පැනයම නැඟුවා.
    ’මට ඇහෙනවා හොරයි. ටිකක් හයියෙන් කිව්වා නං’
    ’අනුරාධපුරයට යන පාර මේකද?’
    ජයලාල් පුළුවන් තරම් හයියෙන් බෙරිහන් දීලා ඇහැව්වා. ඒත් ඒකවත් ගොවියාට ඇහුණු පාටක් නෑ. ජයලාල් හොඳටම හෙම්බත්වෙලා, නිවෙසක් හමුවන තෙක් ඉදිරියටම රිය පැදෙව්වා. හැතැප්ම භාගයක් විතර යද්දි නිවෙසක් දැකලා ඔහු වාහනය නැවැත්තුවා. ගේ ඉදිරිපිට සිටි කාන්තාවකට ඔහු කතාකළා.
    ’මේ..’
    ’ඔව් ඔව් මහත්තයා අනුරාධපුරයට යන්නෙ මේ පාරෙන් තමයි. මට දුරදීම ඒක ඇහුණා.’ කාන්තාව කිව්වා.

    :growl:

    ඉර බැසීම


    ’ඔයා කොහෙන්ද චිත්‍ර අඳින්න ඉගෙන ගත්තෙ?” තම පන්තියේ සිසුවියන් කීප දෙනෙකු සමඟ අමා පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රමිලා ‘ඉර බැසීම’ නම් වූ අමාගේ චිත්‍රය නරඹමින් සිට ඒ අසලට පැමිණි අමාගෙන් ඇසීය.

    ”මම ඉගෙන ගත්තෙ එංගලන්තෙදි” අමා මඳක් ආඩම්බරයෙන් දෙඋර සොලවා කීවාය.
    ”මං හිතුවා හරි. ලංකාවේ ඉර බහින්නෙ නං මේ විදියට නෙමෙයි” ප්‍රමිලා කීවේ කට ඇද කරමිනි.

    :lol::shocked:


    silumina