ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් හමුදාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ESEoahq.jpg


    කාලයෙන් කාලයට ත්‍රස්තවාදී සංවිධාන අලුත් අලුත් උපක්‍රම හොයා ගන්නවා සටන් කරන්න.ඔය වගේ අලුත් අදහස් ප්‍රැක්ටිකලි පාවිච්චි කරපු ත්‍රස්තවාදී කල්ලියක් තමයි මේ අයි එස් අයි එස් නානලා..නානලාගේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ගැන අපි කලින් කතා කලානේ.මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්න යන්නේ උන්ගේ ඩ්‍රෝන් හමුදාව ගැන.කලින් ත්‍රෙඩ් එකක කෙනෙක් ඩ්‍රෝන් ගැන ලියන්න කියලා තිබ්බ නිසා මේක දාන්න හිතුනේ.මේකත් කොටස් තුන,හතරක් විතර ඇදෙන්න පුලුවන් නිසා සමහරුන්ට එපා වෙන්නත් පුලුවන්.එහෙම වුනොත් අපි ත්‍රෙඩ් ටික පුලුවන් තරම් සංක්ෂිප්ත කරලා දාන්න බලමු.

    ලෝකයේ තාක්ෂණය දියුණු වෙද්දී ඒකෙන් ප්‍රයෝජන ගන්න එක කොටසක් තමයි ISIS ත්‍රස්තවාදියෝ.21 වන සියවසේ ආගමික උන්මත්තක කල්ලිය තමයි මන් හිතන්නේ තාක්ෂණය අතින් ඉදිරියෙන්ම හිටිය ත්‍රස්තවාදී කණ්ඩායම.

    මුන්ගේ ඩ්‍රෝන් හමුදාව කාලයකට ඉස්සර සිරියාවේ ඉරාකයේ හමුදාවන්ට වගේම සිවිල් ජනතාවටත් ලොකු තර්ජනයක් වෙලා තිබ්බේ.දැන් නම් හුගක් දුරට උන්ගේ තර්ජනය අඩුවෙලා තියෙන්නේ.

    මුල් කාලේ ISIS නානලා ඩ්‍රෝන් පාවිච්චි කලේ ඔත්තු බලන්න.මේ වැඩේට උන් ඊබේ වගේ සයිට්වලින් ඕඩර් කරන්න පුලුවන් කමර්ෂල් ඩ්‍රෝන් යානා තමයි යොදාගෙන තිබ්බේ.2015 ඉරාකයේ රමාඩි නගරයට ඉහළින් එකේ ඩ්‍රෝන් යානා පියාසර කරනවා ඉරාක හමුදාව දැකලා තියෙනවා.එක පාරක් උතුරු ඉරාකයේ බෂිකා කෑම්ප් එකේ හිටිය තුර්කි හමුදාවේ සෙබලුන් කණ්ඩායමකට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුනා.ඊට මිනිත්තු 15කට විතර කලින් සෙබලුන්ට ඩ්‍රෝන් එකක් දකින්න ලැබුණා.

    පස්සේ කාලේ මුන් ඩ්‍රෝන් යානා අවශ්‍ය විදියට වෙනස් කරලා අලුත් උපක්‍රමයක් විදියට යොදාගෙන තියෙනවා.මේ වැඩ කරන්න යොදාගෙන තිබ්බ කම්හලක් 2016 පෙබරවාරියේ ඉරාකයේ රමාඩි මෙහෙයුමේදී ඉරාක හමුදාව අල්ලගන්නවා.ඒකේදී හම්බ වුන දේවල් වලින් පෙනුනේ උන් ඩ්‍රෝන් යානා සන්නද්ධ කරන්න හදලා තියෙන බව.

    KGs9cIE.jpg

    ඩ්‍රෝන් කම්හලේ තිබිලා හම්බ වුන සැලකිල්ලක්.ඩ්‍රෝන් යානයක නිෂ්පාදනයේ ආරම්භක අවස්ථාවක්


    ඒ කාලයේ ISIS නානලා සෙට් එක උන්ගේ ඩ්‍රෝන් පාවිච්චි කලේ හුගක්ම ඔත්තු බලන්න,මෝටාර්,කාලතුවක්කු සහ රොකට් ප්‍රහාරවලට ඉලක්ක ගන්න.ඒ ස්ථිර ඉලක්ක වලට පහර දෙන්න විතරයි.

    එක පළවෙනි වතාවට ප්‍රහාර එල්ල කරන්න ඩ්‍රෝන් යානා පාවිච්චි කලේ තුර්කි හමුදාව ගහන්න.මේක සිද්ධ වෙන්නේ 2016 සැප්තැම්බර් 27දා.ඒ වෙද්දී තුර්කි හමුදාව උතුරු සිරියාව ආක්‍රමණය කරනවා.මේ මෙහෙයුමට දීලා තිබ්බේ යුප්‍රටීස් ෂිල්ඩ් කියන නම.යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගා ගැන අහලා ඇතිනේ පොඩි කාලේ ඉතිහාසය පාඩම්වලදී.

    ඔය ප්‍රහාරයෙන් තුර්කි සෙබලුන් තුන්දෙනෙක් තුවාල වෙනවා.නානලා කරන්නේ පොඩි ඩ්‍රෝන් යානයේ යටි පැත්තේ ග්‍රෙනේඩ් සයිස් බෝම්බ රදවලා අවශ්‍ය තැනට අරන් ගිහින් අත අරින එක.

    2akmdeC.jpg

    මේ තියෙන්නේ ISIS ඩ්‍රෝන් එකක්.අතේ තියෙන්නේ ඒවායි බිම දාන බෝම්බ

    පොඩි ක්වාඩ්කොප්ටර් ඩ්‍රෝන් එකක් බිම දාන්න ඒකාලේ පාවිච්චි කලේ මැෂින් තුවක්කු නැත්නම් රයිෆල්.මේ තියෙන්නේ ඩ්‍රෝන් ප්‍රහාරයක වීඩියෝ එකක්(ඉරාකයේ මෝසුල් සටනේ).මේකෙදී බෝම්බය දාන්න කලින් ඩ්‍රෝන් එක බිම දාගන්න බැරි වෙනවා.අන්තිම වැටුණු බෝම්බයේ පිපිරීමෙන් සෙබලුන්ට තුවාලත් වෙනවා.





    එක පළවෙනි පාරට ඉරාකයේදී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නේ 2016 ඔක්තෝම්බර් 2දා.ඒ උතුරු ඉරාකයේ මෝසුල් නගරය අල්ල ගන්න මෙහෙයුමකට සුදානම් වෙමින් හිටිය කුර්දි සටන්කාමියෝ ඉලක්ක කරලා.මේ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් නම් කුර්දි සටන්කාමීයෙක් මියෙදෙනවා.ප්‍රංශ විශේෂ බලකා සෙබලුන් දෙන්නෙකුට සෑහෙන්න තුවාල වෙනවා.

    T4KX1CO.jpg

    ඩ්‍රෝන් ප්‍රහාරයෙන් තුවාල වුනා කියන ප්‍රංශ සෙබලෙක්


    eHaVBuw.jpg

    2016 අවුරුද්දේ කුර්දි සටන්කාමීන් බිම දාපු ISIS ඩ්‍රෝන් එකක්.

    2016 දෙවන භාගයේදී එකේ ඩ්‍රෝන් ප්‍රහාර වැඩි වෙනවා.උන්ගේ ඉලක්ක වෙන්නේ ඉරාකය මුදා ගන්න සටන් කරන හමුදාවයි සිරියාවේ රක්කා මෙහෙයුමට සහභාගි වෙලා හිටිය කුර්දි සටන්කාමීනුයි.ඔය මෙහෙයුම්වලට ඇමෙරිකානු හමුදාවත් එකතු වෙලා හිටියා.මේ ඩ්‍රෝන් තර්ජනය ගැන ඇමෙරිකන්කාරයෝ අවදානයෙන් හිටිය නිසා කිසිම ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඇමෙරිකන් සෙබලෙක් මැරුණේ නෑ.ඒත් ඉරාක හමුදාව මේ ප්‍රහාරවලින් හානි සිද්ධ වුනා.

    RgizDRr.jpg

    ISIS ඩ්‍රෝන් එකකින් බෝම්බයක් දාන්න හැටි

    ISIS නානලා පටන් ගත්තු ඩ්‍රෝන් ප්‍රහාර අන්තිමට හිස්බුල්ලා වගේ ත්‍රස්තවාදී කණ්ඩායම් පවා පාවිච්චි කරන්න ගත්තා.ඉන්පස්සේ යේමනයේ හූති සටන්කාමියෝත් මේ උපක්‍රමයට හුරු වුනා.හූති සෙට් එක තමයි ඩ්‍රෝන්වලින් උපරිම ප්‍රයෝජනය ගන්නේ මේ වෙද්දී.සෞදියට එහෙම ඇටි හැලෙන්න දුන්නේ හූති ඩ්‍රෝන්වලින්.හැබැයි උන්ට ඩ්‍රෝන් ටෙක්නොලජි එක ලැබෙන්නේ ඉරානයෙන්.

    2010 දශකය මුලු ලෝකයටම ඩ්‍රෝන් තාක්ෂණයේ වැදගත්කම පෙන්නපු දශකයක් කිව්වොත් හරි.ත්‍රස්තවාදී සංවිධානයක් ඩ්‍රෝන් තාක්ෂණය ලබා ගද්දී ලෝකේ අනිත් රටවලටත් ඒකට හුරු වෙන්න සිද්ධ වුනා.ඉරාක හමුදාව ස්නයිෆර්කරුවෝ හඳුන ගන්න,මුලින්ම උදව් ඕනේ කරන තුවාලකරුවෝ කවුද කියලා හොයා ගන්න වගේ දේවල්වලට ඩ්‍රෝන් යානා පාවිච්චි කලා.නානලාගෙන් අල්ල ගත්ත ඩ්‍රෝන් පාවිච්චි කරලා උන්ටම ගහන්න ඉරාකය හමුදා පස්සේ කාලේ හුරු වුනා.ඊට පස්සේ තමයි චීනෙන් ලාබෙට ප්‍රහාරක ඩ්‍රෝන් යානා අරන් අමාරුවේ වැටුනේ.

    ඔය දශකයේ ඉරානය මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා හැදුවා.එතකොට රුසියාව තමන්ගේ පළවෙනි ප්‍රහාරක ඩ්‍රෝන් යානා ඩිවෙලොප් කිරීම පටන් ගත්තා.අන්තිමට අපේ යුද හමුදාවත් ඩ්‍රෝන් රෙජිමේන්තුවක් පිහිටෙව්වා.පොඩියට හරි පටන් ගත්තු එක ලොකු දෙයක් නේ.

    A6xPS2C.jpg


    ඔන්න එහෙනම් අපි කතාවට ආරම්භයක් ගත්තා.ඊළඟ කොටසින් තමයි හුගක් දේවල් කතා කරන්න හිතාගෙන ඉන්නේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    සුදු යාළු ට කියන්න ඕන වැදගත් ම දේ කියවිල නෑ.

    හෙළ යක්ක පුත්තු තමයි මුලින්ම ඔය තාක්ෂණය භාවිතා කලේ. රාවණාගේ ඩ්‍රෝන් හමුදාවේ ස්නයිෆර් බළකායේ දස්කම් දැක්වූ හෙළයෙක් තමා දැන් අද උදේම ලෑස්ති වෙලා ගිහින් ඔලේවල් ලිවුවේ.
     
    • Haha
    Reactions: Error365!

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    සුදු යාළු ට කියන්න ඕන වැදගත් ම දේ කියවිල නෑ.

    හෙළ යක්ක පුත්තු තමයි මුලින්ම ඔය තාක්ෂණය භාවිතා කලේ. රාවණාගේ ඩ්‍රෝන් හමුදාවේ ස්නයිෆර් බළකායේ දස්කම් දැක්වූ හෙළයෙක් තමා දැන් අද උදේම ලෑස්ති වෙලා ගිහින් ඔලේවල් ලිවුවේ.
    😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,487
    32,222
    113
    dan photography karana ekektawath drone yawanna denne nathiwenawa sadahatama mewa dakina srilanka army eka :oo:
     
    • Like
    Reactions: Dr.Amdan

    Hugh Janus

    Member
    Dec 1, 2020
    24
    25
    3
    සුදු යාළු ට කියන්න ඕන වැදගත් ම දේ කියවිල නෑ.

    හෙළ යක්ක පුත්තු තමයි මුලින්ම ඔය තාක්ෂණය භාවිතා කලේ. රාවණාගේ ඩ්‍රෝන් හමුදාවේ ස්නයිෆර් බළකායේ දස්කම් දැක්වූ හෙළයෙක් තමා දැන් අද උදේම ලෑස්ති වෙලා ගිහින් ඔලේවල් ලිවුවේ.
    danuwath una.
    Amen.
    jesu pihitai
    hallelujah
    Col mi imo
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    niyamai bro. hri aasawen kiyewwaa
    යුද්දේ කාලේ හමුදවෙන් පවිච්චි කරපු "කේලමා" එක ගැනත් විස්තර දාන්න.
     
    • Like
    Reactions: Dr.Amdan