ඉස්පිරිතාල කතාවෙන් තෙත් උන ඩෝබින්ට 🫡

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    ජයරත්න මල් ශාලාවේ මිනී පෙට්ටි වලින් අනුරට කොමිස්...?

    " රෝගියෙක්ගෙ ගෙදරටම ඇම්බියුලන්ස් එකක් එවනවා" කියලා ඡන්දෙට කලින් පොර ටෝක් දුන්න අනුර දැන් බේරූවලට ඇවිත් කියන කතා ඇහුවම පස්ස පැත්තෙ මසල්ස් රිදෙනවා හිනා වෙලාම..

    රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යථාර්ථය ගැන කිසිම වැටහීමක් නැති, නිකන්ම "පොත් තියරි" විතරක් ඔලුවේ තියාගත්ත පාලකයින්ගේ අලුත්ම යෝජනා දැක්කම හිතෙන්නේ මේ යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය හදපුවා නෙවෙයි, "ජයරත්න මල් ශාලාවේ" සකස් කරපු මිනී පෙට්ටි විකුණාගැනීමේ ව්‍යාපෘතියක් ද කියලා..

    දැන් අලුත් සිස්ටම් එකක් ගේනවාලු, අසනීප උණාම කෙලින්ම ඉස්පිරිතාලෙට දුවන්න බෑ. කලින් "ප්‍රජා සෞඛ්‍ය සේවාවේ" දොස්තර මහත්තයෙක් ගාවට ගිහින්, එයාගෙන් සීල් එක ගහලා අනුමත කරලා ලියුමක් අරං තමයි ප්‍රධාන රෝහලකට යන්න ඕනේ...

    ඒක සාර්ථක කරන්න" ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථාන " 1000 ක් හදනවා කියලා ලොරි ටෝකුත් දෙනවා...

    හුකෑස්....1000 ක් 😁😂

    අනේ ප්ලයං බං යන්න.. ඕවා හදන්නෙත් වැලි කොට්ට වලින්ද..?

    පුළුවන් නම් බිමල්ට කියලා තියෙන ඉස්පිරිතාලවල පේන්ට් ටිකක් ගාවන්න.. පොර ඒකට දක්ෂයා..

    මම ආසම අනුර මෙහෙම කිව්වාම අත්පොඩි ගහන උන්ට..

    උන්ම තමයි තහඩූවකට ලක්ෂ 10 ක් දෙනවා කිව්වාමත් විසිල් ගැහුවෙ..

    මේ කරන්න යන්නෙ තනිකරම " කොපි පේස්ට්" වැඩක්..

    දැනටමත් ලංකාවේ ඉන්න දොස්තරලා ටික බේත් නැති කමටයි, පහසුකම් නැති කමටයි කලකිරිලා රට දාලා යනවා. රෝහල්වල ඉන්න දොස්තරලා ප්‍රමාණය අන්තිම අඩුවක තියෙන්නේ.

    බ්‍රිතාන්‍යය, යුරෝපය, ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල මේ කියන 'දොරටුපාලක ක්‍රමය' (Gatekeeping System) සාර්ථක වෙන්නේ එහේ ජනගහනය 1,000කට වෛද්‍යවරුන් 3.5 සිට 4ක් විතර ඉන්න නිසයි.

    හැබැයි ලංකාවේ ජනගහනය 1,000කටම ඉන්නේ වෛද්‍යවරුන් 1.2ක් වැනි සොච්චම් ප්‍රමාණයක්..

    ඔය දියුණු රටවල ඉන්න ලංකාවෙ සමහර එවුන් දතක් ගලවන්න එන්නෙත් ලංකාවෙ ඉස්පිරිතාලවලට..

    නිකං අහලා බලපන්කො බොරුද කියලා..

    ඒ කියන්නේ ලංකාවේ දොස්තර කෙනෙක් උසුලන රෝගී බර ඒ රටවල් වගේ තුන් ගුණයකටත් වඩා වැඩියි.

    අනිත් පැත්තෙන් රටේ දරුණු බෙහෙත් හිඟයක්. ඉස්පිරිතාලෙකට ගියත් සාමාන්‍ය පැරසිටමෝල් පෙත්තේ ඉඳන් හැමදේම ලියන්නේ එළියෙ ෆාමසියෙන් ගන්න.

    ඒ අස්සෙ NMRA (ජාතික ඖෂධ නියාමන අධිකාරිය) විසින් පනවා ඇති අදූරදර්ශී මිල සූත්‍රය Price Formula ) හේතුවෙන් අද වෙනකොට පෞද්ගලික ෆාමසිවල පවා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සොයාගන්න නැති තත්වයක් උදාවෙලා තියෙනවා.

    පෞද්ගලික අංශය පැත්තකින් තිබ්බත්, රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව පිහිටක් පතාගෙන යන රජයේ රෝහල්වලත් අද තත්වය මේකමයි. සරලම වේදනා නාශකයක ඉඳන් බෝ නොවන රෝග සහ බරපතළ රෝග සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ පවා රජයේ රෝහල්වල නෑ.

    රෝගීන්ට සිද්ධ වෙලා තියෙන්නේ බෙහෙත් තුණ්ඩුව අරන් රෝහලෙන් පිටතට ඇවිත් රස්තියාදු වෙන්නයි.

    පෞද්ගලික අංශයේත් බෙහෙත් හිඟ කරලා, රජයේ රෝහල්වලත් බෙහෙත් නැති කරලා, මේ කරන්න යන්නේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙන අමු තක්කඩි වැඩක් නෙවේද?

    බයිලා නැතිව තියෙන ඉස්පිරිතාලවලට වෛද්‍යවරු වැඩි කරලා, දැනටමත් පට්ට හිඟයක් තියෙන බෙහෙත් ටික ගෙනත් දාලා, පොරොන්දු වෙච්ච විදියට වැට් එක අයින් කරලා එලියෙ ගන්න තියෙන බෙහෙත් ටිකට සහන මිලක් දීහං..

    කරන්න බැරි වැඩ ගැන ලොරි ටෝක් අහලා දැන් ඇති වෙලා..

    මිනිස්සු පෞද්ගලික රෝහල්වලට යන්නේ සල්ලි වැඩි නිසා නෙවෙයි. රජයේ රෝහල්වල තියෙන දරාගන්න බැරි "රස්තියාදුව" සහ බෙහෙත් නැති නිසයි.

    දැන් රෝගින්ට ඩබල් රස්තියාදු වෙන්න සිදු වෙනවා..

    දැන් මේ ක්‍රමය හඳුන්වා දුන්නාම වෙන්නෙ පෞද්ගලික රෝහල්වල බිස්නස් ඩබල් වෙන එක..

    පොදු ජනතාවගේ නායකයා, තඹුත්තේගම තනි තනි සිග්නල් කණුව ළඟ රංබණ්ඩාගෙ පුතා කෙලත් නොගා සාමාන්‍ය ජනතාවට අරින්නෙ මෙහෙමයි..

    හදිසි අමාරුවක් හැදුණු ලෙඩෙක් මුලින්ම ප්‍රජා සෞඛ්‍ය සේවයේ දොස්තර ගාව පෝලිමේ ඉඳලා, එතනින් ලියුම අරන් මහ ඉස්පිරිතාලෙට යනකොට බඩු බනිස්...

    අවසානයේ වෙන්නේ අමාරු ලෙඩ්ඩු මේ තැන් දෙකකට රස්තියාදු වෙන්න ගිහින් "අතරමගදීම මියැදෙන" එකයි.

    ඉතින් මේවා සෞඛ්‍ය ප්‍රතිපත්තිද, නැත්නම් ජයරත්න මල් ශාලාවට මිනී පෙට්ටි බිස්නස් වැඩි කරන සෘජු යෝජනාද කියලා සැක හිතෙන්නෙ නැද්ද..?

    මේ සේරම අස්සේ අනුර තව ආතල් කතාවක් කියනවා මිනිස්සු "ආතල් එකටත්" රජයේ රෝහල්වලට යනවාලු..

    ලංකාවේ කොහේ හරි ඉන්නවද බංකුවක් උඩ ලැගගෙන, බෙහෙත් පෝලිම්වල පැය ගණන් රස්තියාදු වෙන්න "ආතල් එකට" යන එකෙක්...?

    ආතල් එකට යන්න රජයෙ රෝහල් ෆයිව් ස්ටාර් හොටෙල් වගේනෙ.. මිනිස්සු මේ රටේ අකමැත්තෙන්ම යන තැන තමයි ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ..

    ලෙඩක් දුකක් වුණාම අසරණ වෙන මිනිස්සුන්ව මේ විදිහට පාලකයෝ උපහාසයට ලක් කරන්නේ කොහොමද..?

    මේ හැම සෙල්ලමක්ම දාන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, මසුරු සිටානො අනුර නිදහස් සෞඛ්‍ය සේවයට වෙන් කරන ප්‍රතිපාදන, බෙහෙත්වලට යන සල්ලි ටිකටත් කෙලලා දාන්න..

    මිනිස්සුන්ට බෙහෙත් නොදී මරලා දාලා ඒ සල්ලිත් ඉතුරු කරලා භාණ්ඩාගාරය පිරිලා කියලා පම්පෝරි ගහන්න..

    න්‍යායාත්මක ලෝකවල ඉඳන් පොත් කටපාඩම් කරලා රටවල් පාලනය කරන්න බෑ..

    බිම් මට්ටමේ ඇත්ත තිත්තයි. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වගෙ තුට්ටු දෙකේ යෝජනා වහාම අකුලා ගන්න ඕන..

    මේ වෙන බම්බුවක් නෙවෙයි නිදහස් සෞඛ්‍යට කෙලින්න යන්නෙ..

    හැබැයි එක සැනසිල්ලකට තියෙන්නෙ මේවා අනුරගෙ සුරංගනා කතා පොතේ තවත් එක කතාවක් විතරයි කියලා දන්න නිසා..

    මේවා කවදාවත් නොකෙරෙන ඩෝබිලා තෙත් කරන ඔන්ලි ටෝක්ස් විතරක් නිසා..

    කෙහෙල් ගෙඩියෙ නැට්ට හයි කරගන්න බැරි උන එකා හදයි වෛද්‍ය ප්‍රජා ශාලා දාහක්.. හදයි පගක්..

    නිලන්ත සත්සර ගමගේ✍️

    බුබකියෙන්
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,779
    113
    ලංකාව වගේ රටවල් වලට මොන යුනිවර්සල් හෙල්ත්කෙයාර් සිස්ටම්ස්ද.. අඩුකුලේ පොන්න හැත්ත තමා බාගෙට බාගයක් ඉන්නේ.. කූඩැල්ලෝ් මෙට්ටෙන් තියන්න බැනේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    ආණ්ඩුවේ ගොන් කතා වහන්න, පොහොට්ටුවේ ගොන් කතා දැම්මම හරිද 🤭
    1788775472063-png.269606
     
    • Haha
    Reactions: mall_9n

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    NPP ප්‍රජා සෞඛ්‍ය සේවාවේ Hospital yanna recommondation denna Sumanayak wath yai da? Anika Recommend karanna " oya NPP da nedda ahai da? Gamey NPP kamituwe chairmen gen ekata letter ✉️ genna wei da??

    Ohoma giyoth Leda marei 🤤
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    ඔන්න බලපං අවුරුදු 2ක ප්‍රගතිය..මාලිමාවට ජය වේවා😍

    1 වෙනි අවුරුද්ද
    gD4TfpT_d.jpeg



    2 වනි අවුරුද්ද...
    7z4UpS6.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ඕක තමයි කොමියුනිස්ට් ක්‍රමේ. හැම උලව්වම ආණ්ඩුවෙන් කරන්න යන්නේ. ඉතාම ධනවත් කීප දෙනෙක් විතරක් සිස්ටම් එකෙන් ගැලවෙයි. ඉතුරු අවසනාවන්තයන්ගේ ඉරණම තියෙන්නේ පක්ෂය අතේ.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    • Haha
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    රාජපක්ෂ හොරා කියලා තුන් පාරක් කීවම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න අනුමැතිය දෙනවලු 🤣

    හී හී හී.. නියම ජෝක් එක.. හී හී හී