අපට වුණ අසාධාරණේට යුක්තිය ඉටු කරන්න - ටීචර් අම්මාගෙන් පහරකෑ තරුණයාගේ මව මාධ්‍ය හමුවක
2 hours ago
ආන්දෝලනයක් ඇතිකරමින් ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැති 5 ශිෂ්‍යත්ව ගුරුවරිය තරුණයෙකුට පහරදුන් සිදුවීමට තවම සාධාරණයක් ඉටුවී නැතියි කියමින් පහර කෑ තරුණයාගේ මව හා ඥාතීන් එක්ව අද (16) මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. සමාජ මාධ්‍ය පණිවිඩයක් යැවූ බව කියන තරුණයාගේ අක්කා සහ තරුණයාගේ මව මෙහදි අදහස් දක්වා තිබුණි.
එහිදී පළවූ අදහස් පහත පරිදිය.
තරුණයාගේ මව ධම්මිකා අගලවත්ත එහිදී මෙසේ කීවාය
"මගේ පුතාට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හර්ෂිකා ප්‍රනාන්දු කියන ටීචර් අම්මා තමයි මේකට සම්පූර්ණ මැදිහත් වෙලා තියෙන්නේ. එදා සිද්ධිය මෙන්ම මේ හිරකරගෙන ඉඳලා ඉඳලා මං උසාවි නියෝගය මත දිග ඇරියා. හැමෝටම දැනගන්න අද මට කියන්න තියෙන්නේ මගේ දරුවාට යුක්තිය ඉටු වුණේ නෑ, සාධාරණයක් ඉටු වුණේ නෑ,"
ඇය වැඩිදුරටත් පැවසුවේ පුතා දැනට රෝහල්ගත කර ඇති බවත්, මීගමුව රෝහලෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවූ බැවින් රාගම රෝහලට මාරු කළ බවත්ය. අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මත තරුණයා කොළඹ ජාතික රෝහලේ 33 වාට්ටුවට මාරු කර ඇති බවයි.
පසුගිය දාහතර වැනිදා පැවති උසාවි නඩු විභාගයේදී, චෝදනා ලැබූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් රැසක් පෙනී සිටි බව අගලවත්ත මහත්මිය කීය. පීඩිතයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා ඇතුළු නීතිඥවරුන් පෙනී සිටියහ.

