ඉවසුවා ඇති… සජිත් පන්නන යෝජනාවක් එජාප මහ ස&#35

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉවසුවා ඇති… සජිත් පන්නන යෝජනාවක් එජාප මහ ස&#35

    එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර නෙරපා දැමීම සඳහා ලබන 21 වන දින පැවැත්වීමට නියමිත පක්‍ෂ සම්මේලනය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

    එක්සත් භික්‍ෂු පෙරමුණේ ලේකම් බෝපිටියේ ධම්මිස්සර හිමියන් හා ජාතික භික්‍ෂූ පෙරමුණේ ලේකම් තීනියාවල පාලිත හිමියන් පවසන්නේ ලබන 21 වන දින පවත්වන පක්‍ෂ සමුළුවේදී සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රිවරයා පක්‍ෂයෙන් පන්නා දැමීමට යෝජනා කරන බවයි.

    මෙතෙක් කාලයක් රනිල් ආණ්ඩුවත් සමඟ ගණුදෙනුවක් ඇති බව පෙන්වීමට සජිත් කල උත්සාහයන්ට තමන් රැවටුණු බවත් රනිල් තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරන පක්‍ෂයට ගැලපෙන නායකයෙක් තවත් නොමැති බවත් සඳහන් කරන උන් වහන්සේලා අනිවාර්යෙන්ම සජිත් එජාපයෙන් පන්නා දමා දේශපාලන අනාථයෙකු බවට පත් කල යුතු බවත් එසේ නොකලහොත් එජාපයටත් රටටත් අත්වන විනාශය සුළු කොට තැකිය නොහැකි බවත් සඳහන් කරති.

    මේ අතර ඊයේ දිනයේ පැවති එක්සත් ජාති පක්‍ෂ නායකත්ව මණ්ඩල රැස්වීම සඳහා මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා නොපැමිණි අතර භට සහභාගී වන ලෙස ඔහුට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් දැනුම් දී තිබිණ.

    කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා සිය දායකත්ව ලබා නොදෙමින් තවදුරටත් නායකත්ව මණ්ඩලය මඟ හරින්නේ නම් ඉදිරියේ දී විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බව එජාප නායකයෙතු වන කබිර් හෂිම් මන්තී‍්‍රවරයා සඳහන් කලේය.

    source lankacnews
     
    • Like
    Reactions: platinumweb

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Video: UNP LC won’t wait for Sajith: Hashim

    The United National Party (UNP) Leadership Council would continue its activities towards strengthening the party without waiting for the arrival of Parliamentarian Sajith Premadasa to the Leadership Council, its member and spokesman Kabir Hashim said.

    “Mr. Premadasa keeps refusing to join the party’s Leadership Council and he was also unable to mention a reason for the refusal. Although we are trying to get him onboard we cannot postpone the duties and responsibilities. Therefore, we will continue Leadership Council duties,” he told a news conference today.

    source dailymirror.lk
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ යකා පිස්සු කෙලිනවා. හැම දේම මග ඇරලා යනවා. දැන් දෙකින් එකක් තීරණය කල යුතු තත්වයක් තියෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සජිත් ගියා කියන්නෙ යූඇන්පියෙ චන්ද තවත් කැඩෙනවා කියන එක.
    රණසිංහ ප්‍රේමදාස කාලෙ ඉඳං කරපු දේවල් වලට තාම මිනිස්සු සලකනවා.

    හරියට අත්තනගල්ලෙන් චන්ද්‍රිකා අද ඉල්ලුවත් දිනනවා වගේ. :yes:

    ඔහොම කැඩි කැඩී ගිහින් තමා යූඇන්පිය අද බංකොලොත් වෙලා තියෙන්නෙ.

    යූඇන්පියට වැලේ වැල් නෑ. :no:

    RIP UNP :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබල එලවන්න ඕන සෙට් එක හුරතල් කරකර ඉන්න ඕනේ මිනිස්සු එලවනවා ..හයියෝ unp :dull::dull:

    රනිල කට ඇරියොත් විනාසයි හත්පොලේ ගාගන්නවා උත් එක්ක ඉන්න සෙට් එකත් ඒවගේමයි ඇග ලංකාවේ එත් මනස යුරෝපේ නැත්නම් ඇමරිකාවේ ..me රටේ මිනිස්සුන්ට කතා කරන්න ඕනේ me රටේ විදිහට මිසක් යුරෝපේ ඇමරිකාවේ විදිහට නෙමේ .. මරා මොන කුප්ප වැඩ කලත් මිනිස්සුන්ට කතා කරන හැටි දන්නවා .ඔන්න ඔය ටික පුලුවන්නම් කියල දීපන් .:angry:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සජිත් එළවලා මංගල නායකයා කරා නම් හරි එලවන්ඩ ඕන එවුන් එමට ඉන්ඩ ඕන එකා එළවපියව් කිල කන්නි හැත්ත
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සිරස නම් ආණ්ඩුවේ ජනමාද්‍ය වලට දෙවෙනි නැහැ. මව්බිමත් එහෙමයි. මේගොල්ලෝ තමයි මේ හැම අවුලක්ම ඇති කරන්නේ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එලවන්න ඕන සෙට් එක හුරතල් කරකර ඉන්න ඕනේ මිනිස්සු එලවනවා .....RIP unp :D
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සජිත් කොච්චර උඩ පැන්නත් එයාට ජාතික නායකත්වයක් දරන්න තරම් උගත්කමක් හෝ පළපුරුද්දක් නෑනේ. විපක්ෂනායක, අගමැති වගේ තනතුරු දරා පළපුරුද්දක් තියෙන්න ඔනේ ජනාධිපති කමට කලින්.

    අනෙක මෙතන තදබල පන්ති භේදයක් තියෙනවා. ප්‍රේමදාසටත් ඔය කැපිල්ල තිබුණා.

    සජිත් පක්ෂය කඩාගෙන ගියොත් මිනිහත් දේශපාලන කුණුකූඩයටම වැටෙයි.

    ගස් ගල් යට කුප්පි මීටින් තියලා ගිරිය පුප්පගෙන කෑගැහුවට ජනමතය හදන්න හෝ ප්‍රතිරූපය ගොඩනගා ගන්න බෑ.

    කළ යුත්තේ නිහඩව පක්ෂය සමග එකට ඉදගෙන ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. ඒකට ඉතින් මොළයක් තියෙන්න එපායැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පට්ට පට පට,උරො කැකුණ තලද්දි හබන් කුකුල්ලුන්ට රජ මගුල්ලු. :yes::cool::cool:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;16042725 said:
    සජිත් ගියා කියන්නෙ යූඇන්පියෙ චන්ද තවත් කැඩෙනවා කියන එක.
    රණසිංහ ප්‍රේමදාස කාලෙ ඉඳං කරපු දේවල් වලට තාම මිනිස්සු සලකනවා.

    හරියට අත්තනගල්ලෙන් චන්ද්‍රිකා අද ඉල්ලුවත් දිනනවා වගේ. :yes:

    ඔහොම කැඩි කැඩී ගිහින් තමා යූඇන්පිය අද බංකොලොත් වෙලා තියෙන්නෙ.

    යූඇන්පියට වැලේ වැල් නෑ. :no:

    RIP UNP :lol:

    :sorry: hari vipakshayak nethi eka ratata maha paduwak ban
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිත් ඔකටනම් සපොට්,අම්මප.වහාම සජිත් පන්නනු. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    උට නායකත්ව උණක් ගහල තියෙන්නේ
    උ හිතන් ඉන්නේ ජාතික ඇඳුම ඇන්දම, ගමෙහ් ලිඳ සහ බෝක්කුව ගැන කතාකලම ඔක්කොම හරි කියල
    පොර නායකයෙක් උනොත් තාත්තට අන්ත වෙනව එහෙම බැලුවම මහින්ද මාම හොදයි
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    උට නායකත්ව උණක් ගහල තියෙන්නේ
    උ හිතන් ඉන්නේ ජාතික ඇඳුම ඇන්දම, ගමෙහ් ලිඳ සහ බෝක්කුව ගැන කතාකලම ඔක්කොම හරි කියල
    පොර නායකයෙක් උනොත් තාත්තට අන්ත වෙනව එහෙම බැලුවම මහින්ද මාම හොදයි


    ජාතික ඇදුම ?? කොහෙද මෑන් ජාතික ඇදුම අදින්නේ? ජාතික ඇදුමට කළිසමක් තියනවයෑ?:confused: