මටත් වෙනවා බන්. ගොඩාක් එවුන්ට වෙනවා. එකට හෙතුව අපෙ අරමුණ සපොර්ට් එකක් දෙන්නෙ ගොඩක් එවුන් හිතන්නෙ නැහැ .දෙන්නෙම නෙගිටිව් අදහස් හො අඩමාන අදහස්. eka නිසා අපිට එපා වෙනවා ඒක. කරන හැටි නිකමටවත් කියන්නෙ නැහැ.
එකනෙ බන් සිද්ධාර්ථ කුමාරයත් පවුලෙ එකෙක්ටවත් නොකියාම රහසෙ ගිහි හෙයින් නික්මුනෙ.
මොකද තමන්ගෙ අරමුණ කොච්චර උතුම් උනත් තමන් වටෙ ඉන්න මිනිස්සු ඒ ගොල්ලන්ගෙ ලොකෙ අනුව දකින්නෙ වෙනස්ම දෙවල් .දෙමාපියන්ට උනත් ඕනෙ අපෙ ලොකෙ අපි හදාගන්නවාට වඩා ඒ ගොල්ලන්ගෙ ලොකෙ අපි හදනවාට. මොනවා කිව්වත් වෙන්නෙ ඒක. කොච්චර අනාගතෙ ගැන අපෙ අම්මලා තාත්තලා හිතනවා කිවාත් එකෙන් වෙන්නෙත් ඒ ගොල්ලන්ට බැරි වෙච්ච දේවල් තමන්ගෙ තත්වෙ මාන්‍ය උසස් වෙන දෙවල් ළමයා ලවා කරව ගන්න. අපෙත් එක්ක තරහකට නෙමෙ හිතන්නෙ. ඒත් වෙන්නෙ තමන්ගෙ ලොකෙ අවශ්‍යතා ළමයා ලවා සපුරාගන්න. සිද්ධාර්ථ කුමාරයත් එකනෙ බන් අරමුණ තමන්ට අච්චර මාළිගාවල් ,සැපසම්පත් ,අධ්‍යාපනය හදාලා දීපු තාත්තාටවත් නොකියා ගෙදරින් ගියෙ. මොකද ඒතුමාගෙ තාත්තාට ඕන වෙලා තිබ්බෙ පුතා සක්විතිරජ වෙනවා දකින්න. ඒ කිව්වෙ තමන්ගෙ ලොකෙ අවශ්‍යතාවක් ළමයා ලවා සපුරාගන්න .ඉතිං එක වෙනුවෙන් හොඳට ඉගැන්නුවා දුක් හිතෙන දෙවල් නොපෙනෙන්න සැළැස්සුවා ,මාළිගාවල් හදලා දුන්නා, හොඳ කසාදෙකුත් කරලා දුන්නා, ඒත් එහෙම කරපු තාත්තාටවත් නොකියා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුනෙ අරමුණ තමන්ගෙ පවුලෙ කෙනෙක් අහල පහල අය දැනගත්තොත් කරගන්න බැරි වෙන නිසා. හැබැයි උන් වහන්සෙට ඒ වෙලාවෙ ගෙදරින් පිට වෙන්න ඕන කරන ධෛර්ය තිබ්බා. අපිට ඒක තාම නැහැ නේ. ගොඩක් එවුන් යැපෙන්නෙ ගෙවල් වලින් .පඩියක් අරන් රස්සාවක් කළත් ගෙදර මිනිස්සු නැතුව ගොඩක් එව්වා කරගන්න බැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් ඒ අයට බැඳිලා ඉන්න වෙනවා. තමන්ගෙ අරමුණු සඵල කරගන්න බැහැ ඒ අයට නොකියා .හැබැයි කිව්වොත් සහයොගයක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්
ඔව් මචන් උඹ හරි,මම දැන් ගොඩක් වෙලාවට මගේ අදහස් එක්ක නොයන අයත් එක්ක වැඩිය ඉදිරි දේවල් කතා කරන්න යන්නේ නැ.
තනියම motivate වෙනවා,දකින කියවන දේවල් වලින්,
කිය කිය ඉන්න දෙයක් නෑ තමන් තමන්ට කියලා මතක තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන්නේ. .
අපි හිතන විදියේ හොද/හිතවත් මිනිස්සු ගොඩක් අඩුවෙන් ඉන්නේ ඒ නිසා තමන්ගේ ඉලක්කයක් ගැන කිව්වත් විශ්වාසවන්ත කෙනෙක්ටම කියන්න අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක්ට වගේ කියන්න. .
හොදම යාලුවා කියලා හිතන කෙනෙක්ට වත් කියන්න එපා. .
ගොඩක් එවුන් බලන් ඉන්නේ අපිට තල්ලුවක් දෙනවා වෙනුවට කකුලෙන් අදින්න. .
අත්දැකීමෙන් කියන්නේ. .
සිරා කථාව,අකුරක් නෑර ඇත්ත
නැකැත් රාල;20805480 said:උඹ විශ්වාස කරන දේයි උඹට ලැබෙන්නේ.
A/L Fail
පලවෙනි ජොබ් එකෙන් අස් කරනවා පඩි නොදී
කුලී ගෙදරින් ගෙදරට මාරු වේවි ඉන්නේ
සල්ලි නැති නිසා වට්ටක්කා තම්බලා පොල් එක්ක කාලා දවස ශේප් කරගන්නවා.
සල්ලි නැති නිසා බස්වල හොරෙන් යනවා
සේල්ස් කරන්න යනවා අසාර්ථකයි.
අනතුරකින් කකුලේ විලුඹ අයින් කරනවා. (සදහටම ආභාධයක් ඉතුරු වෙනවා)
දරුවෙක් වගේ හදපු බිස්නස් එක දවස් දෙකක් ඇතුලත් ඇස් පනාපිටම වැටිලා යනවා.
උඹට මේ වගේ ප්‍රශ්න තියනවද? මේ මම මුණ දීපු ප්‍රශ්න
අද
මාකටින් සහ සයිකොලොජි වලින් උසස් අධ්‍යාපනය ලබලා තියනවා
පර්චස් 60 වත්තක් එක්ක කන්දක් මුදුනේ ලස්සන තැනක ජිවත් වෙනවා
සියගානක් දෙනාට ජිවිත හදාගන්න උදව් කරනවා
ලේඛකයෙක්
දරුවෝ දෙන්නෙක් එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා
සේල්ස් කරන විදිහ උගන්නන්න කියලා ආයතන වලින් මුදල් ගෙවලා මාව ගෙන්නනවා
මචං හැමදේම උඹ විශ්වාස කරන විදිහ තමයි.
උඹ එල කොල්ලෙක් මචන්,උඹට කවදාවත් වරදින්නේ නැහැ.


සෑහෙන අවුලක් ලිහාගත්තා මේ වචන ටිකෙන්.
කරන කියන හොඳ වැඩ දියුණුවෙන් දියුණුවට පත් වේවා!!! +

