මචන් ලා උඹලා ඊබේ එකෙන් ගන්න බඩු පරක්කු වෙද්දි, එවුන් දෙන ට්රැකින් නම්බර් ඒක තියාගෙන ඒ බාණ්ඩය දැන් කොයි හරි යේද තියෙන්නේ කියලා හොයලා බලනවා නේද.
ඒ ට්රැකින් නම්බර් ඒක යෙදුවාට පස්සේ නිසි ආකාරයෙන් පෙන්නුම් කරන සයිට් එක මොකක් ද කියලා විස්තර කරනවා ද.
හේතුව සමහරක් සයිට් වල අපි බලාපොරොත්තු වෙන විස්තර නෑ,.

තවත් සමහරක් වල සල්ලි ඉල්ලනවා වැඩි විස්තර බලා ගන්න.

උඹලා පාවිච්චි කරන ෆ්රී ට්රැකින් සර්ච් කරන සයිට් එක කියපල්ලා මචන් ලොකු උදව්වක්.
මේකට නිසි උත්තරයක් ලැබෙන කම් අනිත් පින්වතුන් බම්ප් එකක් මගින් සහයෝගයක් දියල්ලා.